අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
The post අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/bpFl2ac
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home