දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් (ඡායාරූප)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.
හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනාගෙන් කාන්තාවක් මියගිය අතර අනෙක් කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරනවා.
එලෙස මියගොස් ඇත්තේ, ඕපාත වීරතොට මල් දූව ගෙදර,ඉද්ද කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණියක්.
මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


The post දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් (ඡායාරූප) appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/x4ai89M
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home