හයිඩර් අලීගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට පනවා තිබූ තාවකාලික තරග තහනම අවලංගු කර තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පාකිස්තාන ‘A කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර එක්සත් රාජධානියේ උපන් පාකිස්තාන කාන්තාවක් ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කර තිබෙනවා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ මැන්චෙස්ටර් නගර පොලීසිය, හයිඩර්ට එරෙහි චෝදනාවට සාක්ෂි හමු නොවූ බව පවසමින් ඔහු එම චෝදනාවන්ගෙන් නිදහස් කිරීමටයි කටයුතු කළේ.
හයිඩර් අලිට පනවා තිබූ තහනම ඉවත්කිරීමත් සමග ඔහුට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහාද අවසර ලැබෙනවා.
The post හයිඩර් අලීගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/O1hVQtW
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home