https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: September 2025

Tuesday, September 30, 2025

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්

දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් නීති, රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ගුරු-විදුහල්පතිවරුන් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින පිරිසක් බවයි.

මෙරට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නූතනත්වයට ගෙන එමින් ශික්ෂණයක් සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම ඉහළ වෘත්තීමයභාවයක් සහිත ගුරු-විදුහල්පති සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද ජයසිංහ මහතා, 

“පසුගිය 25 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා, අදහස්, යෝජනා ගැන රජය තුළත් ඉන් බාහිරවත් සංවාදයක් නිර්මාණය වෙලා. එය ඉතා සාධනීය තත්ත්වයක්. ලංකාවේ ගුරුවරු කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන පිරිසක්. 1907 වසරේ සිටම දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ මේ දක්වා නිකුත් කරලා තියනවා. පරාජිත පිරිස් මේ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය අදහස් සමාජ ගත කරමින් ඉන්නවා. එවැනි අදහස්වලට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි හැමදාමත් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරු-විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේ නිස්සරණධ්‍යාශයෙන්. ඉදිරියටත් ඒක එහෙමයි.”

The post නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fcLOluq

Labels:

ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද තරඟ බිමට

අයි සී සී ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භවීමට නියමිතයි.

තරඟාවලියේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයයි.

ගුවාති හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද සිට නොවැම්බර් මස දෙවනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිත සමස්ත තරඟ සංඛ්‍යාව 31ක්.

ඉන් තරඟ 11ක් මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

The post ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද තරඟ බිමට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1f2NPGw

Labels:

Monday, September 29, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/j6c1V5a

Labels:

රටට මත්ද්‍රව්‍ය ඇතුලුවන ස්ථාන ගැන නාමල් කියයි

අද වනවිට රටට මත්ද්‍රව්‍ය ඇතුලු වන මූලික ස්ථාන බවට වරාය සහ ගුවන්තොටුපොළ පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

The post රටට මත්ද්‍රව්‍ය ඇතුලුවන ස්ථාන ගැන නාමල් කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9SmLCOY

Labels:

Sunday, September 28, 2025

තලපති විජේයිගේ දේශපාලන රැලියකට සහභාගී වූ 39ක් මරුට! 46 රෝහලට!

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවය.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ.

රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා ඇති අතර දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ අපේක්ෂකයා වේදිකාවට පැමිණීමත් සමඟම විශාල පිරිසක් එකවර වේදිකාව දෙසට කඩාවැදීම හේතුවෙන් මෙම තෙරපීම ඇති වී ඇති බවයි.

The post තලපති විජේයිගේ දේශපාලන රැලියකට සහභාගී වූ 39ක් මරුට! 46 රෝහලට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DyVXQcm

Labels:

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය අදයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

එම තරගය අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා ඉන්දියාව 8 වතාවක් ශූරතාවය හිමිකර ගෙන ඇති අතර, පාකිස්ථානය ආසියානු කුසලානය ජයගෙන ඇත්තේ 2වරක් පමණී.

ශ්‍රී ලංකාන ආසියානු කුසලානය 6වරක් ජය ගෙන තිබේ.

The post ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8Xd3VIh

Labels:

Saturday, September 27, 2025

මනම්පේරි විසින් සඟවා තිබූ තවත් තීරණාත්මක සාක්ෂි 2ක් සොයා ගනී

පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා නවාතැන් ගෙන සිටි නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැක කෙරෙන ද්‍රව්‍ය ප‍්‍රවාහන කළ බවට සැකපිට විමර්ශන ආරම්භ වූ අදාළ කන්ටේනර් දෙකට අයත් ලියකියවිලි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබූ බවට සැක කෙරෙන එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර ගැනීම සඳහා මුදල් ගෙවූ රිසිට් පත් ද එම ලියකියවිලි අතර තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රකාශ කළේය.

මෙම කන්ටේනර්වලට අදාළ ලියකියවිලි හමු වී ඇත්තේ මිදදෙනිය පදිංචි කරුවෙකු ඔහු සතුව තිබියදීය. එම පුද්ගලයා සතුව තිබී සම්පත් මනමපේරිගේ ජංගම දුරකථනය ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළ අතර, ඔහුට අයත් බැංකු කාඩ් පත් හතරක්ද එම නිවසින් හමු වී තිබේ.

කෙසේ වෙතත්, සම්පත් මනම්පේරිගේ නීතිඥවරුන් පසුගිය 17 වැනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බවට සැක කරන බහලුම් දෙක වරායෙන් නිෂ්කාශනය කිරීමට හෝ මිද්ෙදණිය වෙත රැගෙන ඒමට සම්පත් පේරි සම්බන්ධ නොවූ බවයි.

ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ එම කන්ටේනර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවක් මතුවීම හේතුවෙන් සම්පත් මනම්පේරි ඉදිරිපත් වී ඒවා දැවීමට කටයුතු කර ඇති බවයි.

