https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: October 2025

Monday, October 27, 2025

ඉන්දියාවට කරට කර සටනක් ලබා දුන් ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිවෙයි

ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40කට හිමිකම් කියමිනි.

තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්ය.

ශූරතාවය දිනා ගත් ඉන්දියාව රන් පදක්කම් 20ක් දිනූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගත්හ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි විය.

විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක් හෝ දිනාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

මෙහිදි බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 03ක්ද, මාලදිවයින ලෝකඩ පදක්කමක්ද දිනාගැනීම සමත් වුණා.

මෙවර තරගාවලියට සහභාගී වූ භූතානයට එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි විය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි තරග වැදුණහ.

The post ඉන්දියාවට කරට කර සටනක් ලබා දුන් ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Llyap9o

Labels:

අද කාළගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාළගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sbEqN7W

Labels:

Sunday, October 26, 2025

අද කාලගුණ නිවේදනය

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයිඑම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yivF0gX

Labels:

Saturday, October 25, 2025

රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා A සහ B ආසාදනයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දරුවන්ට බවයි.

මෙම සෘතුමය වසංගත තත්ත්වය වර්ෂා කාලයේදී සහ වසර අවසානයේදී වඩාත් සක්‍රීය වන බවත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ පාසල්වල ළමුන් වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර වන බවද ඔහු පැවසීය.

“මෙම රෝගය විවිධ ස්වරූපවලින් මතු විය හැක. බොහෝ දරුවන්ට හදිසි උණ, කැස්ස, උගුරේ අමාරුව, හොටු දියර ගැලීම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ඇතිවන අතර, ඇතැම් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ, කන් ආසාදන, සයිනසයිටිස් හෝ ඇදුම සහිත දරුවන්ට පපුවේ මහන්සිය වැනි තත්ත්වයන්ද අත්විඳිය හැකිය.”

වෛද්‍ය විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, කුඩා දරුවන්ට වමනය සහ පාචනය ඇතිවිය හැකි අතර, එය ඇතැම් විට විජලනයට හේතු විය හැකි බවයි.

ඇතැම් අවස්ථාවන්හිදී, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි අතර, වයස අවුරුදු දෙකට අඩු ළදරුවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට නියුමෝනියාව සහ දරුණු ශ්වසන සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.

එබැවින්, දරුවන් තුළ රෝග ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය, ආහාර අරුචිය හෝ අසාමාන්‍ය නිදිමත ගතිය වැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

The post රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oOq3K48

Labels:

Friday, October 24, 2025

රජයේ ආයතන වල හිතුමතේ පඩි වැඩි කිරීම්, බඳවා ගැනීම් බෑ! නව චක්‍රලේඛයක්!

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතන මින් පසු හිතුමතේ සේවකයන් බඳවා ගැනීම් සහ වැටුප් වැඩි කිරීම් දීමනා ආදිය ලබාදීම නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සමාගම්වල සභාපතිවරුන්ටය.

මූල්‍ය කළමනා කරණයේ පියවරක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව දැනගන්නට ඇත.

The post රජයේ ආයතන වල හිතුමතේ පඩි වැඩි කිරීම්, බඳවා ගැනීම් බෑ! නව චක්‍රලේඛයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/s1Xf4ck

Labels:

Thursday, October 23, 2025

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක

අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූකොයිල් (Lukoil) ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පනවා තිබෙනවා.

මෙය මොස්කව් නුවරට යුක්‍රේනයේ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නව සම්බාධක පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙම සම්බාධක මගින් සාම ක්‍රියාවලියේ ඉදිරි පිම්මක් ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

“මේවා දැවැන්ත සම්බාධක. රුසියාවේ විශාල තෙල් සමාගම් දෙකට එරෙහිව පනවා ඇති මේවා ඉතා වැදගත් වන අතර, යුද්ධය සමථයකට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වන නිසා මේවා වැඩි කලක් පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නේ නැහැ,” යනුවෙනුයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටින්නේ.

The post රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MYdlDeR

Labels:

අද ලොකු වැස්සක්

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/M08l4LZ

Labels:

Wednesday, October 22, 2025

ගුරු වෘත්තියට පිවිසීමට සිහින දකින්නන්ට ලැබුණු සුබ පණිවිඩය

පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව පැවසූවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව‍යි.

වැඩි දුරටත් කරුණු දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

”ජාතික පාසල්වල පමණක් පුරප්පාඩු 1,501ක් තිබෙනවා. පළාත් පාසල්වලට අදාළව බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණු පළාතේ 2,513ක්, මධ්‍යම පළාතේ 6,318ක්, වයඹ පළාතේ 2,990ත්, ඌව පළාතේ 2,780ක්, උතුරු මැද පළාතේ 1,568ක්, නැගෙනහිර පළාතේ 6,613ක්, සබරගමුව පළාතේ 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී තිබෙනවා. ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිතයි.”

මේ අතර පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව‍යි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.

The post ගුරු වෘත්තියට පිවිසීමට සිහින දකින්නන්ට ලැබුණු සුබ පණිවිඩය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yHQZsL6

Labels:

ජනාධිපති ට්‍රම්ප්ගේ සටන් විරාමය ලොවම රැවටීමක්ද?

අදහස් දැක්වීම – විවෘත විශ්ව විද්‍යාලයේ,සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ,ජාත්‍යන්තර සම්බන්ධතා හා දේශපානය විද්‍යාව පිළිබදව, කථිකාචාර්ය කලණ ගයන්ත මහතා

“ මැද පෙරදිග කලාපය නොසන්සුන් තාවය ඇති වුයේ 2023 ඔක්තෝබර් 7 වැනිදා ගාසා හමාස් සටන්කාමීන්, දේශ සීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දී ඊශ්‍රායල වැසියන් පැහැරගෙන යෑමෙන් අනතුරුවය. හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් වැසියන් ගණන 200 කට වැඩිය. හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව ඉවක් බවක් නැතිව ගාසා තීරයට පහර දුන්නේ, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ අරමුණින්ය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වූ 67,869 දෙනාගෙන් වැඩිදෙනා පලස්තීන කුඩා දරුවෝ සහ කාන්තාවෝය. ගාසා තීරයට ආධාර (ආහාර සහ ඖෂධ) ලැබීම අවහිර කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ බැවින්, කුසට අහරක් නොමැතිව මියගිය පලස්තීනුවෝ ද වෙති. ඊශ්‍රායල ප්‍රහාර වලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 170,105 ක් යැයි පලස්තීනය එහි සෞඛ්‍ය අමත්‍යාංශයට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. තුවාල ලැබූ වැඩි දෙනා ද කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසිණි. 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම ඇරැඹුවේය.

මෙහිදී විශේෂයෙන්ම ඊශ්‍රායල් රජය චෝදනා කලේ හමාස් සංවිධානය සඳහා ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය සහයෝගය මේ සඳහා හිමිවන බවයි. ඒ වගේම මෙහිදී තිබෙන ප්‍රධාන කාරණාවක් තමයි ඊශ්‍රායලය විශේෂයෙන් ම තමන්ගේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුමත් සමග එල්ල කල අමානුෂික ප්‍රහාර හමුවේ පලස්තීන ජනතාව මියගියා. ඒ වගේම පලස්තීනයේ ජීවත්වන කුඩා දරුවෝ විශාල ප්‍රමාණයක් මිය ගියා. අනෙක් කාරණාව තමයි ගාසා තීරයේ තිබෙන විශේෂයෙන් රෝහල් ඉලක්ක කරගෙන, ළමා සහ කාන්තාවන් සරණාගත කදවුරු ඉලක්ක කරගෙන තමයි ඔවුන් ප්‍රහාර එල්ල කළේ. ප්‍රහාර එල්ල කිරීමත් සමග පලස්තීන කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් මියගියා.

