https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: May 2025

Saturday, May 31, 2025

ප්‍රවේශම්වන ලෙස දැනුම්දීමක්! රෝග දෙකක් වසංගත මට්ටමක!

ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවය.

වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමානයි බවය.

මේ අතර අද පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවය.

පවතින අධික වර්ෂාවත් සමඟ මේවන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරෙන් පසු චිකුන්ගුන්යා රෝගීන්ද වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

The post ප්‍රවේශම්වන ලෙස දැනුම්දීමක්! රෝග දෙකක් වසංගත මට්ටමක! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/d6ANgGv

Labels:

අද මෝර සූරන වැසි වැටෙන ප්‍රදේශ

අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු- මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. 

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post අද මෝර සූරන වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8kyZMcz

Labels:

Friday, May 30, 2025

කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩා වැටෙයි! ග්‍රෑන්ඩ්පාස්හි නිවාස 6ක් මතට විශාල ගසක්!

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකි‍යි.

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

The post කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩා වැටෙයි! ග්‍රෑන්ඩ්පාස්හි නිවාස 6ක් මතට විශාල ගසක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ydXxepm

Labels:

අද ලොකු වැස්සක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති වෙයි.

උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

The post අද ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/P6j4A1n

Labels:

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කරයි! බදු සතියේදී කරන්න යන දේ මෙන්න!

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව ඔස්සේ ජූනි (02) සඳුදා උදේ 9.30ට බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති  බදු ශක්ති – ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රටේ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රවේශයක් ලෙස බදු සතිය ක්‍රියාත්මක කරන බවත් ජනතාව තුළ බදු ගෙවීමට ඇති  වී ඇති අසුබ වාදි ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරිමත් බදු ක්‍රමයේ ඇති විනිවිදභාවය සහ වගවීමෙන් යුක්ත නව බදු සංස්කෘතකියක් ඇති කිරීමත් යන ප්‍රධාන කාරණා අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

ජනතාව ගෙවන බදු මුදල් රටේ සංවර්ධනයටදායක වන්නේ කෙසේද? එම බදු මුදල්වලින් අපේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද ?  යන කරුණු මුල් කරගෙන බදු සතිය තුළදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත්  එම දැනුවත් කිරීම් තුළින් බදු අනුකූලතාවය ඉහළ නැංවීමට සහ ප්‍රධාන වශෙයෙන් බදු පදනම පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කර්යාලය යටතේ  බිහි කළ ආදයම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශයයේ නිලධාරින් සහ  මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව අපේ රටේ බදු ආදායමේ 90% කට දායකත්වය ලබා දෙන  ප්‍රධාන දෙපාර්තමේන්තු වන දේශිය ආදායම් ,රේගු සහ ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තු 03 න එකතු වී රජයේ බදු ආදායම  ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කිරීමටත් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමත් සිදු කරන බව ඒ මහතා පැවසිය.

බදු  යනු බලෙන් ලබා ගත නොහැකි දෙයක් බවත් ජනතාව තමන් ගෙවිය යුතු බදු කොටස නිසි වේලාවට ගෙවා ඒ බදු මුදලට අදාළ වාර්තා නිසි වේලාවට ලබා ගෙන අදාළ දෙපාර්තමේන්තුවලට භාර දි බදු  අනුකූලතාවය ඉහළ නැංවීම කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් බදු ශක්ති වැඩසටහනේදී ජනතාව දැනුවත් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අපේ රට සංවර්ධන කරා යන ගමනේදි ජනතාව ගෙවන බදු මුදල් නිසි ආකාරව ඒ සඳහා යොමු වන අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්තුමා , බදුවලට යටත් වන අපේ රටේ ජනතාවට සහ බදු සඳහා ලියාපදිංචි නොවු පිරිස්වලට තමන් ඒ බද්ධට යටත්වෙනවා නම් ලියාපදිංචි වී තමන්ගේ වගකීම ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.

The post ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කරයි! බදු සතියේදී කරන්න යන දේ මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0zntZoP

Labels:

Thursday, May 29, 2025

දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරුගේ ලක්ෂ සිය ගණනක දේපළ තහනම් කරයි

දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.