නමුත්, සම්පත් මනමපේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසිය, ඔහුට නවාතැන් සහ ප්‍රවාහණ පහසුකම් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට භාර වීමට පෙර පොලිසියෙන් සැඟවී සිටි සම්පත් වන්නි ආරච්චිගේ පේරි හට එම පහසුකම් සපයා තිබුණේ විදුලිබල මණ්ඩල සේවකයෙක් විසිනි.

මීට පෙර අනාවරණය වූයේ සම්පත් මනමපේරි බැකෝ සමන්, කෙල්බද්ධර පද්මේ’ සහ තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධතා පවත්වා ඇති බවයි

The post මනම්පේරි විසින් සඟවා තිබූ තවත් තීරණාත්මක සාක්ෂි 2ක් සොයා ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WaYXGkQ

Labels:

කාලගුණය අද දරුණු වෙයි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම, සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post කාලගුණය අද දරුණු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nAMfSZT

Labels:

පැතුම් T20 දිවියේ පළමු ශතකය වාර්තා කරයි

2025 ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 52කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එහිදී එම ශතකයට හයේ පහර 06ක් හා හතරේ පහර 07ක් ඇතුළත්.

මෙම ශතකය පැතුම් නිශ්ශංකගේ T20 දිවියේ පළමු ශතකය වන අතර, මෙවර ආසියානු කුසලානයේද පළමු ශතකය වනු ඇති.

The post පැතුම් T20 දිවියේ පළමු ශතකය වාර්තා කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/47Is9c5

Labels:

Friday, September 26, 2025

ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට එරෙහිව ඩී.වී. චානක නඩු දමයි! බිලියනයක වන්දියක් ඉල්ලයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදල් ඉල්ලා කොලඹ දිසා අධිකරණයේ (නඩු අංක DMR 01083/25) නඩු පවරා ඇත.

මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පවසා ඇති අතර මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරැදි කරන ලෙසත් සහ රුපියල් බිලියනයක වන්දි ගෙවන ලෙසද දන්වා මෙසේ නඩු පවරා ඇත.

The post ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට එරෙහිව ඩී.වී. චානක නඩු දමයි! බිලියනයක වන්දියක් ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/URPQYLE

Labels:

Thursday, September 25, 2025

තලාවේ බිහිසුණු අනතුරක්! තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී අද (25) අළුයම සිදු වූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම අනතුරින් වෑන් රථයේ සිටි රියදුරු ඇතුළව 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරුද තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුලත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකි.

තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post තලාවේ බිහිසුණු අනතුරක්! තිදෙනෙකුට දිවි අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hr3v9TX

Labels:

සීනිමෝදර අයිස් සිද්ධියට ඇල්ලූ පුත්‍රයාගෙන් පාපොච්ඡාරණයක්! වැදගත් තොරතුරු රැසක් වමාරයි!

සීනිමෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග රෝහලේදී මිය ගිය පුද්ගලයාගේ අත්අඩංගුවට ගත් පුත්‍රයා කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

සීනිමෝදර ප්‍රදේශයේ අලු‍ත්වැඩියා කටයුතු සිදුකරමින් පැවැති නිවසක සැකකටයුතු ලෙස මිය ගිය තරුණයන් දෙදෙනා සමග සිටි 50 හැවිරිදි තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගත් අතර ඔහු අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයේ ඔස්සේ ගොඩබිමට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් පාපෝච්චාරණය කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ පසුගිය 21 වැනිදා රාත්‍රී 7.00ට පමණ සීනිමෝදර ප්‍රදේශයේ මහවැල්ල වෙරළට තමන් ඇතුළු සිය පියා, මිය ගිය තරුණයින් දෙදෙනා සහ අත්අඩංගුවේ පසුවන කොමඩු ලොරි රථයේ හිමිකරු සහ පලාගිය අනෙක් පුද්ගලයා පැමිණි බවයි.

අනතුරුව රාත්‍රී 11.30ට පමණ මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රා දෙක පැමිණි අතර එහිදී එක් යාත්‍රාවක් ගොඩබිමේදී පෙරලු‍ණු බවත් ඔහු පොලිසියට පවසා තිබෙනවා.

එහිදී පෙරලු‍ණු යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තොගය වෙරළට වැටී තිබූ අතර පසුව ලොරි රථ ඔස්සේ සීනිමෝදර පිහිටි අදාළ නිවස වෙත රැගෙන ආ බව ඔහු පැවසූ බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් කිරීමට සිය පියා සහ මිය ගිය අනෙක් තරුණයින් දෙදෙනා ආරම්භ කළ බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සිය පියා ඇතුළු තිදෙනා නිවසේ දොර අගුළු දමා අදාළ කටයුත්ත සිදු කළ බවයි.

පසුව එම පාර්සල් තමා විසින් අදාළ ලොරී රථවලට පැටවු බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අදාළ ලොරි රථ 3හි ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ද පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ඉන් එක් සැකකරුවෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා.

සෙසු ලොරි රථ දෙකෙහි හිමිකරුවන් දෙදෙනා ඊයේ පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එම ලොරි රථ තුනේම තිබී හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 284යි ග්‍රෑම් 414ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 420යි ග්‍රෑම් 760ක් සොයා ගත් අතර එහි තිබී සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 705යි ග්‍රෑම් 174ක්.