ඊශ්‍රායල රජය විසින් අනුගමනය කරන ලද මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව ලෝකය පුරා සිටි ජනතාව හඬ නැගුවා. ඒ වගේම හොඳම කාරණාව තමයි විශේෂයෙන්ම ඊශ්‍රායලයේ හැසිරීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝනි ඒ වගේම කැනඩා අග්‍රාමාත්‍යවරයා Mark Carney , අයර්ලන්තයේ අග්‍රාමාත්‍ය Micheál Martin, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යය Anthony Albanese බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer, ඒ වගේම කාටර්,ඉරානය,පාකිස්තාය,ඊජිප්තුව, ඉන්දුනීසියාව,ලෙබනය යන මුස්ලිම් රාජ්‍යයන් හෙලා දැක්කා. ඊට පිළිතුරු වශයෙන් විශේෂයෙන් ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, අයර්ලන්තය, බ්‍රිතාන්‍ය යන රටවල් තීරණය කළා පලස්තීනය නිල රාජ්‍යයක් විදිහට පිළිගන්න. ඇත්තටම මෙම තීරණය ගත්තේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග වලට විරුද්ධව. එතකොට අපි දන්නවා ලෝකයේ පංච මහා බලවතුන් නැත්නම් නිශේධ බලයන් හිමි රාජ්‍යයන් පහක් තිබෙනවා. ඒ තමා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය සහ රුසියාව. එතකොට මේ රටවල් වලින් ඇමෙරිකාව හැර බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ චීනය යන රටවල් හතර දැනටමත් පලස්තීනය රාජ්‍යයක් විදියට පිළි අරගෙන තියෙනවා. එතකොට මේ තත්ත්වය නිසා ට්‍රම්ප්ට අමතර පීඩනයක් එල්ල වුණා මෙම ගැටුම අනිවාර්යෙන් නතර කළ යුතුයි කියන තැනට පැමිණීමට. නැත්නම් මෙම ගැටළුව සඳහා මැදිහත් විය යුතුයි කියලා ජාත්‍යන්තර සංවිධාන වලින් පීඩන එල්ල වුණා. ඒකට ගොඩක් හේතුව තමයි ප්‍රංශ ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා යන මේ දෙදෙනා විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කිරීම නිසා. එයට විසඳුමක් ලෙස ඇමරිකාවට සිදුවුණා මෙයට විරුද්ධව ඊශ්‍රායලය පොළඹවන්න සාම ගිවිසුමක් ඇති කරන්න. විශේෂයෙන්ම මෙම ගැටුම අතරතුර නැතහොත් මෙම කාලය පරිච්ඡේදය අතරතුර ඊශ්‍රායලය සහ ඉරානය අතර දින කිහිපයක් ගැටුමක් ඇතිවුණා මෙම ගැටුමට ඇමරිකාවත් සම්බන්ධ වුණා. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කරගනිමින් ඇමරිකාව එල්ල කරපු ගුවන් ප්‍රහාරත් එක්ක. නමුත් මෙම ගැටුමට මැදිහත්වීම සඳහා ට්‍රම්ප් උපක්‍රමශීලී මැදිහත්වීමක් විදිහට තමයි මම පෞද්ගලිකව දකින්නේ.

ඔක්තෝබර් 13 වැනිදා අත්සන් කල සටන් විරාමය

ඔක්තෝබර් 13 වැනිදා ඊජිප්තුවේ දී අත්සන් කරනු ලැබූ සටන් විරාමය සඳහා විශේෂයෙන්ම ඇමෙරිකාව, කටාර් ,ඊජිප්තුව සහ තුර්කිය ප්‍රධාන මූලිකත්වය ගැන ක්‍රියා කළා. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, පකිස්ථානය ඇතුළු රටවල් විස්සකට අධික ප්‍රමාණයක රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගී වෙලා හිටියා. ඒ වගේම මේක ට්‍රම්ප් හඳුන්වා දුන්නේ මැද පෙරදි කලාපය තුළට නැවත සාමය ප්‍රතිස්ථාපනය කිරීමක් විදිහට තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා හඳුන්වා දුන්නේ. නමුත් මගේ පෞද්ගලික අදහස් වන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට මැද පෙරදිග සාමයක් ඇති කිරීම සඳහා මම අර කලින් කිව්ව කාරණා ගොඩක් දුරට හේතු උනා මොකද ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඒ වගේම යුරෝපා රටවල් විශේෂයෙන්ම ඊශ්‍රායලයට එරෙහිව, ජාත්‍යයන්තරය තුල අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග නිසා ඇමෙරිකාවට සිදු උනා සාමයකට ඊශාලය පොළබවන්න. ඒ වගේම තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය තුලින් සහ ඇමරිකාව අභ්‍යන්තරය තුළ ඇතිවූ පීඩනය ගොඩක් දුරට තවත් හේතු වුණා. ඒ වගේම තමා ඊශ්‍රායලය කටාර් රාජ්‍යයට එල්ලන ලද ප්‍රහාරය ඒ වගේම ඊශ්‍රායලය පසුගිය මාසයේදී කටාරයට දෝහා නුවර විශේෂයෙන්ම හමාස් සංවිධාන නායකයින් සිටින ස්ථානයට ප්‍රහාරයක් එල්ල කළා. එතකොට කටාර්වල ප්‍රධානියා, එමීර්වරයාTamim bin Hamad bin Khalifa Al Thani මෙම ප්‍රහාරය තරයේ හෙලා දැක්කා. ස්වාධීන රාජ්‍යකට එරෙහිව එහෙම ඊශ්‍රායලය මැදිහත් වෙලා ප්‍රහාරයක් එල්ල කරන්න බැහැ. මේ නිසා කටාර් රාජ්‍යත් ඊශ්‍රායලයේ හැසිරීමට දැඩි විරුද්ධත්වයක් දැක්වුවා. ඒකත් හේතු වුණා විශේෂයෙන්ම ඇමරිකාව ඊශ්‍රායලය පාලනයේ තබාගත යුතුයි නැත්නම් ලෝකයේ ජාත්‍යන්තර රටවල් විරුද්ධවනවා කියන මතය ඔවුන්ට එල්ලවෙන්න් පටන් ගත්තා. ඒකත් විශේෂ හේතුවක් වුණා සාමයකට යොමු වෙන්න. ඇත්තටම මගේ මතය වන්නේ විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ගැටුම වළක්වන්න ගොඩක් හේතු උනා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඊශ්‍රායලය යුධ අපරාධ හෙලා දැකීම. හිටපු ජගත් මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරියක් වන නවනීදන් පිල්ලේ මුල්කරගත් අධ්‍යනයකින් පවා ඊශ්‍රායලය යුධ අපරාධ කල බව සනාත උනා. ප්‍රංශය බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවල් ඊශ්‍රායල ක්‍රියාමාර්ග වලට එරෙහිව ගත්ත ජාත්‍යන්තර හඬ නැගීම්, ගෝලීය පද්ධතිය විශේෂයෙන් ඇමරිකාව ඇතුලෙන්ම ඊශ්‍රායලයේ යුධමය ක්‍රියාමාර්ග වලට දැඩි විරෝධයක් ආවා. ඒ වගේම ට්‍රම්ප්ට තව අවශ්‍යතාවයක් තිබුණා ලෝකය තුල තමන් ගැටුම් වළක්වා ගන්නට මුල පුරන නායකයෙක් ලෙස තමන්ගේ පෞද්ගලික චරිතය ලෝකය තුළ වර්ධනය කරගෙන නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම ඉලක්ක කර ගනිමින් තමන්ට පෞද්ගලික ප්‍රචාරයක් ලබාගන්න උත්සහ කලා ඒකත් ට්‍රම්ප්ගේ එක හේතුවක් වුණා මේකට මැදිහත් වෙන්න.