ඊට ඇඹිළිපිටිය මහ රෝහල ආසන්නයේ පිහිටි තෙමල් ගොඩනැගිල්ලක්, චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළු දේපළ ඇතුළත් බව සඳහන්.

මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වීම හේතුවෙන් අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කර තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

The post දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරුගේ ලක්ෂ සිය ගණනක දේපළ තහනම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YgWZiIX

Labels:

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක මිල පරාසයන් නිකුත් කරයි

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම මිල පරාසයන් ජූනි මස 01 වනදා දක්වා වලංගු වේ.

The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක මිල පරාසයන් නිකුත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/alLSb7D

Labels:

Wednesday, May 28, 2025

ජනපති හොඳටම සැර වෙයි! බාධාකළොත් බලාගෙනයි!

ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට ඉඩ නොදෙන්නේ නම් තම පක්ෂය පරාජය වූ ආයතන වලද බලය පිහිටු වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පළාත් පාලන ආයතන 152ක මන්ත්‍රිවරු ගැසට් කර විගසම ඒවායේ බලය පිහිටුවීමේ හැකියාව තිබෙන බවත් තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රිවරු සංඛ්‍යාවක් සිටින්නේ තම පක්ෂයට බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග කර ජයගත් අපේක්ෂකයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ඒත් යම් යම් පාර්ශ්ව එකතු වුණාම අපි ටිකක් පිටිපස්සෙන් ඉන්නවා. ඒත් ඒ 115ම අපිට බලය පිහිටුවන්න හැකියි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි වෙනත් දේවල් කරන්න ආවොත් ඒ ඉතුරු ආයතනවලත් අපිට බලය පිහිටුවන්න පුළුවන්. අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕන. නව නායකයන් හදන්න ඕන.”

The post ජනපති හොඳටම සැර වෙයි! බාධාකළොත් බලාගෙනයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/msAnxFa

Labels:

Tuesday, May 27, 2025

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් සංශෝධනය වෙයි

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් එළැඹෙන ජුනි 01 වැනිදා සිට ප්‍රතිශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝදනය කිරීම සඳහා පසුගිය මැයි මස 23 වැනි දින පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරය කභා රැස්වීමේදි පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොව කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර සඳහා අයකරනු ලබන ගාස්තුව ප්‍රතිශෝදනය කර ඇති අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ත් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් අය කිරීමට තීරණය කර තිබේ. 

තවද පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට මෙහිදී කාරක සභාව විසින් තීරණය කර ඇත. 

මෙම මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධව භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයක් බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර තිබේ.  

මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවකි.

The post පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් සංශෝධනය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9wQKYZr

Labels:

වසර 16කට පසු රට පුරා වේගයෙන් පැතිර යන රෝගයක් ගැන අනාවරණයක්

චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව වසර 16කට පසු පසුගිය වසර අවසානයේ සිට චිකුන්ගුන්‍යා විශාල වසංගතයක් ලෙසින් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නිලීකා මලවිගේ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

The post වසර 16කට පසු රට පුරා වේගයෙන් පැතිර යන රෝගයක් ගැන අනාවරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xm8BPXA

Labels:

Monday, May 26, 2025

ඉමිතියාස් බාකීර් මාකරුත් සජිත් ප්‍රේමදාසට බෑ කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරය නැවත භාරගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

පසුගිය නොවැම්බර් මස මහ මැතිවරණයෙන් පසුව ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය.

මහමැතිවරණයේදී ලද පරාජයෙන් අනතුරුව පක්ෂයේ සිදුවිය යුතු ප්‍රතිසංවිධානයන් පිළිබඳව ඔහු පක්ෂ නායකත්වයට දැනුවත් කිරීම සිදු කළද ඒ වෙනුවෙන් ධනාත්මක පිළිතුරක් නොලැබීම ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා හේතූ වූ බවයි එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

නමුත් ඊට පසුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ධුරයට ඉමිතියාස් බාකිර් මාකර් මහතා නැවත පත්කරනු ලැබුවේය.