ඒවායේ මූල්‍යමය වටිනාකම රුපියල් මිලියන 9,888ක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

The post සීනිමෝදර අයිස් සිද්ධියට ඇල්ලූ පුත්‍රයාගෙන් පාපොච්ඡාරණයක්! වැදගත් තොරතුරු රැසක් වමාරයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HKEhVZw

Labels:

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක්! භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති!

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇත.

අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

The post නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක්! භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XEQonar

Labels:

Wednesday, September 24, 2025

මි.මී. 50 ඉක්මවූ වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

The post මි.මී. 50 ඉක්මවූ වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jU9yMJs

Labels:

Tuesday, September 23, 2025

ජනපති දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(22) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. 

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට නියමිතය. 

The post ජනපති දිවයිනෙන් පිටත්ව යයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/brX2yjR

Labels:

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ මෙරටට ගෙන්වූ පුද්ගලයාව අනාවරණය වෙයි

තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රු මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබේ.

එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ  අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර ඇත.

මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි.

The post තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ මෙරටට ගෙන්වූ පුද්ගලයාව අනාවරණය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lhB1Jkb

Labels:

පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6DGtexg

Labels:

Monday, September 22, 2025

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකියි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Q6T5KFd

Labels:

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) මේ සඳහා අත්සන් තබා ඇත.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

The post ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/klRnI3f

Labels:

Sunday, September 21, 2025

දැනට පවතින වැසි තත්වය ගැන දැනුම්දීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post දැනට පවතින වැසි තත්වය ගැන දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pSj16Rx

Labels:

Saturday, September 20, 2025

පියාගේ ආශාව ඉටු කිරීමට දුනිත් අලුයම 3ට දිවයිනෙන් පිටව යයි

තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.

පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ දුනිත්,

“පොඩිකාලයේ ඉදන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩාකරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. 

ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

සනත් සර් වගේම නායක චරිත් අයියා ඇතුළු කණ්ඩායම මෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකු හයියක්. ඒ නිසා ස්තූතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක ඉන්න මට හයියක් වූ එක ගැන. 

පොඩි කාලයේ ඉදන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉදන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා”යැයි පැවසීය.

The post පියාගේ ආශාව ඉටු කිරීමට දුනිත් අලුයම 3ට දිවයිනෙන් පිටව යයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PyNCo0V

Labels:

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sTZwj5r

Labels:

Friday, September 19, 2025

කාලගුණය අද දරුණු වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post කාලගුණය අද දරුණු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/h2UOqiW

Labels:

කුසල් මෙන්ඩිස්ගේ අනර්ඝ පිතිකරණය ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ගෙන දෙයි

2025 ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 18.4 අවසානයේ කඩුළු 4ක් දැවියාමෙන් ලකුණු 171ක් රැස් කරමින්

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

එහිදී, විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ Mohammad Nabi ලකුණු 60ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු නොදැවී ලකුණු 74ක් රැස් කල අතර තරගාවලිය පුරා අති සාර්ථක ඉනිම් ක්‍රීඩ කළ පැතුම් නිස්සංකට මෙම තරගයේදී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 06ක් පමණයි.

කුසල් පෙරේරා ලකුණු 28ක් රැස් කල අතර, කමිල් මිශාර ලකුණු 4ක් රැස්කරා.

ඊට අමතරව නායක චරිත් අසලංක ලකුණු 17ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26 යි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman ලකුණු 42 කඩුළු 1ක්, Mohammad Nabi ලකුණු 20 කඩුළු 1ක් ද දවා ගත්තා.

The post කුසල් මෙන්ඩිස්ගේ අනර්ඝ පිතිකරණය ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ගෙන දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DmtYeGP

Labels:

Thursday, September 18, 2025

“බැරි නම් දාලා යන්න” – රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

2022 – 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව ද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය නොවන බවත් පැති ගණනාවකින් එය තහවුරු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක්ව තිබු මොහොතක 2026 අයවැය තුළින් ආර්ථික අර්බුදය අවසන් කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහජන මුදල් සතයක් හොරකම් නොකරන දේශපාලන අධිකාරියක් මේ වනවිට ඇති කර ඇති බවත් තැන තැන පරණ ඇබ්බැහිවලට ලොල්වූ පුද්ගලයින් ඇති බවට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“පරණ ඇබ්බැහිවලට ලොල්වු රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පුද්ගලයින් සහ සමහර තැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි නැවත නැවත කියන්නේ අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්න අවස්ථාව තියෙනවා. එසේ නොමැති නම් ඔවුන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්නේ නැත්නම් ඔවුන්ව අපි අයින් කරනවා. අපිට අවශ්‍යයි මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන සාංගික දේපොළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි.”

2026 වසරේ දී රු කෝටි 11,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට වෙන්කර ඇති බවත්, 2027 වන විට රාජ්‍ය සේවයේ වැඩි වූ වැටුප් ගෙවීමට පමණක් රු කෝටි 33,000ක් වැය කරන බවත් පැවසු ජනාධිපතිවරයා එය රාජ්‍ය අයවැය ලේඛනයේ විශාල මුදලක් බවත් එයට සරිසරන සේවාවක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් බවත් පැවසීය.

