https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කැමරා උස්සන් බඩු බෙදන්න ගිය දයාසිරිව ජනතාව පන්නා දමයි

Wednesday, December 3, 2025

කැමරා උස්සන් බඩු බෙදන්න ගිය දයාසිරිව ජනතාව පන්නා දමයි

රට තුළ පවතින ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන බෙදා හැරීමට පැමිණි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් හූ තියමින් නෙරපා හරින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

එම ස්ථානයට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ආවේගශීලිව මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පිරිසට විරෝධය දක්වන ආකාරය එම වීඩියෝවෙහි දැක්වුණා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු එම පිරිස සහන බෙදා දීමේදී  වීඩියෝ ගත කිරීම මගින් තමන්ගේ ගෞරවයට හානි වන බව ප්‍රදේශවාසීන් එහිදී විරෝධය පළ කළා.  

“ මේ මිනිස්සු හිඟන්නෝ නෙවෙයි. මේ මිනිස්සු හොඳට කාලා බීලා හිටපු මිනිස්සු. “උඹලාගේ වීඩියෝ ඕනේ නැහැ. මේ මිනිස්සු විකුණගෙන කන්න ඇවිල්ලා” යනුවෙන් ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර සිටියා. 

ජනතාව චෝදනා කළේ එම භාණ්ඩ තොගය මීට පෙර දින රූපවාහිනී නාලිකාවක් විසින් බෙදා දුන් බවයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම භාණ්ඩ තොගය තමා බෙදා දෙන ආකාරයට ප්‍රදර්ශනයක නිරත වීමට උත්සහ කළ බවට ජනතාව චෝදනා කරනවා.

“කවුරුවත් දීපු ඒවා කවුරුවත් බෙදන්න ඕන නැහැනේ” යනුවෙන් පවසමින් , ජනතාව විරෝධය දැක්වූවා..

The post කැමරා උස්සන් බඩු බෙදන්න ගිය දයාසිරිව ජනතාව පන්නා දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dE9O340

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home