කෙසේ වෙතත් ඒ මහතා එම ධූරය භාර ගැනීම මේ දක්වා කර නැති අතර ඔහු එය බාර නොගනු ඇති බවද එම ආරංචිමාර්ග පවසනවා.

The post ඉමිතියාස් බාකීර් මාකරුත් සජිත් ප්‍රේමදාසට බෑ කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pX9q4Pb

Labels:

පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක් පත්තු වෙයි

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.

The post පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක් පත්තු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GDg9khc

Labels:

Sunday, May 25, 2025

ප්‍රදේශ කිහිපයකට ලොකු වැස්සක්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

The post ප්‍රදේශ කිහිපයකට ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W479w8i

Labels:

හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු ගැන රජය ගත් තීරණය

අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට රජය තීරණය කළ බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ. 

අභාවය පිළිබඳ ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කිරීම සඳහා මාලනී ෆොන්සේකා මහත්මියගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා

The post හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු ගැන රජය ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GMb7Tnd

Labels:

Saturday, May 24, 2025

කථානායකවරයා විශේෂ පනත් කෙටුම්පතකට අත්සන් තබයි

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (23) සිය සහතිකය සටහන් කළේය.

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. 

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය මැයි 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරන විදේශ ණය (ඉවත් කිරීමේ) පනත වශයෙන් බලාත්මක වේ.

The post කථානායකවරයා විශේෂ පනත් කෙටුම්පතකට අත්සන් තබයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wXbLO35

Labels:

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

The post ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RVmlCPn

Labels:

Friday, May 23, 2025

අද කාලගුණ නිවේදනය

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/47EkTJP

Labels:

Thursday, May 22, 2025

පොලී තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 7.75% ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත

The post පොලී තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PG2x45W

Labels:

Wednesday, May 21, 2025

විපක්ෂයේ පක්ෂ එක මිටකට එක්වෙයි! පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්!

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන ගරු මන්ත්‍රීවරුන් එක්ව සිටියේය.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

The post විපක්ෂයේ පක්ෂ එක මිටකට එක්වෙයි! පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N6CqnfX

Labels:

නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ අද වැසි වැටෙන ප්‍රදේශ

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ අද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EPVrNT7

Labels:

Tuesday, May 20, 2025

කොළඹ බලය අල්ලන්න ජනපති මැදිහත් වෙයි! තීරණාත්මක සාකච්ඡාවක්!

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (19) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රීවරුන් මාධ්‍ය කියා සිටියේ තමන් කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයට පාලනය පිහිටීම සඳහා සහාය දෙන බවය.

කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් නව දෙනෙකු තේරී පත්වී සිටින අතර ජාතික ජන බලවේගය දිනා සිටින ආසන සංඛ්‍යාව හතළිස් අටකි.

The post කොළඹ බලය අල්ලන්න ජනපති මැදිහත් වෙයි! තීරණාත්මක සාකච්ඡාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RWIBl7A

Labels:

Monday, May 19, 2025

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම

නුවන් සඳකැලුම් නමින් ෆේස්බුක් ගිණුමක් හරහා සංසරණය වන දරුවන්ගේ රූප අඩංගු සමාජ මාධ්‍ය සටහන් බෙදාගැනීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම රූප අඛණ්ඩව බෙදාගැනීම සම්බන්ධ දරුවන්ගේ අනන්‍යතාවට, පෞද්ගලිකත්වයට සහ යහපැවැත්මට හානිවන බවට අමාත්‍යාංශය අනතුරු අඟවයි.

අමාත්‍යාංශයට අනුව, ෆේස්බුක් සටහනේ සඳහන් වන්නේ අදාළ පුද්ගලයාගේ බිරිඳ ඔහු සහ ඔවුන්ගේ දරුවන් හැර ගොස් ඇති බවත්, ඔහු තම දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට අරගල කරන බවත්, තම ජීවිතය නැතිකර ගැනීමට පෙර ඔවුන් රැගෙන යෑමට කැමති ඕනෑම කෙනෙකුට දරුවන් ලබාදීමට ඔහු සැලසුම් කරන බවත්ය.

ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් මෙම කාරණයට මැදිහත් වී ඇති බව අමාත්‍යාංශය තවදුරටත් නිවේදනය කරයි.

පවුලේ විවාහ ගැටළු සම්බන්ධයෙන් අධිකරණ නඩුවක් දැනට ක්‍රියාත්මක වන අතර, පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දරුවන්ගේ තාවකාලික භාරකාරත්වය ඔවුන්ගේ ආච්චිට ලබා දී ඇත.

ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය අනුව, අවශ්‍ය නම් තවදුරටත් මැදිහත් වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

The post කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xhrIGs3

Labels:

අද මි.මී. 100 ඉක්ම වූ වැසි වැටෙන ප්‍රදේශ ගැන දැනුම්දීමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මී. මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර උතුරු – මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ, උතුරු මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

The post අද මි.මී. 100 ඉක්ම වූ වැසි වැටෙන ප්‍රදේශ ගැන දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rW2LnAf

Labels:

Sunday, May 18, 2025

වෘත්තීය සමිති වෙත රජයෙන් රතු එළියක්

මහජනතාව අපහසුතවයට පත් කරමින් තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යෙදෙනෙ ක්‍රියාමාර්ග රජයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා

මහජනතාව වෘත්තීය සමිති සමඟ එකට සිට ගන්නේ නැතිව සිදුකරන වෘත්තීය අරගලවලින් කිසිඳු ජයග්‍රහණයක් හිමි නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මහජතාව පීඩාවට පත්කරමින් සිදුකරන වෘත්තීය අරගලවලට තඹ සතයක දෙයක් ලබා නොදෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කර සිටියේ.

The post වෘත්තීය සමිති වෙත රජයෙන් රතු එළියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3QT6Zwt

Labels:

කැනඩාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අපරාධ කල්ලි නායකයෙකු පිටුවහල් කරයි

කැනඩාවේදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශයට පිටුවහල් කිරීමට කැනේඩියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

මෙලෙස පිටුවහල් කිරීමට නියෝග කර ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන “ප්‍රසන්නා නල්ලලිංගම්” හෙවත් ‘අජන්තන් සුබ්‍රමනියම්‘ නැමැති පුද්ගලයායි.

මොහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කැනඩාවේ ටොරොන්ටෝ හිදී අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු ගැටුමකට අදාළවයි.

2021 වසරේ දී ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මොහු නීතිවිරෝධීව අමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාව යන රටවල රැඳී සිට අතර මෙරට සිදුවු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ද අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්ය.

2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන මොහු ටොරොන්ටෝ හිදී පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගෙන මේ දක්වා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

The post කැනඩාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අපරාධ කල්ලි නායකයෙකු පිටුවහල් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vUcB8YZ

Labels:

තුසිත හල්ලොලුවට එල්ල වූ වෙඩිල්ල ගැන කඩිනම් පරීක්ෂණයක්! පරීක්ෂණ CCDයට!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

The post තුසිත හල්ලොලුවට එල්ල වූ වෙඩිල්ල ගැන කඩිනම් පරීක්ෂණයක්! පරීක්ෂණ CCDයට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zK2YLmy

Labels:

Saturday, May 17, 2025

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින් එවන ලද ලිපි ජනාධිපතිවරයා සමග බෙදා ගැනීමට අල්ලස් කොමිසමේ ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවය.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිඥවරයා විසින් මා සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල කරන මාධ්‍ය වාර්තාවල, ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාට දැනටමත් ලබා දී ඇති ඇප අවලංගු කිරීමේ අයදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හෝ චූදිතයාගේ නීතිඥවරයා කොමිසමේ නීතිඥවරයා විසින් කරන ලද මෙම ඉදිරිපත් කිරීම්වලට විරුද්ධ වූ බව හෝ සඳහන් කර නැත. 

