https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: December 2025

Wednesday, December 31, 2025

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැස්සක්

උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yj5qZLI

Labels:

රජයේ අරමුණ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස්කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත්, එය මේ වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමක් බවත්, එය පෙර වසරේ උපයා ගත් ආදායමට සාපේක්ෂව 15%ක වර්ධනයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් විය.

රජය අපේක්ෂා කළ ආදායම අභිබවා ඉහළ ආදායමක් ලබාදීම පිළිබඳව මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියටද සියලුදෙනා එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට කැපවෙමු යැයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමි නොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බදු පැහැර හැරීම් සිදුකරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.

බදු අය කර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබාගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්යමණ්ඩලවලද කළයුතු වෙනස්කම් සිදු කරන බවත් සඳහන් කළේය.

මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ජන ජීවිතය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවත් ප්‍රවාහන පද්ධතියේ නව පරිවර්තනයක් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

බදු සාක්ෂරතාව ඉහළ නැංවිම, බදු ක්‍රමයේ සරලභාවය සහ කාර්ය මණ්ඩල හිඟය පියවීම වැනි ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුවට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස ලබාගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. 

The post රජයේ අරමුණ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9tp18O3

Labels:

Tuesday, December 30, 2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති සඟ සමුළුවකට එක්වෙමින්ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු පිළිබඳ පැහැදිලි කිරීම සඳහා සංවිධාන කළ සඟ සමුළුවක් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (29) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ, 

“ජේ.ආර් ජයවර්ධන කියලා කියන්නේ අපේ කාලයේ අපි දැක්ක ආඥාදායකයා. කවුරු කොහොම කිව්වත් මේක ක්‍රියාත්මක කරනවා කරනවාමයි කියලා ජේ ආර්වත් කිව්වේ නැහැ. ජේ.ආර්. ගේ බෑණ වන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එහෙම කිව්වේ නැහැ. දැන් මෙම අවස්ථාවේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නෑ. ඒවා දැන් ගුරු පුහුණු ආරම්භ කිරීම් කරලා තියෙනවා. පුහුණු වෙන ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලන්නේ නැහැ. උඩින් ඇවිත් තියෙන යෝජනාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියන තැනකට ඇවිදිල්ලා තමයි තියෙන්නේ.”

“ඒ හින්දා තමයි අපි මේක කියන්නේ මේ දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි. අත්දැකීම් බර ප් රජාවකගේ අදහස් අවශ්‍යයි. අනිත් එක මේ රට අද වෙනකොට මුහුණ දෙමින් සිටින්න දැවැන්තම අර්බුදය මේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වෙනස් කිරීමද? වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කරන්නේ මේ විදියටද? ඒ හින්දා ප්‍රශ්න ගොන්නක්. තේරෙන සිංහලෙන් කිව්වොත් අතීසාරයට අමඩේ ගහනවා වගේ. රවුම් මූඩියක් ගහන්න හදන්නේ හතරැස් බෝතලයකට. මේක හරියට ක්‍රියාත්මක වෙන්න ගියොත් අනාගත දරුවා විනාශ වෙනවා. දෙක මේ ආණ්ඩුව විනාශ වෙනවා. අගමැතිතුමිය කරන්න හදන්නේ. ආන් ඒක.”
 

The post නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/k7IPLfb

Labels:

බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්

ලෝකය 2026 වසර වෙත ළඟා වන මේ අවධියේ, අනාගතය පිළිබඳ පැරණි අනාවැකි යළිත් එක්වරක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඒ අතරින් විශේෂයෙන් කතාබහට ලක්වන්නේ, ලොව ප්‍රකට දෛවඥවරියක වූ බල්ගේරියානු ජාතික අන්ධ කාන්තාවක වන බාබා වැන්ගා විසින් 2026 වසර සම්බන්ධයෙන් පළ කළ බව කියන අනාවැකි වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇයගේ මෙම අනාවැකි තාක්ෂණය, සදාචාරය, ආර්ථිකය, සෞඛ්‍යය සහ ගෝලීය දේශපාලනය යන ක්ෂේත්‍ර රැසක් අල්ලාගෙන ඇති බවයි.

බාබා වැන්ගාගේ අනාවැකිවලට අනුව, 2026 වන විට මිනිස් සමාජය “සීමාව ඉක්මවා ගොස් ඇති” බව මිනිසුන්ට පැහැදිලිව වැටහෙන අවස්ථාවක් උදා වනු ඇත. එය එක් විශේෂ සිදුවීමක් හේතුවෙන් නොව, ලෝකය පුරා එකට එකතු වන ගෝලීය නොසන්සුන්තාව, නව විද්‍යාත්මක සොයාගැනීම් සහ සමාජ පරිවර්තන හරහා සිදුවන අවබෝධයක් ලෙස ඇය විස්තර කර ඇතැයි සඳහන් වේ.

ඇයගේ අනාවැකි අනුගමනය කරන පිරිස් පෙන්වා දෙන්නේ, මෙම “සීමාව ඉක්මවා යාම” විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) සහ උසස් තාක්ෂණික වර්ධනයන් සමඟ සෘජුව සම්බන්ධ බවයි. 2026 වන විට තාක්ෂණය එතරම් ඉහළ මට්ටමකට වර්ධනය වනු ඇති අතර, එය මිනිසුන්ව පාලනය කිරීමට පවා හැකි තත්ත්වයකට ළඟා විය හැකි බව ඇය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ආර්ථික අංශය සම්බන්ධයෙන්ද බාබා වැන්ගා දැඩි අනාවැකි කිහිපයක් පළ කර ඇතැයි කියවේ. 2025 වසරේ ආරම්භ වන බව පවසන ලෝක ආර්ථික අර්බුදය 2026 වසර දක්වාම දිග හැරෙමින් ලොව පුරා රටවල් බහුතරයක් දැඩි ආර්ථික පීඩනයකට ලක් කරනු ඇති බව ඇයගේ දර්ශන පෙන්වා දී ඇතැයි අනුගමිකයෝ පවසති.