The post “බැරි නම් දාලා යන්න” – රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pUlrCJa

Labels:

අද තද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද තද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/l1mJCct

Labels:

මත්ද්‍රව්‍ය සමඟින් ස්වාමීන් වහන්සේලා දෙනමක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ස්වාමීන් වහන්සේලා දෙනමක් මහනුවර අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම හිමිවරුන් දෙනම පසුගියදා 15 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන ස්වාමීන් වහන්සේලා දෙනමකි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ ගාස්තුවකට යටත්ව නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

The post මත්ද්‍රව්‍ය සමඟින් ස්වාමීන් වහන්සේලා දෙනමක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NXdGyHR

Labels:

Wednesday, September 17, 2025

අයවැයෙන් වාහන මිල වෙනස් වේවිද ? වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණා.

වත්මන් ආණ්ඩුව විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්‍රය පුළුල් වූ බව සඳහන් කළ වාහන ආනයනකරුවෝ ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.

විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක් මෙන්ම, භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවද විද්‍යුත් උපකරණ ආනයනකරුවෝ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ලබාදුන් සියලු ඵලදායි යෝජනා ඉදිරි අයවැය සකස් කිරීමේදී යොදා ගන්නා බවත්,  ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළා.

බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

The post අයවැයෙන් වාහන මිල වෙනස් වේවිද ? වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hXN1uIa

Labels:

චන්ද්‍රිකා නිල නිවාස බාර දෙන්න කල් ඉල්ලයි

සිය නිල නිවාසයේ මාස දෙකක කාලයක් සිටීමට ඉඩ ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිතීඥ සමාගමක් හරහා ලිපියක් එවා තිබෙන බවත්, ඇතැමුන් නිල නිවාසවලින් ඉවත් වූවත්, තවමත් භාණ්ඩ බාරදී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියා – හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවලට මොකද කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පිහිටි සිය කාල්ටන් නිවසේ පදිංචියට ගියා. ඔබතුමා පසුගිය පෙබරවාරි මාසයේදී කිව්වා ඔහු සිටි විජේරාම නිල නිවසේ තක්සේරු කුලිය රුපියල් ලක්ෂ 46 ක් කියලා. එම මුදල ආණ්ඩුවට උපයා ගැනීමේ හැකියාවක් තිබෙනවාද.

ඇමැතිවරයා – මේ නිල නිවාස වල හිටපු සමහර අය 1994 වසරේ ඇමැති කෙනෙක් වෙලා එතැන් සිට ඉන්නවා රජයේ නිවාසයක. ඊට පස්සේ අගමැති වෙලා ඉන්නවා රජයේ නිවාසයක. ආයේ පොඩි කාලයකට විපක්ෂ නායක වෙලා ඉන්නවා රජයේ නිවාසයක. ජනාධිපති වෙලා ඉන්නවා රජයේ නිවාසයක. අවුරුදු 10 ක් ජනාධිපති වෙලා හිටපු ජනාධිපතිවරයා ලෙස රජයේ නිවාසයක ඉන්නවා. ඉතින් අවුරුදු 31 ක් රජයේ නිල නිවාසවල මේ ඉඳලා තියෙනවා. මේ නිවාසවලින් යන්න බෑ කියන්නේ මේ අයයි. මම හිතන්නේ මේ ඔක්කොටම රජයේ ගෙවල් තිබෙනවා. මේ අයගේ දරුවෝ, දරුවන්ගේ දරුවන් ඉපදිලා තියෙන්නෙත් මේ ගෙවල්වල. මේක ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. අපට ජනවරමක් දීලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. පොදු නීතිය අනුව වර්තමාන ජනාධිපතිවරයාටත් ඒ දේවල් අහිමි වෙනවා.

මාධ්‍යවේදියා – මේ නිවාසවලින් මුදල් උපයා ගන්නේ කෙසේද. සැලැස්මක් තිබෙනවාද.

ඇමැතිවරයා – රජය මෙම නිල නිවාස ආර්ථික ලෙස ඵලදායි කටයුතුවලට යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව අවධානය යොමු කරනවා. දැනටමත් විශාල මුදලක් ගෙවන රාජ්‍ය ආයතන මේ දේපොළ භාවිතයට දෙන්න කියලා ඉල්ලා තිබෙනවා. අපි ඒ ගැන තීන්දුවක් තවම ගෙන නෑ. භාණ්ඩාගාරයට වාසියක් එන තීන්දුවකට යන්න සූදානම්.

