https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනාට වැදගත් දැනුම්දීමක්

Tuesday, June 10, 2025

ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනාට වැදගත් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමට එම ආයතනය සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරයි.

මෙම පියවර ගැනීමට හේතුව වන්නේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන, ප්‍රමිතීන්ට අනුකූල නොවන සන්නිවේදන උපකරණවලින් ජනතාවට වන අපහසුතා සහ තොරතුරු තාක්ෂණික අවහිරතාය.

කර්මාන්තයට නව ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, ලියාපදිංචි නොකළ උපකරණ හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

විදේශිකයින්ගේ ජංගම උපකරණ භාවිතයට මේ ක්‍රමවේදයෙන් බාධා නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසීය.

The post ජංගම දුරකථන භාවිතා කරන සියලුම දෙනාට වැදගත් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/I8XMl97

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home