විද්‍යාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඇයගේ අනාවැකි ද ලෝකයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. 2026 වන විට අවම වශයෙන් එක් ප්‍රධාන රටක හෝ පිළිකා රෝගය කලින් හඳුනාගත හැකි විශේෂ රුධිර පරීක්ෂණයක් හඳුන්වා දීමට හැකි වනු ඇති බව ඇය පවසා ඇති බව සඳහන් වේ. එමගින් පිළිකා කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමට වෛද්‍යවරුන්ට හැකි වුවද, එහි පිරිවැය සහ සීමිත පිරිසකට පමණක් එම පහසුකම් ලැබීම වැනි ගැටළු මතු විය හැකි බවද ඇය අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

කෘත්‍රිම ජීව විද්‍යාව සහ අවයව ප්‍රතිස්ථාපනය පිළිබඳ දියුණුව සම්බන්ධයෙන්ද බාබා වැන්ගා වැදගත් අනාවැකි ඉදිරිපත් කර තිබේ. 2046 වසර වන විට කෘත්‍රිම අවයව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සම්භව බවට පත්වනු ඇතැයි ඇය විශ්වාස කර ඇති අතර, එය මිනිස් ජීවිතයේ ස්වභාවයම වෙනස් කරනු ඇති බවටද ඇය අනතුරු අඟවා ඇතැයි සඳහන් වේ.

ගෝලීය දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ අනාවැකි තවදුරටත් විවාදාත්මකය. නැගෙනහිරින් ආරම්භ වන යුද්ධයක් බටහිර දෙසට ව්‍යාප්ත වී බටහිර ලෝකය විනාශයට පත් වනු ඇති බව ඇය පවසා ඇති බව අනුගමිකයෝ කියති. මෙම ගැටුම් අතරතුර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලෝක නායකයෙකු ලෙස නැගී සිටින බවත්, “ලොව අධිපති” බවට පත්වන පුද්ගලයා ලෙස ඇය ඔහුව සඳහන් කර ඇති බවත් ඔවුන් විශ්වාසය පළ කරයි. එසේම, දැනට පවතින ඊශ්‍රායල්–පලස්තීන ගැටුම් 2026 වන විට එකිනෙක සම්බන්ධ වී තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඇයගේ අනාවැකිවල සඳහන් බව කියවේ.

1996 වසරේදී පියයුරු පිළිකාවකින් මියගිය බාබා වැන්ගා, වසර 5079 දක්වා විහිදෙන අනාවැකි දහස් ගණනක් ඉතිරි කර ඇති බව ඇයගේ අනුගාමිකයෝ පවසති. එහෙත් ඇයගේ අනාවැකි පිළිබඳ සෘජු ලිඛිත වාර්තා නොමැති අතර, එම කරුණු ඇයගේ ලේලිය වන ක්‍රසිමිරා ස්ටෝයනෝවා ඇතුළු ඥාතීන් හරහා පරම්පරාවෙන් පරම්පරාවට පැමිණ ඇති බව සඳහන් වේ.

9/11 ප්‍රහාරය සහ ඩයනා කුමරියගේ මරණය වැනි ලෝක සිදුවීම් ඇය නිවැරදිව අනාවැකි කළ බව ආධාරකරුවන් පවසන අතර, විචාරකයින්ගේ මතය වන්නේ මෙම අනාවැකි ඕනෑම ආකාරයකට අර්ථකථනය කළ හැකි පුළුල් ප්‍රකාශ පමණක් බවයි. කෙසේ වෙතත්, 2026 වසර ළඟා වෙත්ම බාබා වැන්ගාගේ මෙම අනාවැකි යළිත් ලෝකයේ විශාල කතාබහකට ලක්වීම අනිවාර්ය බව පෙනී යයි.

The post බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Qnta0eS

Labels:

Monday, December 29, 2025

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කිරීමට ලංකා සතොස තීරණය කර ඇත.

එම නවතම මිල ගණන් පහතින්.

The post අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0dlBpWC

Labels:

Sunday, December 28, 2025

මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් ඊයේ (27) පස්වරුවේ දුම්රියක ගැටී තිබෙනවා.

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකයි මෙලෙස  මෝටර් රථය ගැටී ඇත්තේ.‍

අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය යන ශික්ෂණ රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

වර්ණ සංඥා පද්ධතියක් සවිකොට එහි වර්ණ යොදා මෙන්ම ආරක්ෂිත සීනුවද නාද වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුල් කළ බවයි  සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසන්නේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය විසි වී ගොස් ඇති අතර, මෝටර් රථයේ සිටි පියා, පුතා සහ ඥාති කාන්තාවකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

කොස්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

The post මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/U64lFPJ

Labels:

Saturday, December 27, 2025

වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසය.

“සාමාන්‍ය ජනතාව මිලදී ගන්න Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද අඩුකරලා දෙන්න.

සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා. මේක පොඩි වාහනයක්, මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. හොඳට ඉන්ධන කරන වාහනයක්. හරිනම් මේ වගේ වාහන ජනප්‍රිය කරවන්න ඕන” යැයි පැවසීය.

මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් ආනයනික වාහන සඳහා වන කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කර සිටී.

“ආපදා තත්ත්වය නිසා මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම කඩාවැටිලා. අපට ඕඩර්ස් දීපු මිනිස්සුන්ට ඔවුන් ගෙන්වපු වාහන මිලදීගන්න බැරි තැනකට ඇවිත්.  3%ක දඩයක් ගහනවා මාස 3 පැන්නාම. 

ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිනම් මෙම 3% ඉවත්කරලා දෙන්න” යනුවෙන්ද පැවසීය.

The post වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hi9C6Bc

Labels:

Friday, December 26, 2025

පොලිස් ලොක්කෙක් අල්ලස් දැලට හසුවෙයි

ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී භාණ්ඩ තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවකට මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post පොලිස් ලොක්කෙක් අල්ලස් දැලට හසුවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ibqFIsX

Labels:

Thursday, December 25, 2025

ජනපතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය

මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නත්තල් සුබ පැතුම් පණිවිඩය මගින් ජනපතිතුමන් පවසන්නේ යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි සියලු දෙනාට ආරාධනා කරන බවයි.

ජනපතිගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය පහතින්.

”ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව අපි දනිමු. නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි. පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ.

කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබේ. කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බව මම විශ්වාස කරමි. අන්ධකාරය පලවා හරින්නට ඇවැසි නම් ආලෝකයේ දීප්තිය පතුරුවාලිය යුතුය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙයි. යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා’යි ප්‍රාර්ථනා කරමි.”

The post ජනපතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NF1MsDz

Labels:

Wednesday, December 24, 2025

පාසල් සිසු, සිසුවියන්ට සුබ ආරංචියක්

විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩවය සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

ඒ අනුව අදාළ සිසු සිසුවියන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල්ඩ් ලිමිටඩ් සමග ගිවිසුම් ගතව ඇත.

එමගින් රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය, අනතුරු රක්ෂණාවරණය සහ ජීවිත රක්ෂණාවරණය යන කාණ්ඩ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන, පහත සඳහන් සංශෝධන ඇතුළත් කරමින් ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බවට සහ ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදි.

ඒ අනුව,

  • 2025/26 වර්ෂයට අදාළව ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026‑08‑31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
  • දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු ලබන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000/- සිට රුපියල් 240,000/- ලෙස සංශෝධනය කිරීම.
  • කොඳුඇටපෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary spherocytosis සහ Sickle cell anemia යන රෝග 5 අලුතින් එක් කිරීම.
  • 2025‑09‑01 දින සිට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම.

යන කරුණු ඇතුළත් කරමින් එම රක්ෂණාවරණය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

The post පාසල් සිසු, සිසුවියන්ට සුබ ආරංචියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/u3AVWHR

Labels:

Tuesday, December 23, 2025

උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපෑ ආපද‍ා තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුවට වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

0112 784537 සහ 0112 788616 5 දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ හැකියාව පවතිනවා.

විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපද‍ා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද දැනුම් දෙනවා.

The post උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nDXKSz0

Labels:

Monday, December 22, 2025

රජයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමට අදාළව චක්‍රලේඛයක්

2025 සඳහා වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට කාර්යසාධනය මත පදනම් වූ ප්‍රසාද දීමනා ගෙවීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත.

යෝජිත ප්‍රසාද දීමනා ගෙවීමේ ක්‍රමය දක්වා ඇති අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, 2024 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇති සහ බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30% ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශයක් හෝ බද්දක් ලෙස ගෙවූ ආයතනවල සේවකයන් සඳහා රුපියල් 30,000 ක් ප්‍රසාද දීමනාවක් ලෙස ගෙවනු ලැබේ.

කැබිනට් මණ්ඩලය සහ භාණ්ඩාගාරය විසින් අනුමත කරන ලද දිරිදීමනා යෝජනා ක්‍රමයක් යටතේ හැර, පැමිණීම, කාර්යසාධනය හෝ වෙනත් ආකාරයක දිරිදීමනාවක් මත පදනම්ව දිරිදීමනාවක් නොගෙවන වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන්ට ද එම මුදලම ගෙවනු ලැබේ.

2024 මූල්‍ය වර්ෂය තුළ ලාභ ලැබූ නමුත් ඒකාබද්ධ අරමුදලට බදු ගෙවීමෙන් පසු ලාභයෙන් 30% ට වඩා අඩු මුදලක් ගෙවූ ආයතනවල සේවකයන්ට මෙන්ම දිරිදීමනා ගෙවීම් නොකරන ඕනෑම ආයතනයක සේවකයන්ට රු. 25,000 ක ප්‍රසාද දීමනාවක් ගෙවනු ලැබේ.

අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට, එවැනි ගෙවීමක් අදාළ ආයතනයේ අනාගත මූල්‍ය/ආයතනික කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිකරන බව හඳුනාගන්නේ නම්, ප්‍රසාද ගෙවීම් මුදල අඩු අනුපාතයකට සංශෝධනය කළ හැකිය.

ප්‍රසාද ගෙවීම් සඳහා අරමුදල් භාණ්ඩාගාරය විසින් ලබානොදෙන බව චක්‍රලේඛයේ සඳහන් වේ.

සාමූහික ගිවිසුම් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් යටතේ වැටුප්/දීමනා ගෙවන ආයතන සඳහා චක්‍රලේඛය අදාළ නොවේ.

The post රජයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමට අදාළව චක්‍රලේඛයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XjGNVMB

Labels:

Sunday, December 21, 2025

පවුල් ආරවුල මරණයකින් කෙළවර වෙයි! සැමියා දැඩි සත්කාර ඒකකයට!

වවුනියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේදී පසුගියදා (19) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ.
 
පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙසේ බිරිඳව ඝාතනය කර ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන තුවාල සිදු කරගෙන ඇති බව වාර්තා වේ.

එහිදී බරපතළ තුවාල ලැබූ සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය. 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවකි.

ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

The post පවුල් ආරවුල මරණයකින් කෙළවර වෙයි! සැමියා දැඩි සත්කාර ඒකකයට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pVjtNWU

Labels:

Saturday, December 20, 2025

ඔන්ඩෙන්සෙට්‍රෝන් ගැන හොයන්න කමිටුවක්

මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙන්සෙට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ අදාල කමිටුව විසින් ඔන්ඩෙස්ට්‍රෝන් භාවිතයෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම එම ඖෂධයේ සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති බවයි.

ඔන්ඩෙන්සෙට්‍රෝන්නැමැති ඖෂධය මෙරට තුල දෙලක්ෂයකට ආසන්න පිරිසක් භාවිත කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

The post ඔන්ඩෙන්සෙට්‍රෝන් ගැන හොයන්න කමිටුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0njAfsT

Labels:

ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පුද කරයි

දිවයිනට බලපෑ දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) සමඟ ඊයේ (19) පැවැත්වූ දුරකථන සංවාදයකදීයි.

ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, පවතින අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ධෛර්යය ප්‍රාර්ථනා කර තිබෙනවා.

ආපදාවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සහ ඉදිරියේදී ලබාදිය හැකි සහයෝගීතාව පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇති බව සඳහන්.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ ෂෙයික් මොහොමඩ් බින් සයීඩ්, ස්වභාවික විපත් හමුවේ ශ්‍රී ලංකාවට සහය වීමට තම රට සැමවිටම කැපවී සිටින බව‍යි අවධාරණය කර සිටියේ.

ආපදා තත්ත්වය ඇති වූ වහාම ‘එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්’ (Emirates Red Crescent) සහ අනෙකුත් සහන සේවා හරහා එමීර් රාජ්‍යය සිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

The post ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පුද කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CLomEdj

Labels:

රටම බලා සිටි IMF තීරණය ලැබෙයි

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

The post රටම බලා සිටි IMF තීරණය ලැබෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XYEOBu4

Labels:

Friday, December 19, 2025

119 අවභාවිත කළොත් වැඩ වරදී

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

‘119’ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද මෙම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලබා දෙමින් එය අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන අතර මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරිම තුලින් මෙම අංකය ඔස්සේ පොලිසියේ සහය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශ්‍ය හදිසි පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබී යන බව පොලිසීය පවසනවා.

එසේම, මෙම 119 ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, රජයේ සේවකයෙකු වෙත දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඒ අනුව පොලිසියේ සහය සෘජුවම අවශ්‍ය නොවන වෙනත් ආයතන හා සම්බන්ධ වීමට පහත සඳහන් කෙටි දුරකථන අංක භාවිතා කර මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නා ලෙසත් මෙම හදිසි ඇමතුම් අංකය අවභාවිතා නොකරන ලෙසත් පොලීසියෙන් දැනුම්දීමක් කරනවා.

01. Police Emergency Service – 119
02. Ministry Of Child Development and Women’s Affairs (Women Help Line) – 1938
03. Ministry Of Child Development and Women’s Affairs (Child Help Line) – 1929
04. Fire and Rescue Service – 110
05. National Transport Commission – 1955
06. Drug Organized Crime Issues Emergency Notification unit – 1997
07. The Bureau for the Prevention and Investigation of Abuse of Children and women – 109
08. Emergency Call Center (Tamil Medium) – 107
09. Commission to Investigate Allegations of Bribery or Corruption – 1954
10. Expressway Emergency – 1969
11. Department of Immigration and Emigration – 1962
12. National Dangerous Drug Control Board – 1984
13. Sri Lanka Bureau Of foreign Employment – 1989
14. National Help Desk (Ministry of Defance) – 118
15. Disaster Management Call Center – 117
16. Sri Lanka Tourism – 1912
17. Government Information Center – 1919

The post 119 අවභාවිත කළොත් වැඩ වරදී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UTd6krE

Labels:

Thursday, December 18, 2025

දිස්ත්‍රික්ක 2කට නාය යෑම් පිළිබඳ රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර සහ මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩහින්න, හඟුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව, හෙට (19) අලුයම 2.30 දක්වා 3 මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

The post දිස්ත්‍රික්ක 2කට නාය යෑම් පිළිබඳ රතු නිවේදන appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cJ5e6oC

Labels:

Wednesday, December 17, 2025

අද තද වැස්සක්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි.

නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද තද වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9wbRrBC

Labels:

Tuesday, December 16, 2025

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මියගිය බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය පිළිබඳ පැතිර යන කටකතා අසත්‍ය බව සංගීතවේදී මහින්ද බණ්ඩාර ‘හිරු tv’ වෙත පවසා තිබෙනවා.

ඇය මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලක පටන් වයස්ගත වීම හේතුවෙන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

The post හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මියගිය බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1oMRHbf

Labels:

Monday, December 15, 2025

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට (16) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි විමක් බලාපොරොත්තු වන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4pcMTX1

Labels:

Sunday, December 14, 2025

ගුරු සහ විදුහල්පතිවරුන්ට ණය සහන ඉල්ලයි

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගුරු සහ විදුහල්පතිවරුන් සඳහා කඩිනම් සහනදායී ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලනවා.

ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ, ආපදාවෙන් බොහෝ අධ්‍යාපනඥයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, පවතින ණය ඇතුළු මූල්‍ය බර සමග පොර බදමින් සිටින බවයි.

බලපෑමට ලක් වූ අධ්‍යාපනඥයින් සඳහා ණය සහන හෝ ණය අවලංගු කිරීම් ඇතුළුව මූල්‍ය සහන ලබා දෙන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ.

දැනට ක්‍රියාත්මක වන ‘සුරක්ෂා’ රක්ෂණ යෝජනා ක්‍රමය සිසුන් වෙනුවෙන් භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ නමුත්, එහි ඇති ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු තවමත් අපැහැදිලි බවයි පෙන්වා දෙන්නේ.

The post ගුරු සහ විදුහල්පතිවරුන්ට ණය සහන ඉල්ලයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Lvuz5yq

Labels:

Saturday, December 13, 2025

වසර 14කට පසු ලියොනල් මෙසී ඉන්දියාවට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය තෙදින ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියේය.

මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරගකර ඇත.

මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය.

ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇත.

එමෙන්ම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව විශේෂ උත්සවයක් ද අද පස්වරුවේදී කොල්කටාහිදී පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙසී එක්වන විශේෂ වැඩසටහන් සඳහා එක්වීමට සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව හිමිව තිබෙන අතර, එහිදී මෙසී සමග ඡායාරූප ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100 දෙනෙකුට අවස්ථාව ලබා තිබෙනවා.

ඒ වෙනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 3.5කට ආසන්න මුදලක් සංවිධායකයින් වෙත ගෙවීමට සිදුවනු ඇති.

