https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

Monday, May 12, 2025

උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා

වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය මෙරට බෞද්ධයින්ට මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව මෙරට බෞද්ධ ජනතාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට එක් වෙමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු ලබනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ ද අද වන් වෙසක් ‍පුන් පොහෝ දිනකයි.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩ ම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

එමෙන්ම විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකයි.

The post උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7JyhQ8L

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home