https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: නියෝජ්‍ය පොලිස්පති යූ ටියුබ් වීඩියෝවකට එරෙහිව පොලිසි යයි! මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

Wednesday, September 17, 2025

නියෝජ්‍ය පොලිස්පති යූ ටියුබ් වීඩියෝවකට එරෙහිව පොලිසි යයි! මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

තමන්ට අපහාස කරමින් සහ කීර්ති නාමයට හානි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ට අපහාස වන අන්දමින් සහ කීර්ති නාමයට හානි වන අයුරින් අසත්‍ය හා වෛරී ප්‍රකාශ සිදුකළ බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

මෙම වීඩියෝව, කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පදනම් විරහිත සහ ද්වේෂ සහගත තොරතුරු ඇසුරින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා චෝදනා කරයි. අනුරාධපුරයේ හෝටලයක් සහ වෙනත් ප්‍රදේශ කිහිපයක නිවාස හා වෙළෙඳසල් පවත්වාගෙන යන බවට මෙම වීඩියෝව මගින් වැරදි තොරතුරු ප්‍රචාරය කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, මුදල් වංචා කිරීම සහ කුරුණෑගල මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන කිරීම වැනි සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවතින බවද සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

The post නියෝජ්‍ය පොලිස්පති යූ ටියුබ් වීඩියෝවකට එරෙහිව පොලිසි යයි! මිලියන 500ක වන්දියක් ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/id3IPEQ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home