මෙම සංචාරය අතරවාරයේදී ලියොනල් මෙසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට ද නියමිතයි.

The post වසර 14කට පසු ලියොනල් මෙසී ඉන්දියාවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xHE0YrI

Labels:

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZmetBk6

Labels:

Friday, December 12, 2025

වරෙන්තු 88කට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු වයස අවුරුදු‍ 56ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 88ක් නිකුත්කර තිබෙනවා.

අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

The post වරෙන්තු 88කට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Aq1R0En

Labels:

අද තද වැස්සක්

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතෙත් මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද තද වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BkhGAex

Labels:

නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී.

මෙම නවතම රථ වාහන මාදිලි දෙක පසුගිය නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට මහජනතාවට දැක බලා ගැනීමට හැකි විය. ඒ අනුව BYD හි නව බලශාක්ති වාහන මාදිලි අතරට මෙම නවතම මාදිලි එකතු වනු ඇත.

සම්පූර්ණ විදුලියෙන් ක්‍රියා කරන හැච්බැක් මෝටර් රථයක් වන BYD ATTO 1, BYD හි බ්ලේඩ් බැටරියකින් සහ 8-in-1 විදුලි මෝටර් පද්ධතයකින් සමන්විත වන අතර ඒ තුලින් මෝටර් රථයේ කාර්යක්ෂමතාව, පහසුවෙන් ධාවනය කිරීමට ඇති හැකියාව සහ දිගු කාලීන පැවැත්ම තහවුරු කරනු ලබයි. මෝටර් රථයේ ප්‍රමාණය සහ සරල නිමාව හේතුවෙන් නාගරික ගමනාගමනයේදී ඉමහත් පහසුවක් අත්කර දෙනු ඇත්තේ එක් ආරෝපණයකින් කි.මී 300ක ධාවන දුරක් සඳහා පහසුකම් සලසමිනි. අඟල් 10.1 ක touchscreen, Apple CarPlay  සහ Android Auto support, wireless charging සහ airbag 6 ක ආරක්ෂාව සහතික කර ඇති මෙම මෝටර් රථ මාදිලි BYD හි උසස් තාක්ෂණය එදිනෙදා භාවිතයට ගෙන ඒමට කටයුතු කර ඇත.

එසේම මේ ආකාරයෙන්ම SUV BYD ATTO 2 නිර්මාණය කර ඇති BYD සිය CTB (Cell-to-Body) තාක්ෂණය ඊට හඳුන්වා දී ඇත. බැටරිය ඍජුවම වාහන ව්‍යුහයට එක් කරන මෙම තාක්ෂණය හේතුවෙන් වැඩි දියුණු කළ හැකියාවක්, ආරක්ෂාවක් මෙන්ම හැසිරවීමක්  සලසා ගැනීමට හැකි වේ.

මෙම SUV BYD ATTO 2  අඟල් 12.8ක touchscreen, voice assistant, ventilated front seats ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වේ. අංශක 360ක කැමරාව, ස්මාර්ට් රිය පැදවීමේ විශේෂාංගයක් වන cruise control සහ lane-keeping සහාය වැනි විශේෂාංග තුලින් දිගු ගමන්බිමන් සඳහා වැඩි විශ්වාසයක් ලබා දීමට මෙම වාහන මාදිලිය තුලින් BYD කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ නිවැරදි හා පරිශීලක කේන්ද්‍රීය තාක්ෂණයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලන උසස් තත්ත්වයේ NEV මාදිලි රැසක් විවිධ මිල ගණන් යටතේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට අපි කැපවී සිටිනවා. BYD හි සුවිශේෂී තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම වාහන මාදිලි ඉතා විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමේ හැකියාව ඔවුන් වෙත ලබා දෙනවා. විදුලි බලයෙන් ධාවනය වන මනා ගමනාගමන අත්දැකීමක් මෙම මාදිලි තුලින් ලබා දෙනු ඇති බව විශ්වාසයෙන් සඳහන් කළ හැකියි.’’ යනුවෙනි.

BYD ATTO 1 සහ BYD ATTO 2 වෙළෙඳපොලට පැමිණීමත් සමඟ ශ්‍රී ලාංකිකයින් වෙත තමන් බලාපොරොත්තු වූ ආකාරයේ නව බලශක්ති මෝටර් රථයක් තෝරා ගැනීමේ හැකියාව උදා වේ. අනාගතය සඳහා වඩාත් ගැලපෙන නව බලශක්ති රථ වාහන වෙළෙඳපොලට හඳුන්වා දීම තුලින් පිළිබිඹු කරනුයේ BYD සහ John Keells CG Auto හි අඛණ්ඩ කැපවීමයි. මෙම රථ වාහන මාදිලි 2කම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට දැන් වෙන් කර ගත හැකියි.

The post නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bvgTc15

Labels:

Thursday, December 11, 2025

හයිඩර් අලීගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට පනවා තිබූ තාවකාලික තරග තහනම අවලංගු කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB)   විසිනුයි මෙම  තීරණය ගෙන ඇත්තේ.

පාකිස්තාන ‘A  කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර එක්සත් රාජධානියේ උපන් පාකිස්තාන කාන්තාවක් ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කර තිබෙනවා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ මැන්චෙස්ටර් නගර පොලීසිය, හයිඩර්ට එරෙහි චෝදනාවට  සාක්ෂි හමු නොවූ බව පවසමින් ඔහු එම චෝදනාවන්ගෙන් නිදහස් කිරීමටයි කටයුතු කළේ.

හයිඩර් අලිට පනවා තිබූ තහනම ඉවත්කිරීමත් සමග ඔහුට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහාද අවසර ලැබෙනවා.

The post හයිඩර් අලීගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/O1hVQtW

Labels:

බදුල්ලේ නායයෑම් අවදානමක්! පවුල් 238ක් වහාම ආරක්ෂිත ස්ථාන වෙතට!