The post චන්ද්‍රිකා නිල නිවාස බාර දෙන්න කල් ඉල්ලයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/laJkz2A

Labels:

නියෝජ්‍ය පොලිස්පති යූ ටියුබ් වීඩියෝවකට එරෙහිව පොලිසි යයි! මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

තමන්ට අපහාස කරමින් සහ කීර්ති නාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ට අපහාස වන අන්දමින් සහ කීර්ති නාමයට හානි වන අයුරින් අසත්‍ය හා වෛරී ප්‍රකාශ සිදුකළ බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

මෙම වීඩියෝව, කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පදනම් විරහිත සහ ද්වේෂ සහගත තොරතුරු ඇසුරින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා චෝදනා කරයි. අනුරාධපුරයේ හෝටලයක් සහ වෙනත් ප්‍රදේශ කිහිපයක නිවාස හා වෙළෙඳසල් පවත්වාගෙන යන බවට මෙම වීඩියෝව මගින් වැරදි තොරතුරු ප්‍රචාරය කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, මුදල් වංචා කිරීම සහ කුරුණෑගල මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන කිරීම වැනි සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවතින බවද සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

The post නියෝජ්‍ය පොලිස්පති යූ ටියුබ් වීඩියෝවකට එරෙහිව පොලිසි යයි! මිලියන 500ක වන්දියක් ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/id3IPEQ

Labels:

Tuesday, September 16, 2025

හිටපු ජනපති මහින්ද තැබූ සංවේදී ෆේස්බුක් සටහන

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා කාල්ටන් නිවසට පැමිණි මොහොතේ සිට මේ දක්වා තමා වෙත පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාවය පිරිනමන බවය.

– උපුටාගැනීම –

මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ. 

හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. 

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක. 

කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. 

ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.

– උපුටාගැනීම අවසන් –

The post හිටපු ජනපති මහින්ද තැබූ සංවේදී ෆේස්බුක් සටහන appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YcvEkGU

Labels:

දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවා. 

හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනාගෙන් කාන්තාවක් මියගිය අතර අනෙක් කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරනවා. 

එලෙස මියගොස් ඇත්තේ, ඕපාත වීරතොට මල් දූව ගෙදර,ඉද්ද කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණියක්. 

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

The post දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් (ඡායාරූප) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/x4ai89M

Labels:

Monday, September 15, 2025

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)  ආරම්භ කෙරෙනවා.

පිටකොටුව බස් නැවතුම්පල මෙලෙස සංවර්ධනය කෙරෙන්නේ  වසර 60කට පසුවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ස්ථාපිත කෙරෙන්නේ 1964 වර්ෂයේදීයි.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අන්තර් පළාත් සහ නගරාන්තර බස් පර්යන්තයක් ලෙස දිනකට ගමන් වාර 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් මෙම බස් නැවතුම්පල මගින් සිදුකෙරෙනවා.

දෛනිකව ලක්ෂයකට පමණ පිරිසකට විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහන පහසුකම් සැපයෙන ප්‍රමුඛතම ප්‍රවාහන මධ්‍යස්ථානය වන්නේ ද මෙයයි.

දශක ගණනාවක් පුරා නිසි අලුත්වැඩියාවක් සිදුනොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලෙහි ප්‍රවේශ මාර්ග,  බස් රථ අංගන,  මගී නැවතුම් , රියදුරු කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් බස් නැවුතුම්පල භාවිත කරන මගී ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටයි.

ඒ අනුව වර්තමාන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක් වැය කරමින් පිටකොටුව බස් නැවතුම්පල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (15)  ආරම්භ කෙරෙනවා.

ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුමය ශ්‍රම දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

The post ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zvjMBcK

Labels:

නීතිවිරෝධීව උපයාගත් කෝටි 500කට අධික වත්කම් තහනම් කරයි

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට ආසන්න වත්කම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෙම මුදල රුපියල් 4,529,781,238.41කි. මෙම වත්කම් අතරට දේශපාලනඥයන්ට අයත් දේපළද ඇතුළත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘අපරාධයකින් උපයාගත් දේපොළ අත්හිටුවීම පිළිබඳ පනත’ මගින් ලැබී ඇති බලතල අනුව, අපරාධකරුවන්ගේ වත්කම් පිළිබඳ විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙයි.

මෙම නව පනත යටතේ, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීමට සහ අපරාධකරුවන්ගේ දේපොළ භාරකාරීත්වය සඳහා අධිකාරියක් ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු යොදා ඇත.

මේ සඳහා පොලිස් අධ්‍යක්ෂවරයෙකු ද පත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

The post නීතිවිරෝධීව උපයාගත් කෝටි 500කට අධික වත්කම් තහනම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DrapgKy

Labels:

Sunday, September 14, 2025

වාහනවල මිල ගණන්හි වෙනසක්

අලුත් වාහන වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් ගැන වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ දිනවල භාවිතා කළ වාහන විකිණීම අඩුවෙමින් පවතින බවයි.

විශේෂයෙන්ම රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ අලුත් වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණීම ඊට හේතුව ලෙස ඔවුන් පවසයි.

මෙවැනි තත්ත්වයක් තුළ, පළමු වරට වාහනයක් ගන්නා අය මෙන්ම, අමතර වාහනයක් ගැනීමට බලාපොරොත්තු වන පිරිස්ද අලුත් වාහන මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව ඔවුන් පවසයි.

මෙම වාහන අතරින් වැඩි දෙනෙක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යයි.

අද වන විට සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණ තිබීමත් මෙම ප්‍රවණතාවට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි.

මෙලෙස ලියාපදිංචි කළ වාහන විකිණීමේ අඩුවක් දක්නට ලැබෙන නිසා, දැනට ඉහළ මිලකට අලෙවි වන භාවිතා කළ වාහනවල මිලද ඉදිරි කාලයේදී සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවැකි පල කරයි.

The post වාහනවල මිල ගණන්හි වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TxpN9Fw

Labels:

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද ගිගුරුම් සහිත වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v9rNeDd

Labels:

Saturday, September 13, 2025

බිත්තර හිඟයක් ?

සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. අලහකෝන් පවසනවා.

ආහාර ද්‍රව්‍ය මිල සහ බිත්තර මිල අතර සබඳතාවක් නිර්මාණය කිරීමට රජය අසමත් වුවහොත් බිත්තර ගොවීන් ඉදිරියේදී බිත්තර නිෂ්පාදනයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.

මේ වන විට බිත්තර ගොවීන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවත් ගොවියාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට සාධාරණයක් වන පරිදි බිත්තර මිල පවත්වාගෙන යෑමට නිසි නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

The post බිත්තර හිඟයක් ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xDm6Jbg

Labels:

Friday, September 12, 2025

අස්වැසුම දීමනාව පිළිබඳව දැනුම්දීමක්

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

මෙලෙස එකොළොස් බිලියන දෙසීය එක් මිලියන හයසිය හතලිස් හත්දහසක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරෙනවා.

අදාළ ප්‍රතිලාභීන්ට අද ( 12) සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබා ගත හැකියි.

The post අස්වැසුම දීමනාව පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ywnef1U

Labels:

බ්‍රසීලයේ හිටපු ජනපතිට වසර 27ක සිරදඬුවම් නියම වෙයි

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා වරදකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කළේය.

එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබේ.

2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස වරදකරුකර ඇත.

The post බ්‍රසීලයේ හිටපු ජනපතිට වසර 27ක සිරදඬුවම් නියම වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZrCdUkG

Labels:

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/APlwu5z

Labels:

Thursday, September 11, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය විවෘත කරයි! අයදුම් කළ හැකි රැකියාවන් මෙන්න!

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා 2025.09.14 දින තෙක් වෙබ් සබැදිය විවෘත කර ඇති බව දැනුම් දී තිබේ. 

අයදුම් කළ හැකි රැකියා කාණ්ඩයන් වන්නේ, 

*ප්‍රතිසංස්කරණ සිදුකරන්නන් (විදුලි පේනු සවිකිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්)

*සෙරමික් ටයිල් අතුරන්නන්

*කපරාදු ,   යන ඒවා වේ.

මේ යටතේ අයදුම්කරුවන් 1,500 ක් බඳවා ගැනීමට නියමිතයි.

මෙම රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවේ.  

වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.

මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලදී අයදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනු ලැබේ.

ඉන් සමත්වන අයදුම්කරුවන් නැවත කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා යොමුකරනු ලැබේ.

මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීතිවිරෝධී බවද කාර්යාංශය සඳහන් කරයි. 

The post ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය විවෘත කරයි! අයදුම් කළ හැකි රැකියාවන් මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W4oFXPn

Labels:

යට ගිය සිද්ධියක් යළි උඩට! මාකදුරේ මධූෂ්ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්!

මධූෂ් ඝාතනය සම්බන්ධයෙන්
බිරිඳ පරීක්ෂණයක් ඉල්ලයි…!

කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන්, ඔහුගේ බිරිද, පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලයි.

අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ ඔහුට මරණ දඩුවම ලබා දුන්නද කමක් නැති බව පවසන මධූෂ්ගේ බිරිද, සතෙකු මෙන් සිය සැමියා මහමඟ ඔහු ඝාතනය කිරීම පිටුපස කුමන්ත්‍රණයක් තිබිය හැකි බව සැක කරයි.

මධූෂ්ගේ ඝාතනය සිද්ධ වී වසර පහක් ගෙවී ඇතත්, මේ දක්වා සාධාරණයක් ඉල්ලා නොසිටියේ, ඔහුගේ ඝාතනයට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයන් පොලිසියේ ඉහළම තැන්වල සිටි නිසා යැයි ඇය පවසයි.

The post යට ගිය සිද්ධියක් යළි උඩට! මාකදුරේ මධූෂ්ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RpNl4GQ

Labels:

Wednesday, September 10, 2025

වනිඳුට සහ ජනිත් ලියනගේට ආසියානු කුසලාන වරම් හිමිවෙයි

එක්සත් අරාබි එමීර් ‍රාජ්‍යයේදී ඊයේ (9 වැනිදා) ආරම්භ වූ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වී සිටින ශ්‍ර්‍රී ලංකා සංචිතය සමගින් එක් වීම සඳහා වනිඳු හසරංග සහ ජනිත් ලියනගේ මෙරටින් පිටත්ව ගොස් ඇත.

වනිඳු ආසියානු කුසලාන තරගාවලියට නම් කළ සංචිතය සඳහා ඇතුළත්ව සිටි නමුත් ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටීම හේතුවෙන් නිමා වූ සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඇතුළත් නොවුණි.

තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ සිම්බාබ්වේ තරගාවලියේදී එක්දින තරගාවලියට පමණක් ක්‍රීඩා කළ අතර තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණ සිටි ඔහුව පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා පසුව ආසියානු කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර ඇත.

The post වනිඳුට සහ ජනිත් ලියනගේට ආසියානු කුසලාන වරම් හිමිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6nisbZU

Labels:

Tuesday, September 9, 2025

අද ලොකු වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QFlv7jW

Labels:

Monday, September 8, 2025

ප්‍රදීප් නිලංග දෑල වැඩ බලන දියවඩන නිලමේ ධුරයට ?

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ නිල කාලය ඊයේ (07 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් නිමා වූ අතර එම ධුරයේ වැඩ බැලීම සඳහා ඔහුම පත්කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ නිර්දේශයද හිමිව තිබේ.

දියවඩන නිලමේවරයාගේ නිල කාලය අවසන් වීමෙන් පසු එම පදවියේ වැඩ බැලීම සඳහා බොහෝවිට පත් කරනු ලබන්නේ පදවියේ සිටි දියවඩන නිලමේවරයාමය.

එහෙත් 2005 වසරේ දී එවකට දියවඩන නිලමේ ධුරය හෙබවූ නෙරංජන් විජයරත්න වෙනුවට වැඩ බැලීම සඳහා පත් කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ රොහාන් පරණගමය.

ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත ශ්‍රී දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීමට ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනවරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ යුතුය.

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 07 වැනිදාට පෙර දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විය යුතුව තිබෙන අතර එය නොවැම්බර් මස මැද භාගයේ දිනක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

The post ප්‍රදීප් නිලංග දෑල වැඩ බලන දියවඩන නිලමේ ධුරයට ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gj6VCWQ

Labels:

Sunday, September 7, 2025

රුපියල් 15,000ක දීමනාවක් ඉල්ලා ගුරුවරුන් වෘත්තීය අරගලයක් ඇරඹීමට සැරසෙයි

ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

2006 වසරෙන් පසුව මේ දක්වා දුෂ්කර දීමනාව වැඩි කර නැතැයි කී ප්‍රධාන ලේකම්වරයා අතිදුෂ්කර නම් රුපියල් 2,500ක් හා දුෂ්කර නම් රුපියල් 1,500ක් වශයෙන් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව සඳහන් කළේ ය.

ගත වූ වසර විස්සකට ආසන්න කාලයේදී ගුරුවරුන්ගේ ජීවන වියදම සියයට පන්සියයකින් ඉහළ ගොස් ඇතැයි කී හෙතෙම ආහාර, ඇඳුම්, කුලී නිවාස, ප්‍රවාහන, පොත්පත්, ලිපිලේඛන ඇතුළු ගුරුවරුන්ගේ අත්‍යවශ්‍ය වියදම් දරාගැනීමට නොහැකි මට්ටමක පවතින බව ප්‍රකාශ කළේ ය.

ඈත ප්‍රදේශවලින් පැමිණ කොළඹ රාජකීය විදුහලේ රාජකාරියේ නියුතු ගුරුවරුන් ඇතුළුව දිවයිනේ සියලු ම දිස්ත්‍රික්කවල දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන් මෙම ගැටලුවට මුහුණපා ඇතැයි කී ලේකම්වරයා දුෂ්කර දීමනාව වැඩිකරන ලෙසට 2006 සිට බලයේ සිටි ආණ්ඩු පහකින් ඉල්ලීම් කර ඇතත් විසඳුමක් නොලැබුණු බව ඔහු පැවසීය.

මේ පිළිබඳව ගුරුවරුන්ගේ දැඩි විරෝධය පළ වී තිබෙන බවත් ඒ අනුව ඉල්ලීම් දිනාගැනීමට කෙටි කාලයක් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සාකච්ඡා කරගෙන යන බවත් ඔහු සඳහන් කළේ ය.

The post රුපියල් 15,000ක දීමනාවක් ඉල්ලා ගුරුවරුන් වෘත්තීය අරගලයක් ඇරඹීමට සැරසෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NUbTIrs

Labels:

Saturday, September 6, 2025

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස ගැටුම අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර දෙවන පන්දුවාර 20 තරගය හරාරේහීදී අද පැවැත්වෙනවා.

ඒ මෙරට වේලාවෙන් පස්වරු 05ටයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිල පසුගිය දා සමත්වුණා.

ඒ පළමු තරගය කඩුලු‍ 4 කින් ජය ජයගනිමින්.

The post ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස ගැටුම අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8dZrYLt

Labels:

Friday, September 5, 2025

ඇල්ලේ බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූවන් 12 දෙනෙකු මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් බස්රථය මෙලෙස ප්‍රපාතයට පෙරළී පහළට ගොස් ඇති බව සඳහන්.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නැවත තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

The post ඇල්ලේ බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nY0zL5C

Labels:

ඇල්ල බස් රථ අනතුරේ නවතම තොරතුරු

UPDATE (11.05pm) – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම තවත් 12 දෙනෙකු මේ වනවිට බදුල්ල මහරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, අනෙකුත් පිරිස මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

The post ඇල්ල බස් රථ අනතුරේ නවතම තොරතුරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MrUGFza

Labels:

Thursday, September 4, 2025

විදුලි සේවකයින් අද සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළා.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

The post විදුලි සේවකයින් අද සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iFXbMYv

Labels:

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි! එක් එක් දිස්ත්‍රික්කයන්හි කඩයිම් ලකුණු මෙන්න!

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

එක් එක් දිස්ත්‍රික් සඳහා කඩඉම් ලකුණු

The post ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි! එක් එක් දිස්ත්‍රික්කයන්හි කඩයිම් ලකුණු මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9LEC6Ta

Labels:

ඉස්සූ පොලිස් ජීප් රිය හමුවෙයි

සොරාගත් තිස්සමහාරාම පොලීසියේ ජිප් රථය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවී ඇතැයි පොලිසිය පවසනවා.

ජිප් රථය සොයා ගන්නා විට එහි එංජිම නතරකර තිබී ඇති බවත් ජිප් රථයේ යතුර යතුරු කටේ තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

ජිප් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරක එය තනරකර තිබී ඇති බවද එම නිලධාරියා සඳහන් කළා.

ජිප් රථය සොරා ගත්තේ කවුරුන්දැයි පැහැදිලිවම අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

එන්ජිම පවා ක්‍රියාත්මකර ජිප් රථය මහ මග දමා ගිය එහි රියදුරු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමටද ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් පියවර ගෙන තිබෙනවා.

The post ඉස්සූ පොලිස් ජීප් රිය හමුවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/M6sEjwQ

Labels:

Wednesday, September 3, 2025

රනිල් වෙනුවෙන් එජාපය අඩියක් පස්සට ගනී! සංවත්සතරය කල් දමයි!

එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන බව සඳහන්ය.

ඊයේ (02) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණයට එළැඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළැඹෙන බවද එජාප මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

The post රනිල් වෙනුවෙන් එජාපය අඩියක් පස්සට ගනී! සංවත්සතරය කල් දමයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kXvf5lY

Labels:

පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක DO

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බවයි.

ජකර්තා හීදි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට රැගෙන එනු ලැබීය.

මොවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

The post පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක DO appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7wpPV14

Labels:

Tuesday, September 2, 2025

බටහිර සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට! එක් අයෙක් දිවි බේරා ගනී!

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ.

දින ගණනක් පැවති අධික වර්ෂාපතනයෙන් පසු මෙම නායයාම සිදුව තිබේ.

මියගිය අයගේ මළ සිරුරු සොයා ගැනීමට උපකාර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලින් සුඩානය ඉල්ලා තිබෙනවා.

The post බටහිර සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට! එක් අයෙක් දිවි බේරා ගනී! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eRlNMAj

Labels:

යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහිත ක්‍රීඩා ගම්මානයක්

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබෙනවා.

දිවා රාත්‍රී ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට හැකි අයුරින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිතය.

මෙය සම්පූර්ණ ක්‍රීඩා ගම්මානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව වෛද්‍ය මධ්‍යස්තානයක්, මාධ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රධාන පෙලේ ක්‍රීඩා මණ්ඩප 3ක්, ගෘහස්ථ ක්‍රීඩා පිටි, පුහුණු කිරීමේ ස්ථාන ඇතුලු පහසුකම් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුලත් වේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්තමානය වනවිට අප රටට අවශ්‍යව ඇත්තේ සිංහල, දෙමිළ, මුස්ලිම් යන සියලු ජාතීන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා  සහභාගි වී තිබුණා.

The post යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහිත ක්‍රීඩා ගම්මානයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4qiG1Qh

Labels:

අද පස්වරු 2න් පසු තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක යේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකියි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.

අද දිනයේ (02) දහවල් 12:10 ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලගංවිල, චෙන්කලඩි, එරාවුර් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

The post අද පස්වරු 2න් පසු තද වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ymZz2IA

Labels:

Monday, September 1, 2025

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 20ක් මරුට!

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මින් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසන්නේ තවත් විශාලක පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවත් දුරටටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන වාර්තා සඳහන් කරන්නේ.

භූ කම්පන තත්ත්වයෙන් පසුව ඇති වූ ගංවතුර සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් භූ කම්පන තත්ත්ව ඇති වූ ප්‍රදේශයන් වෙත ගමන් කිරීමේ මාර්ග අවහිර වී ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බවද එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ.

මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇත්තේ සීමිත සම්පත් ඇති බැවින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟ වීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසය.

The post ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 20ක් මරුට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WZzuf5w

Labels:

අද පස්වරු 2න් පසු තද වැසි වැටෙන ප්‍රදේශ මෙන්න

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද පස්වරු 2න් පසු තද වැසි වැටෙන ප්‍රදේශ මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rS3RjGs

Labels: