https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: වසර 14කට පසු ලියොනල් මෙසී ඉන්දියාවට

Saturday, December 13, 2025

වසර 14කට පසු ලියොනල් මෙසී ඉන්දියාවට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය තෙදින ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියේය.

මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරගකර ඇත.

මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය.

ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇත.

එමෙන්ම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව විශේෂ උත්සවයක් ද අද පස්වරුවේදී කොල්කටාහිදී පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙසී එක්වන විශේෂ වැඩසටහන් සඳහා එක්වීමට සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව හිමිව තිබෙන අතර, එහිදී මෙසී සමග ඡායාරූප ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100 දෙනෙකුට අවස්ථාව ලබා තිබෙනවා.

ඒ වෙනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 3.5කට ආසන්න මුදලක් සංවිධායකයින් වෙත ගෙවීමට සිදුවනු ඇති.

මෙම සංචාරය අතරවාරයේදී ලියොනල් මෙසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට ද නියමිතයි.

The post වසර 14කට පසු ලියොනල් මෙසී ඉන්දියාවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xHE0YrI

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home