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග ඇතිවූ නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාවන් පහතින්,

කළුකැලේ කන්ද – පවුල් 50, පුද්ගලයින් 129
ස්වර්ණාතොට – පවුල් 60, පුද්ගලයින් 157
ඌව පරණගම – පවුල් 40, පුද්ගලයින් 127
රිදීමාලියද්ද – පවුල් 50, පුද්ගලයින් 139
මීගහකිවුල – පවුල් 35, පුද්ගලයින් 158
හාලිඇළ – පවුල් 18, පුද්ගලයින් 87
ඇල්ල – පවුල් 34, පුද්ගලයින් 148

The post බදුල්ලේ නායයෑම් අවදානමක්! පවුල් 238ක් වහාම ආරක්ෂිත ස්ථාන වෙතට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zDmrNn2

Labels:

Wednesday, December 10, 2025

රැවටෙන්න එපා! රජය ජනතාවගෙන් ඉල්ලයි!

පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවය.

ඒ හේතුවෙන් එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමේන් වැළකී සිටින ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය දැනුම්දී ඇත.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට පශ්චාත් ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බවය. 

තවද රටක් ලෙස සියලු ජනතාව දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල පරාසයක් තුළ ඔවුන් නැවත වරක් වින්දිතයින් බවට පත්කිරීම වැළැක්වීමේ අරමුණින් එවන් වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවත් අවධාරණය කර සිටී.

The post රැවටෙන්න එපා! රජය ජනතාවගෙන් ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Vgx4kaJ

Labels:

ලබන 16 වෙනිදා ආරම්භ නොවන පාසල් ලැයිස්තුව මෙන්න

ලබන 16 වෙනිදා විවෘත කිරීමට නොහැකි පාසල් වල නාම ලේඛනය පහතින් දක්වා තිබේ.

The post ලබන 16 වෙනිදා ආරම්භ නොවන පාසල් ලැයිස්තුව මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/togEKTm

Labels:

Tuesday, December 9, 2025

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක්

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ.

එම මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමා ඇත.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

The post හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0fw41HF

Labels:

Monday, December 8, 2025

අද රාත්‍රියේ සිට කාලගුණයේ වෙනසක්! තද වැසි වැටෙන ප්‍රදේශ මෙන්න!

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (08) රාත්‍රී කාලයේ සිට අපේක්ෂා කෙරෙනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද රාත්‍රියේ සිට කාලගුණයේ වෙනසක්! තද වැසි වැටෙන ප්‍රදේශ මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1mFKfkZ

Labels:

SLT-MOBITEL ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, මහා මාර්ග අවහිරවීම් ඇතුළු බොහෝ හානි සිදුවීම් වාර්තා විය. මෙම මහා මාර්ග, ගස් අතු, සහ වෙනත් බාධක ඉවත් කරමින් හා ශුද්ධ පවිත්‍ර කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීමට සහාය ලබාදෙන අපගේ වටිනා ශ්‍රම බලකාය වෙත SLT-MOBITEL විසින් විශේෂ ඉල්ලීමක සිදු කරයි.

ඔබට දක්නට ලැබෙනා බිම වැටී තිබෙන SLT-MOBITEL Fibre සහ Copper කේබල් ඉවත් කිරීම හෝ කපා දැමීම සිදු නොකරන ලෙසට SLT-MOBITEL ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම කේබල් බිම වැටී තිබුණද ක්‍රියාත්මක වන බවත්, ඒවා ඉවත් කිරීම හෝ කපා දැමීම හේතුවෙන් නගර ගණනාවකට සන්නිවේදන අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම් කිහිපයක්ම මේ වන විටත් වාර්තා වී ඇති බවත් SLT-MOBITEL ප්‍රකාශ කරයි. ඒ අනුව, SLT-MOBITEL Fibre සහ Copper කේබල් වලට හානි සිදුවීමට ඉඩ නොදී, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සන්නිවේදනය මැනවින් පවත්වාගෙන යෑමේ කාර්යභාරය සඳහා ඔබේ වටිනා සහයෝගය ද ලබාදෙන ලෙසින් SLT-MOBITEL සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම ආපදා අවස්ථාවේදී නිරන්තරයෙන්ම අපගේ ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින අතර, ඔවුන්ට උපරිමයෙන් සහාය ලබාදීම ඔවුන්ගේ අභිප්‍රායි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා උපරිම සහාය ලබාදෙන ලෙසට ආයතනය විසින් මහජනතාවගෙන් සහ ස්වේච්ඡා කණ්ඩායම් වලින් ඉල්ලා සිටී.

The post SLT-MOBITEL ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ypbEWnJ

Labels:

Sunday, December 7, 2025

ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ එම ජලාශ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, මහකනදරාව, රාජාංගන ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශයද පවතින බවය.

එමෙන්ම රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් මේ වන විට තත්ත්පරයට ඝන අඩි 6476ක ජල ප්‍රමාණයක්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්ත්පරයට ඝන අඩි 1164ක ජල ප්‍රමාණයක්ද කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීම කර ඇතැත් නිකුත් කරන ජල ප්‍රමාණය අවම බැවින් එම ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමන් නොමැති බවත්  ඉංජිනේරුවරයා සඳහන් කළේය.

තවද පසුගිය දින කිහිපයේ පැවැති අධික වර්ෂාපතනය හමුවේ වාරි ව්‍යාපාරයන් හී නිර්මිතවල ට අධික ලෙස හානි සිදුව ඇති බැවින් එම හානි සඳහා තාවකාලිකව ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය.

ඒ අනුව රාජාංගන ජලාශයේ දකුණු ඉවර ඇළ ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇතැයිද එය අද දිනයේ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ අනුව එම ජලාශයෙන් පෝෂණය වන වාරි ඉඩම් සඳහා ජලය ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව ඇලහැර යෝධ ඇලෙහි ප්‍රතිංස්කරණද වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂක අංශ, ගොවි සංවිධාන සහය මගින් නිම කරමින් පවතින බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සහ මොරගකන්ද ජලාශයේ නිකුත් කරන ජල ප්‍රමාණය අනුව මෙහි ඉදි කිරීම් කාලසීමාව තීරණය වනු ඇති බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ අනෙකුත් වාරි නිර්මිතයන් හී ඉදි කිරීම්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තාවකාලිකව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවය.

මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව තිබෙන ප්‍රධාන මිනුම් මධ්‍යස්ථාන සැලකීමේදී වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 30-35 අතර ප්‍රමාණයක් බද්දේගම සහ රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ බවය.

එමෙන්ම ගංවතුර මට්ටම් සැලකීමේදී සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතියේ තන්තිරිමලය මල්වතු ඔය බවත් එයත් මේ වන විට අඩුවෙමින් පවතින බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් එය ගංවතුර තත්ත්වයක් නොවන බවත් ජලාශවල ජලය අඩු කිරීමට ජලය නිදහස් කිරීමට කටයුතු කරන බැවින් ඇති වන තත්ත්වයක් බවත් පෙන්වාදෙන ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර  ජලාශවල පවතින ජලය අඩු කරමින් පවතින බවය. 

ඒ අතරට දැදුරු ඔය, රාජාංගනය, නාච්චදූව, මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ මේ වන විට වාන් දොරටු විවෘත කර ජල මට්ටම් අඩු කිරීමට කටයුතු කරන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

The post ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hCOtIcB

Labels:

Saturday, December 6, 2025

ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබාදීමේ අරමුණින් බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.

ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 දිනට පෙර ඉල්ලීමක් කළ විට පහත දක්වා ඇති සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභි බැංකු වෙත දැනුම්දී තිබේ.

  1. තාවකාලික ණය සහන
  2. බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම්
  3. ප්‍රමාද ගාස්තු  / දඩ පොලී ආදිය අය කිරීම අත්හිටුවීම (2026/01/31 දක්වා)
  4. ණය පහසුකම්වලට අදාළ සැකැස්මක් ඉදිරිපත් කිරීම

ඉහත සඳහන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වුවහොත්, බලපත්‍රලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතුවූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම්දිය යුතු අතර, අයදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

තවද, ණය ගනුදෙනු කරුවන්ගෙන් ලැබෙන නව ණය අයදුම්පත් බලපත්‍රලාභී බැංකු විසින් අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශ වාර්තා මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇත.

The post ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NjqCoZh

Labels:

මහ බැංකුවෙන් වැදගත් දැනුම්දීමක්

ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබාදෙන්නේ.

එම උපදෙස් පහතින්.
01. තෙත් වූ මුදල් නෝට්ටු වෙන් කිරීම
– තෙත් වූ මුදල් නෝට්ටු ඉතා ප්‍රවේශමෙන් මෘදු ලෙස හසුරුවන්න
– මුදල් නෝට්ටු මිටි වශයෙන් තිබේ නම්, ඒවා එක්වර ඉවතට ඇදීමෙන් වළකින්න
– මුදල් නෝට්ටු මිටි ලිහා, තෙත උරාගන්නා ද්‍රව්‍යයකින් ඔතා කාමර උෂ්ණත්වයේ දී සෙමින් වියළීමට ඉඩ හරින්න
– මුදල් නෝට්ටු එකිනෙක වෙන් නොවන්නේ නම්, මුදල් මිටිය සීතල හෝ මද රස්නය සහිත පිරිසිදු ජලයේ ගිල්වා, පසුව නෝට්ටු ලිහිල් කිරීම සඳහා වරකට කෙළවරකින් අල්ලා මුදල් මිටිය මෘදු ලෙස සොලවා, නෝට්ටු වෙන් කිරීමට උත්සාහ කරන්න

උණු වතුර, රෙදි සෝදන කුඩු (detergent) හෝ රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්න

02. මුදල් නෝට්ටු වියළීම
– සෑම මුදල් නෝට්ටුවක්ම පිරිසිදු, වියළි මතුපිටක් මත (මෘදු රෙදි, කඩදාසි, තුවා තෙත මාත්තු කරන කඩදාසි) අතුරා තැබිය යුතු අතර එය වර්ණවත් හෝ මුද්‍රිත නොවිය යුතුය
– මුදල් නෝට්ටු වාතාශ්‍රය ඇති ස්ථානයක ස්වභාවිකව වාතයේ වියළීමට ඉඩ හරින්න
– ඉස්ත්‍රික්ක, උඳුන් හෝ කිසිදු අධික තාප ප්‍රභවයක් භාවිත නොකරන්න

03. හුවමාරුව සඳහා ඉදිරිපත් කිරීම
– සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, ගනු දෙනු සදහා තවදුරටත් භාවිතයට ගත නොහැකි බව හැඟීයන මුදල් නෝට්ටු හුවමාරුව සඳහා ඕනෑම වාණිජ බැංකුවකට ඉදිරිපත් කළ හැකිය

The post මහ බැංකුවෙන් වැදගත් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2yWdECZ

Labels:

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස් වෙයි

සමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බව පවසමින් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බවයි ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ.

එම ලිපිය පහතින්,

 “නායකතුමනි,

පක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව හුදු පාක්ෂික දේශපාලනික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගතිමි.

රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක, එකී ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල් වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.

මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැඳීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට මම අදහස් කළෙමි.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලික අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.

එනයින්, අද දින සිට බල පැවැත්වෙන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි.

මෙතෙක් මා හට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර, මෙම තීරණය මාගේ සේවය වඩාත් අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන්, නිදහස් මනසකින් යුතුව ගත් තීරණයක් බව දන්වා සිටිනු කැමැත්තෙමි.”

The post රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස් වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5jIotQY

Labels:

Friday, December 5, 2025

අයවැය ඡන්ද විමසීම අද

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතය.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉකුත් නොවැම්බර් 14 වනදා 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

The post අයවැය ඡන්ද විමසීම අද appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FAGcSN5

Labels:

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රජය හඳුන්වා දුන් ගිණුම් හරහා සිදු කරන මූල්‍ය පරිත්‍යාග සඳහා පමණක් තමන් වගකීම දරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කර තිබේ.

