https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අද කාලගුණ නිවේදනය

Friday, September 12, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/APlwu5z

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home