මහින්දානන්දගෙන් අභියාචනයක්! ඇප ඉල්ලයි!
බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍යයෙක් මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින් ඊට අදාල කටයුතු සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
පසුගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් හිටපු අමාත්‍යවරයාට වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.
ඔහුට ලැබුණු ත‍්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට එරෙහිව එක් වරක් අභියාචනායක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.
එය නඩු තීන්දුව ලැබී දින 28ක් ඇතුළත සිදු කළ යුතු බවයි නීති විශාරදයන් පවසන්නේ.
අදාල අභියාචනය මත ඇප ඉල්ලා සිටීමටද ඔවුන්ට හැකියාව ලැබෙන අතර අභියාචනාව පිළිගැනීම නොපිළිගැනීම හෝ ඇප ලබාදීම හෝ නොදීම අධිකරණය විසින් තීරණය කෙරෙනු ඇත.
The post මහින්දානන්දගෙන් අභියාචනයක්! ඇප ඉල්ලයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/U2tGr3H
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home