https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කථානායකවරයා විශේෂ පනත් කෙටුම්පතකට අත්සන් තබයි

Saturday, May 24, 2025

කථානායකවරයා විශේෂ පනත් කෙටුම්පතකට අත්සන් තබයි

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (23) සිය සහතිකය සටහන් කළේය.

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. 

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය මැයි 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරන විදේශ ණය (ඉවත් කිරීමේ) පනත වශයෙන් බලාත්මක වේ.

The post කථානායකවරයා විශේෂ පනත් කෙටුම්පතකට අත්සන් තබයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wXbLO35

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home