2025 අප්‍රේල් 28 වන දින කොමිසමට කළ මාගේ ප්‍රකාශයේ, ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් කරන ලද ප්‍රකාශයකින් ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ කලාත්‍රයා ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි මාගෙන් විමසූ බව මම ප්‍රකාශ කළෙමි. මම නීතිඥයෙකු ලෙස උපදෙස් ලබා දී ඇති බැවින්, මට කිසිදු හෙළිදරව්වක් කිරීමට හැකියාවක් නොමැති බව මම ප්‍රකාශ කළෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149 සහ 150 වගන්ති මම කොමිසම වෙත යොමු කළෙමි, එමඟින් පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය ඇති අතර නිශ්චිත අරමුණු සඳහා නීතියෙන් වෙන් නොකළ ජනරජයේ අරමුදල් වෙනුවෙන් එක් ඒකාබද්ධ අරමුදලක් සෑදිය යුතුය. 

මුදල් අමාත්‍යවරයාගේ අතැති වරෙන්තුවක් යටතේ හැර අරමුදලෙන් මුදල් ආපසු ලබා ගත නොහැක. එම චක්‍රලේඛය නීතියේ නැවත ප්‍රකාශයක් පමණි. චක්‍රලේඛය නීතිය නොවේ. නීතියට අනුව නිසි ක්‍රියාමාර්ගය වන්නේ ස්ථාවර තැන්පතුව ඉවත් කර පළාත් අයවැයෙන් අවසර දී ඇති එවැනි අරමුණු සඳහා අයදුම් කිරීමයි.

මා සම්බන්ධයෙන් කරන ලද මෙම ඉදිරිපත් කිරීම් අධිකරණය හිතාමතාම නොමඟ යැවීමකි. ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මම මගේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගනිමි.

තවද, CIABOC විසින් විමර්ශනය සිදු කළ ආකාරය පිළිබඳව මම කොමිසමට ලියා ඇත. ලිපියේ පිටපතක් අමුණා ඇත.

2025 මැයි 16
ගරු සභාපති
අල්ලස් චෝදනා විමර්ශන කොමිසම
හෝ දූෂණ අංක 36, මලලසේකර මාවත
කොළඹ 07

හිතවත් සභාපතිතුමනි, 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව සිදු කරන ලද විමර්ශනයකොමිසම විසින් මා වෙත එවන ලද ලිපි වෙත යොමු කිරීමට මම කැමැත්තෙමි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය සඳහා පහත සඳහන් කිරීම් කර ඇත.

A. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව සිදු කරන ලද විමර්ශනය – 2025.04.11
ආ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49(1) වගන්තියේ නියමයන් යටතේ දැන්වීම පනතේ නියමයන් යටතේ සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් – 2025.04.21
C. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49(1) වගන්තියේ නියමයන් යටතේ අවසන් නිවේදනය පනතේ නියමයන් යටතේ සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් – 2025.04.25

02. 2025 අප්‍රේල් 10 වන දින, ගරු චාමර සම්පත් මහතා සම්බන්ධයෙන්  අමාත්‍ය සමන්ත වෛද්‍යරත්න විසින් කරන ලද ප්‍රකාශයකින් ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇත්දැයි ඔහුගේ බිරිඳ මගෙන් විමසා පසුව මගෙන් උපදෙස් ලබා ගන්නා ලදී.

ඊට පසු දිනම, එනම් 2025 අප්‍රේල් 1 වන දින, ඔබගේ කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සී. අසිත ඇන්තනි මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් මට ලැබුණි, 2025.04.17 දින ඔබගේ කොමිසමේ දූෂණ විමර්ශන අංශය III වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මට උපදෙස් දෙමින්. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා, මගේ නීති උපදේශකවරයා ඔබගේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට ලිපියක් යවමින් කියා සිටියේ, අප දෙදෙනාම කොළඹින් බැහැරව සිටින බැවින් එම දිනයේ කොමිසමේ දූෂණ විමර්ශන අංශය I ඉදිරියේ පෙනී සිටීමට අපට නොහැකි බවයි.

03. 2025 අප්‍රේල් 21 වන දින, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2025.04.25 දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එම ලිපියේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව කොමිසම ඉදිරියේ පෙනී සිටීමට මා විසින් සපයා ඇති හේතුව සාධාරණ හේතුවක්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනයක් පවත්වන බව ඔබට සඳහන් කර තිබුණි.