නමුත් මගේ මතය වන්නේ විශේෂයෙන්ම මෙම ගැටුම සඳහා මේ ලබාදුන් විසඳුම ස්ථිර විසඳුමක් නොවේ. ඒ වගේම ජාත්‍යන්තර සබඳතා වශයෙන් අපි මේක් කතා කරද්දි Edward E. Azar මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා න්‍යායක් සමාජ දිග්ගැසුණු ගැටුම් න්‍යාය ( Protracted social conflict). දිග්ගැස්සුනු සමාජ ගැටුම යනු ආරක්ෂාව, පිළිගැනීම සහ ආර්ථික සහභාගීත්වය වැනි මූලික අවශ්‍යතා සඳහා වාර්ගික කණ්ඩායම් අතර දිගුකාලීන, බොහෝ විට ප්‍රචණ්ඩකාරී, අරගල වේ.

සමාජ දිග්ගැසුණු ගැටුමක් විදියට තමයි ඊශ්‍රායල පලස්තීන ගැටුම හඳුන්වන්න පුළුවන්. 1948 ඊශායලය බිහිවුන දා ඉදලා අද වෙනකම් ගැටුම දශක ගනන් ඇදිලා එනවා. තවත් හේතුක් තමයි ඉදිරිපත් වෙච්ච සෑම විසඳුමක් ම තාවකාලික විසඳුම්. ඒවා අළු යට සැඟවිලා තියෙන ගිනි පොකුරු වගේ තියෙනවා අළු ඉවත් වෙච්ච දවසට නැවතත් ගිනි පොකුරු මතු වෙන්න පුළුවන් ඒ නිසා මේ විසඳුම් සාධාරණ විසඳුම් ලැබුනා කියලා මම හිතන්න බැහැ. පලස්තීනයට නියම ස්ථිර සාමයක් විසඳුමක් ලබාගන්න පුළුවන් පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස නිල රාජ්‍යයක් විදිහට පිළි අරගෙන ඊශ්‍රායලය හා පලස්තීනයට දිවි රාජ්‍ය විසඳුමකට පමණයි කියන එක තමයි මගේ මතය. මම හිතන් නෑ ජනාධිපති ට්‍රම්ප්ගේ තාවකාලික යෝජනාව සාර්ථක වේ කියලා දීර්කාලීනව ට්‍රම්ප් තමන්ගේ පෞද්ගලික චරිතය තුල ප්‍රචාරයක් ලබාගන්න සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ලවන බලපෑම් වලින් මිදෙන්න කරපු ක්‍රියාමාර්ගයක් විතරයි මේක. ඒ නිසා මේක සාධාරණ විසඳුමක් විදිහට මම දකින්නේ නෑ.”

(පියුමිකා විරසූරිය – ලංකාදීප)

The post ජනාධිපති ට්‍රම්ප්ගේ සටන් විරාමය ලොවම රැවටීමක්ද? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SEhuQcG

Labels:

Tuesday, October 21, 2025

හික්කඩුවේ වෙඩිතැබීමක්

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් ‍දෙදෙනෙක් හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ මෙලෙසින් වෙඩි තබා පලාගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසනවා.

වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවත් පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post හික්කඩුවේ වෙඩිතැබීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mZP1IJM

Labels:

ජපන් වාහනයක් මිලදී ගැනීමට ඔබට කදිම අවස්ථාවක්! ජපානයෙන් ආනයනය කරන වාහනවල මිල වේගයෙන් පහළට!

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අංශයේ වාර්තා අනුව, මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය අතර කාලය තුළ පෞද්ගලික වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 705ක මුදලක් වැය වී තිබේ.

වාහන ආනයනකරුවන් සඳහන් කරන පරිදි, ජපානයේ නිෂ්පාදිත වාහනවල මිල පහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ වාහන මිලද අඩුවෙමින් පවතී. ජපානයේ මිල අඩු වී ඇත්තේ එරට වාහන මිලදී ගැනීම් අඩුවීම නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ

මේ අතර, රටට විශාල ප්‍රමාණයක වාහන ආනයනය වීම හේතුවෙන් ලියාපංචි කරන ලද වාහනවල මිලද සෑහෙන වශයෙන් පහළ ගොස් තිබේ. වාහන වෙළඳපොලේ ඇතැම් මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 10 සිට 15 දක්වා අඩුවී ඇති බවත් වාර්තා වේ.

උදාහරණයක් ලෙස, පෙර රුපියල් ලක්ෂ 255 සිට 250 දක්වා මිලකට තිබූ වාහනයක් අද වන විට රුපියල් ලක්ෂ 235ක් පමණ මිලකට ලබාගත හැකිය.

එමෙන්ම, ජපානයෙන් පෞද්ගලිකව ආනයනය කළ හැකි වාහනවල මිලද පහළ යාමක් පෙන්වයි. ඒ අනුව, ප්‍රදර්ශනාගාර මට්ටමේ තිබූ 2025 වර්ෂයේ නිෂ්පාදිත Honda Vezel සහ Toyota Yaris වාහනවල මිල පෙර තත්ත්වයට සාපේක්ෂව රුපියල් ලක්ෂ දෙකකින් අඩුවී ඇත.

තවත් වාර්තා වලට අනුව, Suzuki Alto Hybrid සහ Wagon R (Hybrid හා පෙට්‍රල්) වාහනවල මිලද රුපියල් ලක්ෂ පහේ සිට හය දක්වා අඩුවී ඇති බවද සඳහන් වේ.

The post ජපන් වාහනයක් මිලදී ගැනීමට ඔබට කදිම අවස්ථාවක්! ජපානයෙන් ආනයනය කරන වාහනවල මිල වේගයෙන් පහළට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/u3t6ydJ

Labels:

චමරි අතපත්තුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙන දෙයි

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර ඊයේ (20) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.

කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන් පන්දුවාර 48.4ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා.

ඉනිමේ ඉහළම ලකුණු ලාභීන් වූ නායිකා චමරි අතපත්තු ලකුණු 46ක්ද, හසිනි පෙරේරා ලකුණු 85ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 37ක්ද රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.

මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමරි අතපත්තු අවසන් පන්දු වාරයේදී දුවද්දී දැවී යාමක්ද සමග පළමු පන්දු හතරේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.

සුගන්ධිකා කුමාරි කඩුළු 02ක්ද, උදේෂිකා ප්‍රබෝධානි එක් කඩුල්ලක්ද බැගින් දවාගත්තා.

The post චමරි අතපත්තුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙන දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bupPIjd

Labels:

Monday, October 20, 2025

වාහන ආනයන ලිහිල් කිරීමට මෙවර අයවැයෙනුත් පියවර

ලබන වසරේදී, රජය වාහන ආනයනය හරහා ආදායම වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවත් ආනයන ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත්, වසර පහක් දක්වා පැරණි වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම් ලබන වසරේ අයවැයෙන් සළකා බලනු නැති බව ද දැනගන්නට තිබේ.

ලබන වසරේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 550ක් පමණ වනු ඇතැයි රජය අපේක්ෂා කරන නමුත්, මේ වසරේ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන 650ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පෙබරවාරි මාසයේදී ආනයන තහනම ලිහිල් කිරීමෙන් පසු මේ දක්වා වාහන ආනයනයෙන් ලැබුණු බද්ද රුපියල් බිලියන 450 ඉක්මවා ඇත.

ලබන වසරේ අයවැය සකස් කිරීම අවසන් අදියරට ළඟා වෙමින් තිබූ බැවින්, පවතින බදු සංශෝධනය කරනු ඇතැයි සිතිය නොහැකි බව නිලධාරීහු පැවසූහ.

The post වාහන ආනයන ලිහිල් කිරීමට මෙවර අයවැයෙනුත් පියවර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4SGZ0XW

Labels:

අද කාලගුණ නිවේදනය

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TeuBhNF

Labels:

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ  දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන බවය.

මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන්වලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟාවල ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ අතර දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවීත කර මේ වන විට තත්ත්පරයට ඝණ අඩි 16,250ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට එම ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවත් මේ හේතුවෙන් දැදුරු ඔය ආශ්‍රිතව පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිතව පහළ නිම්නයන් හී පදිංචිකරුවන් මෙන්ම ඉහත දක්වා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රවේශ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගෙන් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

The post මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LT1SK46

Labels:

Sunday, October 19, 2025

ජනපති රාජ්‍ය සේවයකයින්ට කළ සිහි කැඳවීම

සෑම වෘතියක් සඳහාම වෘතියමය භාවය,නිපුනතාව එම වෘත්තිය සමග බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අන්හිමානවත් ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීයමය භාවය අඛණ්ඩව ආරක්ෂාකරගත් හමුදාවක් බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රධානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ඊයේ(18) ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨ කඳවුරේ දී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්.

මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් ආවේක්ෂණයේදී ගුවන් හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදා අවස්ථාවල දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන පුළුල් දායකත්වය ඇගයීමට ලක්කළා.

සුරකිමු ලකඹර තේමාව මුල්කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව අංක 03 සමුද්‍රීය බලඝනය මාතෘභූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ට සේවාව ,ක්‍රියාන්විත විශිෂ්ටත්වය අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රධනය සිදු කෙරුණා.

The post ජනපති රාජ්‍ය සේවයකයින්ට කළ සිහි කැඳවීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TtOuDoU

Labels:

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අගෝස්තු මස 10 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911, 0112784208, 0112784537, 0112785922 0112784422 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බවද සඳහන් වේ.

The post ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/E6V8Ffu

Labels:

Saturday, October 18, 2025

පාකිස්තානයේ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

The post පාකිස්තානයේ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GHeR6hF

Labels:

Friday, October 17, 2025

අද වැසි වැටෙන ප්‍රදේශ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v9poEqr

Labels:

Thursday, October 16, 2025

අද පස්වරු 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් අද (16) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැක බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post අද පස්වරු 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rm1fw2C

Labels:

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට තවත් ලොකු ලෙඩක් වැටෙයි

කෙටි කාලයකදී කෝටි ගණනක දේපළක් උපයා දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන බවට චෝදනා එල්ල වූ නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලීගේ “ලෝලියා ස්කින් සමාගම” මගින් රට පුරා බෙදා හරින ක්‍රීම් වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවත් කෞශල්‍ය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර තිබුණේ, පියුමි හංසමාලි සිය පාරිභෝගිකයින්ට ලබාදෙන ක්‍රීම් වර්ග අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

පියුමි හංසමාලි අයථා වත්කම් උපයා ඇති බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයට අදාළව විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

සම සුදු කිරීම සඳහා ගල්වන ක්‍රීම් මිනිස් ශරීරයට හිතකරද නැද්ද යන්න පිළිබඳව වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුම් හංසමාලි බැංකු ගිණුම් 18ක් පවත්වාගෙන යෑම, හිටපු ජනාධිපතිවරයක් භාවිතා කර විකුණා ගැනීමට නොහැකි වී තිබූ රුපියල් ලක්ෂ අටසීයකට (කෝටි 8ක) රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, ඇතුළු කරුණු සම්බන්ධයන් මෙම විමර්ශනය සිදු කරනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

(source – news19)

The post ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට තවත් ලොකු ලෙඩක් වැටෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dThbP2G

Labels:

ආන්දෝලනාත්මක වෙළඳ දැන්වීම ඉවත් කර ගැනීමට වටවල තේ සමාගම තීරණය කරයි! පාරිභෝගිකයන්ට කණගාටුවත් පළ කරයි!

ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර ඇත.

වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන් වේ:

“ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් ලෙස, වටවල තේ සැමවිටම ජනතාව එක්තැන් කිරීම විශ්වාස කරන අතර, අපගේ කතාන්දර තුළින් ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම හා ශක්තිය දිගු කලක් සමරා ඇත.

අපගේ මෑත කෙටි චිත්‍රපටය වන ‘Him, Her and Them’ නිර්මාණය කළේ ද එම උදාර අරමුණ පෙරදැරිවය. එය පවුල් ජීවිතයේ එදිනෙදා හැඟීම් මෙන්ම, සෑම දරුවෙකුම තමන්ගේම ආකාරයෙන් ඉගෙන ගන්නා ශක්තිය හා සංවේදීතාව අතර සමබරතාවය පිළිබිඹු කිරීමට අදහස් කරන ලදී.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අප කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවත්, අපගේ වටිනා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු අතර එය අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කර ඇති බවත් අපි තේරුම් ගනිමු. ඒ ගැන අපගේ කණගාටුව පළ කරමු.

සන්නාමයක් ලෙස, අපි ඔබ සැමගේ අදහස්වලට සවන් දෙන අතර, පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පවුල් එක්සත් කරන පොදු වටිනාකම් කෙරෙහි ගරු කරමින්, මෙම චිත්‍රපටය අපගේ වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත්තෙමු.

අපගේ පාරිභෝගිකයන්, සේවකයන් සහ සුභ පතන්නන් මෙන්ම, අපේක්ෂිත පණිවිඩයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ සහ අර්ථවත් ප්‍රතිචාර අප සමඟ බෙදා ගත් සියලු දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු. අප තවදුරටත් ජනතාව එකට එක් කරන, අප බෙදා ගන්නා සෑම තේ කෝප්පයකම ඇති සුවපහසුව, කරුණාව සහ සම්බන්ධතාවය සමරන කතාන්දර ඉදිරිපත් කරන්නෙමු”

මෙම කෙටි චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර, පවුල් සාරධර්ම සම්බන්ධයෙන් මතභේදයක් ඇති කර තිබුණි.

The post ආන්දෝලනාත්මක වෙළඳ දැන්වීම ඉවත් කර ගැනීමට වටවල තේ සමාගම තීරණය කරයි! පාරිභෝගිකයන්ට කණගාටුවත් පළ කරයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7gkIxwh

Labels:

Wednesday, October 15, 2025

දෙහිවලට අමිල මිලක් ලැබෙයි! මිල තවදුරටත් ඉහළට!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව ජනතාව පවසනවා.

ඒ අනුව දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින දෙහි හිඟය නිසා දෙහි මිල ඉහළ යෑම සඳහා බලපා ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවයි.

The post දෙහිවලට අමිල මිලක් ලැබෙයි! මිල තවදුරටත් ඉහළට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QNVi6Fn

Labels:

වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයේ දැනෙන වෙනසක්!

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ හේතුවෙන් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයේ දැනෙන වෙනසක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7YGocuA

Labels:

Tuesday, October 14, 2025

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාවයි.

වෙඩිතැබීම සිදුකළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර, ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.

The post ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YFEmWiq

Labels:

Monday, October 13, 2025

රු.70ක වතුර බෝතලයක් රු.90ට වික්කාට ලක්ෂ ගණනක දඩයක් ගහයි

පාලන මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතලයක් විකිණීම සම්බන්ධයෙන් කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 600,000 ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසින් අදාළ ව්‍යාපාරික ස්ථානයට එරෙහිව එම නඩුව ගොනු කර තිබිණි.

එම ව්‍යාපාරික ආයතනය මගින් රුපියල් 70 කට මිල කරන ලද මිලි ලීටර් 500 ක පානීය ජල බෝතලයක් රුපියල් 90 කට අලෙවි කර ඇති අතර එමඟින් පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි යටතේ වරදක් සිදු කර ඇත.

පසුගියදා පැවති නඩු විභාගයේදී, විත්තිකාර ආයතනය අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

දඬුවම් නියම කිරීමට පෙර, පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ නීතිය යටතේ එවැනි වැරදි සඳහා දඩ මුදල් අවම වශයෙන් රුපියල් 500,000 සිට උපරිම වශයෙන් රුපියල් 5,000,000 දක්වා විය හැකි බවයි.

ඉදිරිපත් කරන ලද කරුණු සමාලෝචනය කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ව්‍යාපාරික ආයතනයට රුපියල් 600,000 ක දඩයක් නියම කළේය.

The post රු.70ක වතුර බෝතලයක් රු.90ට වික්කාට ලක්ෂ ගණනක දඩයක් ගහයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9kA8Zhg

Labels:

නීතීඥවරයා අත්අඩංගුවට ගන්න නිවසට ගිය පොලිසිය හිස් අතින්ම එයි

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වූ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදුකළා.

එහිදී එම කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවයි.

පසුගිය සිකුරාදා දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේ දී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වී තිබුණා.

එම අවස්ථාවේ අදාළ නීතිඥවරයා ද තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සමඟ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

The post නීතීඥවරයා අත්අඩංගුවට ගන්න නිවසට ගිය පොලිසිය හිස් අතින්ම එයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NKFobqS

Labels:

Sunday, October 12, 2025

පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නෑ – මැමැතිවරණ කොමසාරිස්

පළාත් සභා ඡන්දය තබන්නට රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

තිබුණු නීතිය අහෝසි කරන ලද බවත්, ඒ වෙනුවට සකසමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නැවතී ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජෙනරාල්වරයා ඒ පිළිබඳව මුළුමනින්ම වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට බව ද අවධාරණය කළා .

එබැවින් ව්‍යවස්ථාදායකය ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද හෙතෙම  පැවසුවා.

The post පළාත් සභා ඡන්දය තියන්න රටේ නීතියක් නෑ – මැමැතිවරණ කොමසාරිස් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xLHiXqn

Labels:

Saturday, October 11, 2025

සෑම පාසල් සිසුන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට පවතින රෝගයක් පිළිබඳව හෙළිදරව්වක්

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත.

සිදුකළ පර්යේෂණ හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.

“මෙම මනෝ වෛද්‍ය පරීක්ෂණයෙන් හොයා ගත්තේ, අධ්‍යාපන පිළිබඳ තිබෙන දැඩි පීඩනය, නිවසේ දෙමව්පියන් සමග තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ඇතිවෙන ශාරීරික පීඩා මෙම මානසික පීඩනයට හේතුවූ බවයි.”

“ලංකාවේ ජනගහනයෙන් 19%ක් වැනි ප්‍රතිශතයකට විශාදයේ ලක්ෂණ තිබෙන බව මින් පෙනෙනවා.”

ඊයේ දිනට (10) යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අදහස් පළ කරමින් මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා මේ බව කියා සිටියේය.

The post සෑම පාසල් සිසුන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට පවතින රෝගයක් පිළිබඳව හෙළිදරව්වක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PGmKpCg

Labels:

ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට හිමි වූ සාම ත්‍යාගය

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා තිබේ.

ඔහු හංගේරියාවේ වැදගත්ම සහ ජීවමානම කතුවරයා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බව සඳහන් වේ.

ඔහුගේ කෘති පශ්චාත් නූතන ඩිස්ටෝපියාව සහ ශෝකය යන තේමාවන් මුල් කර ගනිමින් රචනා කර ඇත.

The post ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට හිමි වූ සාම ත්‍යාගය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZsXh1WU

Labels:

පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ

නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර,

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bj90hJE

Labels:

Friday, October 10, 2025

සමාජ මාධ්‍යකරුවන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇමති වසන්ත CIDයට

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

මෙම පැමිණිල්ල (පැමිණිලි අංක 20039516 යටතේ) 2025/10/09 දින යොමු කර ඇති අතර , අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්‍රවෘත්ති මගින් ඉලක්ක කර ඇත.

මෙම ප්‍රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.

ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින්, අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ මහතා විසින් ඉල්ලා සිටී.

එම ලිපිය පහතින්,

The post සමාජ මාධ්‍යකරුවන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇමති වසන්ත CIDයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MPaHZ96

Labels:

Thursday, October 9, 2025

රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප මදිලු! රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට ලෝක බැංකුවෙන් වාර්තාවක්!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින නමුත් අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට අඩු වැටුපක් හිමි වන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකරු කෙවෝක් සැක්සියන් ප්‍රමුඛ ලෝක බැංකු කණ්ඩායම, රජයේ මූල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා සහ අනෙකුත් කණ්ඩායම් සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී මෙම ගැටලුව ඉස්මතු කර තිබේ.

රාජ්‍ය අංශයේ අතිරික්ත සේවකයින් පිරිසක් සිටින හෙයින් ‍රාජ්‍ය සේවයේ සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කර ඇත.

එමෙන්ම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉහළ විදුලි පිරිවැයකට මුහුණ දී සිටින බැවින් විදුලිබල ක්ෂේත්‍රයේ හදිසි ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවයද ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

මේ අතර නව්‍ය වැටුප් ගෙවීමේ ක්‍රමවේද සහ සැමට සාධාරණ ගෙවීම් ව්‍යුහයක් සහිතව ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ වැටුප් සඳහා ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙසට ලෝක බැංකුව රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.  

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව 80% කට වඩා රජයේ වියදම් වෙන් කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ ගෙවීම් සහ සුබසාධන වැඩසටහන් ආදිය සඳහා ය.

‘ප්‍රධාන අභියෝග තවමත් පවතින බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අසම්පූර්ණයි’ මැයෙන් ලෝක බැංකුව ඊයේ (ඔක්. 7) මෙම වාර්තාව නිකුත් කළ අතර එහි පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තවමත් අසම්පූර්ණව පවතින බවයි.

ආර්ථිකයේ වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බවත් දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුව පවසනවා.

එම යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, ඉක්මන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම සහ කාර්යක්ෂම වූ සහ මනා ලෙස ඉලක්ක කරගෙන රාජ්‍ය වියදම් කිරීම් සිදු කිරීම අවශ්‍ය බව ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ව්‍යුහය කළමනාකරණය කරන ලෙසත් ඔවුන්ට සාධාරණ ගෙවීමක් කරන නව ව්‍යුහයක් වහාම සකස් කරන ලෙසත් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා.

