කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම
නුවන් සඳකැලුම් නමින් ෆේස්බුක් ගිණුමක් හරහා සංසරණය වන දරුවන්ගේ රූප අඩංගු සමාජ මාධ්‍ය සටහන් බෙදාගැනීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම රූප අඛණ්ඩව බෙදාගැනීම සම්බන්ධ දරුවන්ගේ අනන්‍යතාවට, පෞද්ගලිකත්වයට සහ යහපැවැත්මට හානිවන බවට අමාත්‍යාංශය අනතුරු අඟවයි.
අමාත්‍යාංශයට අනුව, ෆේස්බුක් සටහනේ සඳහන් වන්නේ අදාළ පුද්ගලයාගේ බිරිඳ ඔහු සහ ඔවුන්ගේ දරුවන් හැර ගොස් ඇති බවත්, ඔහු තම දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට අරගල කරන බවත්, තම ජීවිතය නැතිකර ගැනීමට පෙර ඔවුන් රැගෙන යෑමට කැමති ඕනෑම කෙනෙකුට දරුවන් ලබාදීමට ඔහු සැලසුම් කරන බවත්ය.
ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් මෙම කාරණයට මැදිහත් වී ඇති බව අමාත්‍යාංශය තවදුරටත් නිවේදනය කරයි.
පවුලේ විවාහ ගැටළු සම්බන්ධයෙන් අධිකරණ නඩුවක් දැනට ක්‍රියාත්මක වන අතර, පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දරුවන්ගේ තාවකාලික භාරකාරත්වය ඔවුන්ගේ ආච්චිට ලබා දී ඇත.
ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය අනුව, අවශ්‍ය නම් තවදුරටත් මැදිහත් වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
The post කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/xhrIGs3
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home