04. 2025 අප්‍රේල් 2 වන දින නීතිඥ රෙෂාන් ගමගේ මහතා කොමිසමට දැනුම් දුන්නේ මගේ නීති උපදේශක රොනල්ඩ් පෙරේරා මහතා 2025 අප්‍රේල් 27 වන දින දක්වා රටින් බැහැරව සිටින බවත්, ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටීමට තවත් දිනයක් ඉල්ලා සිටි බවත්ය. කොමිසම ප්‍රතිචාර වශයෙන් යවන ලද 2025 අප්‍රේල් 25 වන දිනැති ලිපියේ ද සඳහන් වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළ බවයි.

05. රොෂාන් ගමගේ මහතා කොමිසමේ අවධානයට යොමු කළ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තෙමි. 2025 අප්‍රේල් 1 වන දින මඩකලපුවේ පැවති ප්‍රසිද්ධ දේශපාලන රැලියේදී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ මා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යවන ලද ලිපි දුටු බවයි.

06. එබැවින්, කිසිදු පදනමක් නොමැතිව මා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම ලිපි මා වෙත එවීමෙන් සහ මගේ නීතිඥවරයා විසින් එවන ලද ලිපි අතිගරු ජනාධිපතිතුමා සමඟ බෙදා ගැනීමෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
මේ සඳහා මගේ නීතිඥයින් ඔබගේ ගෞරවනීය කොමිසම සමඟ සම්බන්ධ වනු ඇත.

ස්තූතියි,
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ Viii වැනි විධායක ජනාධිපති

The post හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/th5YGv3

Labels:

ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ ප්‍රබල වෙනසක්

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

The post ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ ප්‍රබල වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KmsFhU8

Labels:

Friday, May 16, 2025

කඩුවකින් පහරදීමට පැමිණි අයෙකුට පොලීසියෙන් වෙඩි

රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලීසිය ඊයේ (15) පස්වරුවේ වෙඩි තබා තිබේ.

නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

එහිදී තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් මෙලෙස කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබා තිබේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බවය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

The post කඩුවකින් පහරදීමට පැමිණි අයෙකුට පොලීසියෙන් වෙඩි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mAvqU52

Labels:

Thursday, May 15, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති වේ.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන තරමක තද සුළං ඇති විය හැකිය.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8nIFE5r

Labels:

රටම බලා සිටින කොළඹ පුරපති තෝරන සටනට දින නියම වෙයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙම ඡන්ද විමසීම පවත්වනු ලබනවා.

කිසිඳු තනි පක්ෂයකට සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබේ.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 48 දෙනෙක් තේරී පත් විය.

සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.

මේ හේතුවෙන් කොළඹ නගර සභාවේ පාලන බලය ගැනී සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය දැඩි තරගයක නිරතව සිටිනවා.

The post රටම බලා සිටින කොළඹ පුරපති තෝරන සටනට දින නියම වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3rOwSVg

Labels:

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනාව ගැන විශේෂ නිවේදනයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, සත්‍ය තත්ත්වය වන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මස සිට දෙසැම්බර් මස දක්වා පමණක් බවයි.

අනතුරුව රජය විසින් ගත් තීරණයකට අනුව මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මස දක්වා දීර්ඝ කිරීමට රජය නැවත වරක් තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම නැවත වරක් අදාළ කාණ්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මස දක්වා දීර්ඝ කිරිමට රජය තීරණය කළ අතර ඒ අනුව අදාළ දීමනාව අප්‍රේල් මස දක්වා දීර්ඝ කළ බවද නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි මෙම කාණ්ඩයට අයත් දීමනා එකවර ගෙවීම නතර කිරිමක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය එම නිවෙදනයෙන් දැනුම් දී තිබේ.

The post අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනාව ගැන විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PuehnBt

Labels:

Wednesday, May 14, 2025

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ මෙන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wecLA4d

Labels:

හිටපු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් රිය අනතුරකින් මරුට

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 29 වන වියේ පසු විය.

ඔහු, හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයකු සහ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඒ.ඒ. විජේතුංග මහතාගේ පුත්‍රයෙකි.