The post රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප මදිලු! රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට ලෝක බැංකුවෙන් වාර්තාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Oc6Qv8u

Labels:

ත්‍රිවිධ හමුදාවේ පනස් හතරදහසක් මිසින්

නිවාඩු ලබා නොගෙන විවිධ හේතූන්මත සේවය අතහැරගොස් ඇති ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිල දරණ සංඛ්‍යාව 54087ක් බව අඊයේ (08) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

මේ බව අනාවරණය කරමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ නිවාඩු ලබානොගෙන සේවයට නොපැමිණෙන යුධ හමුදාවේ නිලධරීන් 385 දෙනෙකු සිටින බවත් යුධ හමුදාවේ සෙසු නිලයන් 47265ක් ද ඒ අතර සිටින බවයි.

එසේ නිවාඩු ලබා නොගෙන සේවයට නොපැමිණෙන ගුවන් හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව 46කි.
එහි සෙසු නිලයන් 3396 ක් ද සේවයට වාර්තා කර නොමැති බව සඳහන්.

එමෙන්ම නාවික හමුදාවේ නිලධරීන් 87ක් ‍සහ සෙසු නිලයන් 3108 ක් ද එලෙස නොදන්වා සේවයට වාර්තා නොකර තිබෙනවා. 

මීට අමතරව නිවාඩු ලබානොගෙන විදෙස් ගතව සිටින යුධ හමුදා නිලධාරීන් සංඛ්‍යාව 232 කි. එහි සෙසු නිලයන් 93දෙනෙක්ද සිටිනවා.

ඒ ආකාරයට විදේශගතව සිටින නාවික හමුදාවේ නිලධාරීන් සංඛ්‍යාව 64 කි. සෙසු නිලයන් සංඛ්‍යාව 19 කි.

ඒ ආකාරයෙන් ම නිවාඩු නොගෙන විදේශගතව සිටින ගුවන් හමුදාවේ නිලධාරීන් සංඛ්‍යාව 15 කි. සෙසු නිලයන්ගේ සංඛ්‍යාව 05 කි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

The post ත්‍රිවිධ හමුදාවේ පනස් හතරදහසක් මිසින් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RpqlIJh

Labels:

Wednesday, October 8, 2025

උඩු මහලින් වැටුණු හිමි නම අපවත් වෙති

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි 24 හැවිරිදි හිමිනමකි.

උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

The post උඩු මහලින් වැටුණු හිමි නම අපවත් වෙති appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nhKvcuE

Labels:

Tuesday, October 7, 2025

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම, යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yMg2nh9

Labels:

Monday, October 6, 2025

අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අදයි.

බෞද්ධ සැදැ­හැ­වත් ජනතාවට මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහොය කරුණු කිහි­ප­යක් නිසාම වැද­ගත් වනවා.

බුදු­ර­ජා­ණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුර­යට වැඩම වීම, මතු බුදු වන මෛත්‍රී බෝස­තුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබා ගැනීම හා විව­රණ ලැබීම, සංඝ­මිත්තා තෙර­ණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩ­මවා ගැනී­මට අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹ­දි­වට පිට­ත්කර හැරීම, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගා­යනා කිරීම, පෙර­වස් සමා­දන් වූ භික්ෂූන් වහ­න්සේලා මහා පවා­ර­ණ­යෙන් වස් පවා­ර­ණය කිරීම හා චීවර මාසයේ ආර­ම්භය මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහෝ දිනයේ සිදු වූ වැද­ගත් සිදු­වීම් අතර ප්‍රමුඛ වනවා.

බුදු­ර­ජා­ණන් වහන්සේ සත් වැනි වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩු­ක­ම්බල සෛලා­ස­න­යෙහි වස් සමා­දන්ව මාතෘ දිව්‍ය­රා­ජයා ඇතුළු දෙව් පිරි­සට අභි­ධ­ර්මය දේශනා කර මාතෘ දිව්‍ය­රා­ජයා ඇතුළු අසූ­කෝටි­යක් මාර්ග ඵල­ව­ලට පත්කර අන­තු­රුව වප් පොහෝ දින වස් පවා­ර­ණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවි­ව­රුන්ගේ ගරු බුහු­මන් මධ්‍යයේ රන් ඉණි­ම­ඟින් දඹ­දිව සංකස්ස නගර ද්වාර­යට වැඩම කළේත් අද­ වන් උතුම් වප් පොහෝ දින­ක­දීයි.

අදට යෙදෙන වප් පුර පසළොස්‌වක පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදු කෙරෙනවා.

The post අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nOsp49Q

Labels:

Sunday, October 5, 2025

හිටපු ජනපති මහින්දගේ තවත් වරප්‍රසාදයක් කප්පාදු වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, පෙරේදා (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගන්තා රථය ද භාරදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.

ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි.

The post හිටපු ජනපති මහින්දගේ තවත් වරප්‍රසාදයක් කප්පාදු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N9kWyeS

Labels:

Saturday, October 4, 2025

මහින්දගේ බොඩි ගාඩ්ගේ වත්කම් අධිකරණයේදී හෙළි වෙයි! බස් 10යි! ටිපර් 8යි! ෂෙඩ් 1යි! බැංකු 32ක මූල්‍ය ආයතන 47ක මුදල් තැන්පතු!

සිය ආදා­ය­මට වඩා රුපි­යල් මිලි­යන 28ක වත්කම් නීතිවිරෝ­ධීව උපයා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂම විසින් අත්අ­ඩං­ගු­වට ගත්, හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධාන ආර­ක්ෂක නිල­ධා­රියා වන විශ්‍රා­මික ලුති­නන් කර්නල් නෙවිල් වන්නි­ආ­රච්චි ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංක බෝද­ර­ගම පෙරේදා (02) නියෝග කළේය.

වත්කම් විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂම හමු­වට කැඳවා ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­මෙන් අන­තු­රුව නෙවිල් වන්නි­ආ­රච්චි අත්අ­ඩං­ගු­වට ගත්තේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට 2014 වසරේ ජූලි 24 වැනිදා ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ වී තිබේ. මෙම විම­ර්ශ­න­යට අදා­ළව 2016 වසරේ සිට නෙවිල් වන්නි­ආ­ර­ච්චි­ගෙන් තොර­තුරු ඉල්ලා ඇතත් ඔහු තොර­තුරු ලබා­දීම දිගින් දිග­ටම මඟ­හැර ඇති බව අල්ලස් කොමි­සම සඳ­හන් කරයි.

සැක­කාර නෙවිල් වන්නි­ආ­රච්චි දීර්ඝ කාල­යක් තිස්සේ විම­ර්ශ­න­යට සහාය නොදීම එසේම වත්කම් සම්බ­න්ධ­යෙන් පව­තින නඩු පහ­කට සැක­කරු වරද පිළි­ගැ­නීම මෙන්ම දිගින් දිග­ටම කළ නියෝ­ග­ව­ලට පට­හැ­ණිව ක්‍රියා කිරීම වැනි කාරණා සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔහුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළේය.

සැක­කරු නීති විරෝ­ධීව ඉපයූ බව පැව­සෙන දේපළ සම්බ­න්ධ­යෙන් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදිරි දින අධි­ක­ර­ණ­යට ගොනු­ක­රන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා අල්ලස් කොමි­ස­මට නියෝග කළේය.

සැක­කරු 2014 වස­රට අදාළ වත්කම් බැර­කම් ප්‍රකාශ සැක­කරු ලබාදී නැති බවත් වසර අටක් තිස්සේ සිදු කරන විම­ර්ශ­නය වරින් වර සැක­කරු මඟ­හැර ඇති බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

“සැක­ක­රුට වල­ස්මුල්ලේ අක්කර 3.7 ඉඩ­මක්, ඉන්ධන පිර­වු­ම්හ­ලක් තිබෙ­නවා. පල්ලෙ­කැලේ රුපි­යල් ලක්ෂ හත­ළිස් පහක විය­ද­මින් වැය කළ නි‍ෙව­සක් තිබෙ­නවා.

