වාහනවල මිල ගණන්හි වෙනසක්
අලුත් වාහන වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් ගැන වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ දිනවල භාවිතා කළ වාහන විකිණීම අඩුවෙමින් පවතින බවයි.
විශේෂයෙන්ම රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ අලුත් වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණීම ඊට හේතුව ලෙස ඔවුන් පවසයි.
මෙවැනි තත්ත්වයක් තුළ, පළමු වරට වාහනයක් ගන්නා අය මෙන්ම, අමතර වාහනයක් ගැනීමට බලාපොරොත්තු වන පිරිස්ද අලුත් වාහන මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව ඔවුන් පවසයි.
මෙම වාහන අතරින් වැඩි දෙනෙක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යයි.
අද වන විට සාමාන්‍ය මිලකට මිලදී ගත හැකි වාහන මාදිලි රාශියක් වෙළෙඳපොළට පැමිණ තිබීමත් මෙම ප්‍රවණතාවට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි.
මෙලෙස ලියාපදිංචි කළ වාහන විකිණීමේ අඩුවක් දක්නට ලැබෙන නිසා, දැනට ඉහළ මිලකට අලෙවි වන භාවිතා කළ වාහනවල මිලද ඉදිරි කාලයේදී සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවැකි පල කරයි.
The post වාහනවල මිල ගණන්හි වෙනසක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/TxpN9Fw
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home