තාරක විජේතුංග මහතා පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 21200 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ සිවුවැනියා බවට පත්විය.

The post හිටපු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් රිය අනතුරකින් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/o0Y9ERa

Labels:

Tuesday, May 13, 2025

වේගයෙන් පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

වෙසක් පුන් පොහෝ දිනය ඉලක්ක කරගනිමින් විවිධ දූරකථන සමාගම්වල නාමයන් භාවිත කරමින් ජංගම දූරකථන සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, ඩේටා ලබාදෙන බවට පවසමින් වංචාවමය කටයුත්තක් (Scam) ඉතාමත් වේගයෙන් සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.

මෙම සියල්ල ම ව්‍යාජ සිදුවීම් බවත් කිසිදු ලෙසකින් තමන්ගේ පෞද්ගලික දත්ත එම යෙදුම් සඳහා ඇතුළත් නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

The post වේගයෙන් පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xwByqPm

Labels:

චමරි අතපත්තුට ICC යෙන් දඩයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා.

එමෙන්ම චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු කර තිබෙනවා.

“ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම සිදුවීම පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේ 32 වන පන්දුවාරයේදී සිදුව තිබූ අතර එහිදී ඇනරි ඩක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු චමරි ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගියා.

The post චමරි අතපත්තුට ICC යෙන් දඩයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qSyZlV8

Labels:

වන්දනාවේ ගිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! 20ක් රෝහලට!

මහනුවර අලදෙණිය බරිගම ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තියෙනවා.

ඊයේ (12) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදි.

අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

The post වන්දනාවේ ගිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! 20ක් රෝහලට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mZeyWMR

Labels:

Monday, May 12, 2025

චීනය හා ඇමෙරිකාව අතර එකඟතාවක්

ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වූ අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ.

චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය තීරුබදු සම්බන්ධයෙන් ‘ගිවිසුමකට’ එළැඹ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි.

The post චීනය හා ඇමෙරිකාව අතර එකඟතාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pwcH3Y1

Labels:

උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා

වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය මෙරට බෞද්ධයින්ට මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව මෙරට බෞද්ධ ජනතාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට එක් වෙමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු ලබනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ ද අද වන් වෙසක් ‍පුන් පොහෝ දිනකයි.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩ ම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

එමෙන්ම විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකයි.

The post උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7JyhQ8L

Labels:

අද කාලගුණයේ වෙනසක්

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

The post අද කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kjhBoLI

Labels:

Sunday, May 11, 2025

අද කාලගුණ නිවේදනය

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qRU0Iz8

Labels:

Saturday, May 10, 2025

අද පස්වරු 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.

The post අද පස්වරු 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J4upaqG

Labels:

Friday, May 9, 2025

කොළඹ ස්වාධීන මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200ක ලංසුවක්!

ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම මන්ත්‍රීවරුන් තමන් මුදලට විකිණෙන්නට සූදානම් නොමැති බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එසේම කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි දෙකක් දක්වා ලංසු තබා ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

මෙතෙක් හොරු යැයි කී පිරිස් සුද්ද කරමින් හෝදමින් තමන්ගේ පාර්ශ්වය වෙත ලබා ගැනීමට සැරසෙන බව ද පසුගිය ආණ්ඩු ද සිය බලය අහිමි වන විට කෙසේ හෝ බලය රැකගැනීම උදෙසා මෙලෙස හැසිරුණු බවත් දයාසිරි ජයසේකර සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීයා සිටියේය.

The post කොළඹ ස්වාධීන මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200ක ලංසුවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/q0ZWnK9

Labels:

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

The post පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JinaHKy

Labels:

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

The post අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bpFl2ac

Labels:

තේරී පත් වූ අභිනව පාප් වහන්සේ ගැන තොරතුරු ලොවටම දැනුම්දෙයි

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබේ.

69වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වේ.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

The post තේරී පත් වූ අභිනව පාප් වහන්සේ ගැන තොරතුරු ලොවටම දැනුම්දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eLWPX05

Labels:

Thursday, May 8, 2025

අද කලින්ම වැසි වැටෙන ලකුණු

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රිකවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

The post අද කලින්ම වැසි වැටෙන ලකුණු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QnbkThf

Labels:

Wednesday, May 7, 2025

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර මහනගර සභාව

පක්ෂයේ නම ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය හිමි වූ ආසන සංඛ්‍යාව
ජාතික ජන බලවේගය 10173 40.94 12
සමගි ජන බලවේගය 5271 21.21 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4313 17.36 5
එක්සත් ජාතික පක්ෂය 1805 7.26 2
ස්වාධීන කණ්ඩායම 1 1155 4.65 1
සර්වජන බලය 1038 4.18 1
පොදුජන එක්සත් පෙරමුණ 769 3.1 1
වලංගු ඡන්ද සංඛ්‍යාව 24846
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 398
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 25244
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 39381

The post රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර මහනගර සභාව appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GHCjtDK

Labels:

Tuesday, May 6, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lp89Unr

Labels:

Monday, May 5, 2025

රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවත් ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 65,000ක් යොදවා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

එමෙන්ම අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

The post රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Iw9qujv

Labels:

ට්‍රම්ප්ගේ AI ඡායාරූපය ලොවම කළඹයි! කතෝලික ජනතාවගෙන් දැඩි විරෝධයක්!

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින Al තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපය මේ වනවිට පාර්ශ්ව රැසක් දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා.

නව පාප්වහන්සේ පත්වීම පිළිබඳව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රප්ගේන් පසුගියදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින අයුරු දක්වෙන AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපයක් TRUTH සමාජ මාධ්‍ය හරහා ජනපති ට්‍රප්ගේ ගිණුමේ ප්‍රදර්ශනය කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කතෝලිකයින් රැසක් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාවට දැඩි විරෝධයක් දක්වා ඇති බවයි.

The post ට්‍රම්ප්ගේ AI ඡායාරූපය ලොවම කළඹයි! කතෝලික ජනතාවගෙන් දැඩි විරෝධයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/R7GOS6W

Labels:

අද දවසේ වෙඩිල්ල ගල්කිස්සෙන්! 19 හැවිරිදි තරුණයෙක් මරුට!

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post අද දවසේ වෙඩිල්ල ගල්කිස්සෙන්! 19 හැවිරිදි තරුණයෙක් මරුට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oL7JQBU

Labels:

Sunday, May 4, 2025

හිටපු ජනපති මහින්දට හදිසි සැත්කමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය කර තිබේ.

කලක් තිස්සේ දණහිසේ පැවති ආබාධයක් හේතුවෙන් ඔහුව මෙලෙස සැත්කමකට භාජනය කර තිබේ.

මින් පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් කරන ලද අතර මෙවර සැත්කම සිදු කර ඇත්තේ අනෙක් දණහිසටයි.

සැත්කමින් අනතුරුව ඒ මහතා මේ දිනවල විවේකී සුවයෙන් පසුවන අතර තවත් සති කිහිපයකින් යළිත් සුපුරු දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

The post හිටපු ජනපති මහින්දට හදිසි සැත්කමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/18OnJGI

Labels:

Contact Us

 We’d love to hear from you!

At News8Lanka, we value feedback, suggestions, news tips, and inquiries from our readers. Whether you want to share a story, report an issue, suggest improvements, or explore collaboration or advertising opportunities, feel free to reach out.

You can contact us through the form below or directly via email. We aim to respond to all genuine inquiries within 24–48 hours.

 Colombo, Sri Lanka

Labels:

Saturday, May 3, 2025

About Us

 

News8Lanka is your reliable source for the latest news, updates, and stories from across Sri Lanka. We are committed to delivering timely, accurate, and engaging content covering politics, society, business, culture, and more. Whether you're looking for breaking news or in-depth analysis, News8Lanka keeps you informed with a fresh perspective.

Labels:

චාමර සම්පත්ගෙන් පැය 4ක ප්‍රකාශයක් ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිදු කෙරේ.

The post චාමර සම්පත්ගෙන් පැය 4ක ප්‍රකාශයක් ගනියි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IgxkPJR

Labels: