https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මෙරට ලොතරැයි ඉතිහාසයේ ලොකුම සල්ලි මල්ල ජයග්‍රහණය කරයි! ලක්ෂ 4745ක තෑග්ගක්!

Tuesday, June 17, 2025

මෙරට ලොතරැයි ඉතිහාසයේ ලොකුම සල්ලි මල්ල ජයග්‍රහණය කරයි! ලක්ෂ 4745ක තෑග්ගක්!

මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රහකයෙකු බිහිකිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා.

මෙගා පවර්  2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකක(474,599,422.00) ත්‍යාග මුදල සහිත ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ  එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

එම වාර්තාව ඊයේ(16) දිනයේදී යලිත් වරක් අලුත් කෙරුණා.

The post මෙරට ලොතරැයි ඉතිහාසයේ ලොකුම සල්ලි මල්ල ජයග්‍රහණය කරයි! ලක්ෂ 4745ක තෑග්ගක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z0u3Tm6

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home