වෙනත් පුද්ගලයන් හෝ සංගම් ගිණුම් සඳහා අමාත්‍යාංශය කිසිදු අනුමැතියක් ලබා දී නොමැති අතර, එවන් පරිත්‍යාගවල වගකීම අදාළ පාර්ශවයන්ටම අයත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම අසීරු අවස්ථාවේදී ජනතාවගේ දායකත්වය අගය කරන බවත්, සිසුන් වෙනුවෙන් කරන පරිත්‍යාගවලදී නිවැරදි ගිණුම් භාවිතා කිරීමට අවධානය යොමු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටී.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීමට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන දායකත්වය ලබා දී ඇති අතර, රජය විසින් නිල ගිණුම් අංක කිහිපයක් ද මේ වන විට හඳුන්වා දී ඇත.

🔗 රජයේ නිල ගිණුම් තොරතුරු සඳහා පිවිසෙන්න: www.donate.gov.lk

The post අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FUu4hXN

Labels:

Thursday, December 4, 2025

කොළඹ-නුවර මාර්ගය යළි වැසේ

විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ.

පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස ගමනාගමනය යළි සීමා කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම කාඩුගන්නාව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පැවසුවේ, කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධකයක් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධකයක් යොදා අදාළ මාර්ග කොටස වසා දමා ඇති බවය.

The post කොළඹ-නුවර මාර්ගය යළි වැසේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zsu6PaA

Labels:

ශ්‍රී පාද වන්දනා වාරය අදින් ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදට ( 04)  යෙදෙන උඳුවප් පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වනවා.

ඊයේ (03) දින උදෑසන පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට සධාතුක කරඬු, සමන් දෙවි ප්‍රතිමාවහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්‍රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම ආරම්භ  කෙරුණා.

මෙයට අමතරව රත්නපුර, අවිස්සාවේල්ල හරහා හැටන් මාර්ගය ඔස්සේ තවත් පෙරහැරක් ද බලන්ගොඩ, මාරතැන්න, බගවන්තලාව දක්වා තවත් පෙරහැරක් ද පවත්වා සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කිරීමටත් බුද්ධ පූජාව සහ දේව පූජා පැවැත්මටත් කටයුතු කර සිරිපා වන්දනා සමය ඇරඹීම සිදු කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළේ.

ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වනවා.

The post ශ්‍රී පාද වන්දනා වාරය අදින් ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/M6psbEK

Labels:

Wednesday, December 3, 2025

කැමරා උස්සන් බඩු බෙදන්න ගිය දයාසිරිව ජනතාව පන්නා දමයි

රට තුළ පවතින ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන බෙදා හැරීමට පැමිණි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් හූ තියමින් නෙරපා හරින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

එම ස්ථානයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ආවේගශීලිව මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පිරිසට විරෝධය දක්වන ආකාරය එම වීඩියෝවෙහි දැක්වුණා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු එම පිරිස සහන බෙදා දීමේදී  වීඩියෝ ගත කිරීම මගින් තමන්ගේ ගෞරවයට හානි වන බව ප්‍රදේශවාසීන් එහිදී විරෝධය පළ කළා.  

“ මේ මිනිස්සු හිඟන්නෝ නෙවෙයි. මේ මිනිස්සු හොඳට කාලා බීලා හිටපු මිනිස්සු. “උඹලාගේ වීඩියෝ ඕනේ නැහැ. මේ මිනිස්සු විකුණගෙන කන්න ඇවිල්ලා” යනුවෙන් ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර සිටියා. 

ජනතාව චෝදනා කළේ එම භාණ්ඩ තොගය මීට පෙර දින රූපවාහිනී නාලිකාවක් විසින් බෙදා දුන් බවයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම භාණ්ඩ තොගය තමා බෙදා දෙන ආකාරයට ප්‍රදර්ශනයක නිරත වීමට උත්සහ කළ බවට ජනතාව චෝදනා කරනවා.

“කවුරුවත් දීපු ඒවා කවුරුවත් බෙදන්න ඕන නැහැනේ” යනුවෙන් පවසමින් , ජනතාව විරෝධය දැක්වූවා..

The post කැමරා උස්සන් බඩු බෙදන්න ගිය දයාසිරිව ජනතාව පන්නා දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dE9O340

Labels:

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ආරක්ෂිතද? විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් පැහැදිලි කිරීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් ලියූ උත්තර පත්‍රවලට ආපදා තත්ත්වයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම සියලුම උත්තර පත්‍ර ඉතා සුරක්ෂිතව තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ අවධාරණය කරනවා.

උසස් පෙළ සියලුම උත්තර පත්‍ර මේ වන විට නියමිත ආරක්‍ෂිත ස්ථානවල තිබෙන බවත් ආපදාවට ලක්වී නොමැති ප්‍රදේශවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි සිදුවන බවත් විභාග කොමසාරිස් ජනරාල්
සඳහන් කරනවා.

සෑම දිනයකම විභාගය අවසානයේදී සියලුම උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන බවත් එය වසර ගණනාවක් තිස්සේ නිවැරදිව සිදුවන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟද විභාගය පැවැත්වෙන කාල සීමාවේදී කාලගුණ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කොට අවධානයෙන් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

The post උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ආරක්ෂිතද? විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/l47i6Yx

Labels:

Tuesday, December 2, 2025

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SMUzNhb

Labels:

Monday, December 1, 2025

නාගලගම් වීදිය ජල මාපංකය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අද (01) පෙරවරු 6.00 ට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.40 ක් ලෙස වාර්තා කරමින් ඉහළම අගයක සටහන් වී තිබුණා.

එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද වාර්තා වනවා.

එසේම හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම අඩි 9.78 ක් ලෙස සටහන් වී තිබුණා.

තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නො වන බවත්, ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවධානයෙන් සිටින ලෙස සියලු දෙනාටම දැනුම් දෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

The post නාගලගම් වීදිය ජල මාපංකය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/o5MgZjB

Labels: