https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Friday, December 5, 2025

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රජය හඳුන්වා දුන් ගිණුම් හරහා සිදු කරන මූල්‍ය පරිත්‍යාග සඳහා පමණක් තමන් වගකීම දරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කර තිබේ.

වෙනත් පුද්ගලයන් හෝ සංගම් ගිණුම් සඳහා අමාත්‍යාංශය කිසිදු අනුමැතියක් ලබා දී නොමැති අතර, එවන් පරිත්‍යාගවල වගකීම අදාළ පාර්ශවයන්ටම අයත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම අසීරු අවස්ථාවේදී ජනතාවගේ දායකත්වය අගය කරන බවත්, සිසුන් වෙනුවෙන් කරන පරිත්‍යාගවලදී නිවැරදි ගිණුම් භාවිතා කිරීමට අවධානය යොමු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටී.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීමට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන දායකත්වය ලබා දී ඇති අතර, රජය විසින් නිල ගිණුම් අංක කිහිපයක් ද මේ වන විට හඳුන්වා දී ඇත.

🔗 රජයේ නිල ගිණුම් තොරතුරු සඳහා පිවිසෙන්න: www.donate.gov.lk

The post අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FUu4hXN

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home