මහ­ර­ගම නාවින්නේ රුපි­යල් ලක්ෂ එක­සිය විසි­ප­හක නි‍ෙව­සක් සහ දාසය ලක්ෂ පන­ස්ද­හ­සක වටි­නා­ක­මින් යුත් නි‍ෙව­සක් දෙම­ට­ගොඩ ප්‍රදේ­ශයේ තිබෙ­නවා. තිස්ස­ම­හා­රාමේ පර්චස් 45.5 ඉදි­කෙ­රෙන හෝට­ල­යක් සැක­කරු සතු වන අතර කෝට්ටේ මාදි­වෙල රුපි­යල් ලක්‍ෂ හාර­සී­යක ඉඩ­මක් සහ බෙලි­අත්ත සහ වීර­කැ­ටිය ප්‍රදේ­ශ­වල බදු පද­නම මත ගත් කඩ සාප්පු දෙකක් පව­තින බව විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා“ යැයි සැක­කරු ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

වැඩි­දු­ර­ටත් කරුණු ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම මෙසේ ද සඳ­හන් කළේය.

“මේ විම­ර්ශ­නය සිදු කරන්නේ ලැබුණු පැමි­ණි­ල්ල­කට අනුව. එම පැමි­ණි­ල්ලට අනුව 2016 දෙසැ­ම්බර් සිට 2017 ජන­වාරි දක්වා වත්කම් බැර­කම් ලබා දෙන ලෙස සැක­ක­රුට කොමි­සම විසින් දැනුම් දුන්නා. ඒ අනුව මාස හත­කට පසුව දුන් තොර­තුරු විමසා බැලී­මේදී සත්‍ය ඒවා නොවන බවට අනා­ව­ර­ණය වීම මත නැව­තත් සැක­ක­රුට සත්‍ය තොර­තුරු දෙන ලෙස දැනුම් දුන්නත් ලබාදී නැහැ.

වසර අටක සිට අවස්ථා කිහි­ප­ය­කදී ආදා­යම් විය­දම් වාර්තා සහ වත්කම් සම්බ­න්ධ­යෙන් විම­සීම් කළත් 2025 අගෝ­ස්තු­තෙක් සම්පූර්ණ තොර­තුරු ලබාදී නැහැ. සැක­කරු විසින් 2013.01.01 සිට 2014.1.24 දක්වා වූ කාලය තුළින් සැක­ක­රුගේ ආදා­යම අබි­බ­ව­මින් සැක­කරු මිලි­යන විසි අටක් උපයා ඇති බවයි කොමි­සම කළ විම­ර්ශ­න­යෙන් අනා­ව­ර­ණය කර තිබෙ­නවා.

තොර­තුරු ලබා­දෙන ලෙස කරන දැන්වී­ම්ව­ලදී දිගු කාල­යක් ලබා­ගෙන ඉදි­රි­පත් කළත් ඒ තොර­තු­රුත් නිවැ­රැදි සහ සම්පූර්ණ තොර­තුරු නොවන ඒවා බවට විම­ර්ශන අනා­ව­ර­ණය වීම සහ නැවත දිවු­රුම් ප්‍රකා­ශ­යක් දෙන ලෙස දැනුම් දුන්න ද තොර­තුරු ලබා නොදීම මත 2025.09.26 දින පැමි­ණෙන ලෙස සැක­ක­රුට දැනුම් දුන්නද ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස සැක­කරු නැවත ඉල්ලා තිබෙ­නවා.

විම­ර්ශ­නය සහය දීම වෙනු­වට සැක­කරු කර ඇත්තේ වසර අටක් තිස්සේ දින ඉල්ල­මින් එක දිගට කාලය ගෙවා දැමී­මයි. ඒ අනුව කොමි­සමේ නිල­ධා­රීන් පිරි­සක් සැක­කරු පදිංචි අත්ත­න­යායේ මැද­මු­ලන පිහිටි නි‍ෙව­සට ගියත් සැක­කරු එහි සිට නැහැ.

දුර­ක­ත­න­යෙන් සැක­කරු සම්බන්ධ කර­ගැ­නී­මට උත්සාහ කළත් දුර­ක­ත­නය විසන්ධි කර තිබුණා. එක අව­ස්ථා­වක දුර­ක­තන ක්‍රියා­ත්මක වී ඇම­තු­මට සම්බන්ධ වී තත්පර 52ක වැනි කාල­යක් තුළ වෙනත් දින­යක් දෙන ලෙස සැක­කරු ඉල්ලා සිටියා. ඒ අනුව නැවත පදිංචි ලිපි­න­යට ඊයේ ගොස් අද පැමි­ණෙන ලෙස ඔහුට ලිපි­යක් ලබා­දුන්නා. සැක­කරු 2014 සිට මේ දක්වා කරුණු අනා­ව­ර­ණය නොකළ වත්කම් රැසක් පව­තින බව විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා.

සැක­ක­රුට අයත් ඉහත දේපළ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් කළ යුතුයි. සංකීර්ණ විම­ර්ශ­න­යක් ආදා­යම් ලෙස බස් රථ, ටිපර් රථ කුලි­යට දීම සැක­කරු සිදු­කර තිබෙ­නවා. 2017 සිට 2025 වන තෙක් බස් රථ­වල සේවය කළ අයගේ තොර­තුරු දෙන ලෙස ඉල්ලු­වත් දුන්නේ නැහැ.

2015 වසරේ තොර­තුරු කිහි­ප­යක් ලබා දුන්නත් බස් රථ­වල සේවය කළ දෙදෙ­නෙක් හැර අනෙක් අය ඥාතීන් සහ හිත­ව­තුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙ­නවා. ඒ අයගේ ප්‍රකාශ සට­හන් කර විම­ර්ශන කළ යුතුය. විම­ර්ශ­න­යට බාධා කර­මින් කල් හැරී­මට කට­යුතු කර තිබෙ­නවා. මෙතෙක් කළ විම­ර්ශ­නයේ මිලි­යන 28ක් උප­යා­ගත් ආකා­රය සම්බ­න්ධ­යෙන් තොර­තුරු නැහැ. ඊට අදාළ බැංකු වාර්තා ඉඩම් රෙජි­ස්ට්‍රාර් කාර්යා­ල­වල ලේඛන විශාල ප්‍රමා­ණ­යක් පරි­ශී­ල­නය කළ යුතුයි“

මහේ­ස්ත්‍රා­ත්ව­රයා-

සැක­ක­රු­වෙක්ගේ ආදා­යම ගණ­නය කළේ කොහොම ද?

කොමි­සම – පුළුල් විම­ර්ශ­න­යක් කිරීම සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය කර­ගත්තා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා-

තොර­තුරු අනා­ව­ර­ණය කර­ගත්තේ සැක­ක­රු­ගෙන්ද? වෙනත් ආකා­ර­ය­කින් ද?

කොමි­සම – සිදු කළ විම­ර්ශ­න­ව­ලින්

ස්වාමීනි, මේ විම­ර්ශ­නය ඉතා­මත් සංකී­ර්ණයි. මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කරන්න ඕනෑ. රිය­දුරු කොන්දො­ස්ත­ර­ව­රු­න්ගෙන් ප්‍රකාශ ගන්න ඕනෑ. සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල කරුණු දක්ව­මින් මෙසේ කීවේය.

සැක­කරු හමුදා නිල­ධා­රි­යෙක්. 2013 විස්තර අහන්නේ. ඔහුගේ බිරි­යගේ පවුලේ විස්තර දෙන්න කාලය අව­ශ්‍යයි. ඒකයි වෙලාව ඉල්ලුවේ. මා සතු ලේඛන අඩු­පාඩු පව­තින බැවින් කල්ගත වන බවට දැනුම් දෙමින් දැනට පව­තින ලේඛ­නය උප­රි­ම­යෙන් ලබා දෙන බවට ඔහු සැප්තැ­ම්බර් 26 අල්ලස් කොමි­ස­මට දැනුම් දුන්නා.

මේ සම්බ­න්ධ­යෙන් ඔහු දිවු­රුම් ප්‍රකාශ ගණ­නා­වක් වූ විටින් විටදී තියෙ­නවා. සියලු කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විම­ර්ශන සම්බ­න්ධ­යෙන් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස කොමි­ස­මට නියෝග කර­මින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළේය.

source (දිනමිණ)

The post මහින්දගේ බොඩි ගාඩ්ගේ වත්කම් අධිකරණයේදී හෙළි වෙයි! බස් 10යි! ටිපර් 8යි! ෂෙඩ් 1යි! බැංකු 32ක මූල්‍ය ආයතන 47ක මුදල් තැන්පතු! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ST1Ikbc

Labels:

Friday, October 3, 2025

හිටපු ජනපති මහින්ද නිල නිවස භාර නොදීමට හේතූ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි විජේරාමේ පිහිටි නිල නිවසෙහි ඇති රජය සතු භාණ්ඩ සම්බන්ධයෙන් ලේඛන ලබා ගැනීම සඳහා නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන්, එම නිල නිවස භාරදීමට ප්‍රමාද වී ඇති බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

ලේඛන ලබාගැනීම සඳහා අදාළ නිලධාරීන් අද දිනයේදී පැමිණි බවයි ඔහු පවසා සිටියේ.නිවස භාරදෙන ලෙස සඳහන් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ ලිපිය එවා ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදා බවත්, එහි නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහි ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලයට අයිති රාජ්‍ය දේපළ ඇති බවත්, එම බඩු භාණ්ඩ හඳුනාගෙන ඒවා සලකුණු කරන ලෙසට තමන් දැනුම් දී තිබුණු බවත්, ඒ සඳහා අදාළ නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවීම නිසා නිවස භාරදීමට නොහැකි වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටින්නේ.

මහින්ද ජනාධිපතිවරයා විසින් රජයට අයත් භාණ්ඩ ලොරිවල පටවාගෙන ගියේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට ප්‍රකාශ කළ හැකි බවද, ආණ්ඩුවට අවශ්‍ය මාධ්‍ය සංදර්ශනයක් සිදුකර හිටපු ජනාධිපතිවරයාට ‘මඩක් ගැසීමට’ බවද මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර සිටිනවා.

The post හිටපු ජනපති මහින්ද නිල නිවස භාර නොදීමට හේතූ කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ojFzTgO

Labels:

Thursday, October 2, 2025

කාලගුණයේ සිදුවන වෙනසක් පිළිබඳව දැනුම්දීමක්

හෙට (3) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම  දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

The post කාලගුණයේ සිදුවන වෙනසක් පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5bljWHF

Labels:

කජ්ජාගේ පුත්‍රයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා ඊයේ (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයාදැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක ,පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පෙරේදා (30) අනාවරණ කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා වන ඉඳුවර විදානගමගේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණි.

උපුටා ගැනීම

“පොලීසිය පවසන ආකාරයට වසීම් තජුඩීන් පසුපස හඹා යන මෝටර් රථයේ පසුපස හඹායන මෝටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලීසිය විසින් නිවේදනය කර ඇත.

ඇයි පොලීසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණිය කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්වා එම දර්ශනයේ සිටින්නේ තමන්ගේ සහෝදරයාද බවට අසන්නේ නැත්තේ ඇයි?”

උපුටා ගැනීම අවසන්.

මාධ්‍ය හමුවේදී ඉඳුවර විදානගමගේ මෙසේද පැවසුවා.

මම නිව්ස් එක බලනකොට මට ඇඬුණා. මොකද මම දන්නවා මගේ තාත්තා ඔහොම දෙයක් කළේ නැහැ කියලා. එදා වීඩියෝ පටය මට පෙන්නද්දි අම්මත් හිටියා මමත් හිටියා සී අයි ඩී එකේ. අම්මාගෙන් වෙනම ප්‍රශ්න කළේ. මගෙන් වෙනම ප්‍රශ්න කළේ. අම්මා  එවෙලේ මට ඇහෙන්න කිව්වා, මට හොඳට මතකයි ‘’නෑ සර් ඕක වෙන්න බෑ. ඔය අරුණ නෙමෙයි. අරුණ මේ වගේ නෙමෙයි. ඔහොම ඉන්නේ නෑ කියලා. නමුත් පස්සේ මාව වාඩි කරවලා විනාඩි පහකට විතර අම්මව ගත්තා වෙනම කාමරයකට. ඒ අරන් එළියට බැස්සා මොනවා කතා කළාද කියලා මම දන්නේ නැහැ. අපේ තත්තාගේ සිද්ධිය සම්බන්ධයෙන් ‍ජෙීසීබී සමන්, තැඹිලි ලහිරු ඔය ගොඩක් කට්ටිය දැන් රට ඉදන් අල්ලගෙන ආවානේ. නමුත් මම කියන්නේ ඇයි ඒ ගොල්ලෝන්ගෙන් විතරක් නැවතුණේ, නමුත් මම කියන්නේ ඒ සිද්ධියේ අපේ අම්මා ඉන්නවා. මට මුලින්ම සැකය අවේ අපේ අම්මා. තාත්තා නැතිවුණාම තාත්තා මරපු එකා මොකටද මගේ අම්මට ලක්ෂ දෙකහමාරක් ‍යොමු කරන්නේ. මළ ගෙදරදී දෙතුන් දෙනකුටම කියලා තිබුණා. මම සාක්ෂි ඇතුව මේ කියන්නේ. ‘මට ඉතුරු වෙන්න ඕන එකා නෙමෙයි ඉතුරු වුණේ කියලා. පවුලේ අයට ඇහිලා තියෙනවා අම්මා කෝල්වලින් කියනවා.  ‘මට ඉතුරු වෙන්න ඕන එකා නෙමෙයි ඉතුරු වුණේ  මම කොහොමද මූව බලාගන්නේ. හදාගන්නේ කියලා. නංගියි මල්ලියි මැරිලා කියලා අම්මා ලංකාවට එනකල් දන්නේ නැහැ. අම්මට ඕන වුණේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මාවයි තාත්තවයි මරන්න. මොකද මමයි තාත්තයි හිටියොත් තමයි අම්මට ඔය හොර සම්බන්ධතාවය ලංකාවේ කරගෙන යන්න බැරි.

2012දී ඔය මැරුණා කිව්ව පුද්ගලයාගේ සිද්ධියට මගේ තාත්තාගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කිසිම දේශපාලනඥයකුටවත් දේශපාලන පක්ෂයකටවත් නෙමෙයි මම මේ කියන්නේ. මගේ තාත්තා වෙනුවෙන්. මගේ තාත්තගේ නිර්දෝෂී බව තමයි මම මේ ඔප්පු කරන්නේ.

2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. හොරණ කොළඹ පාරේ. මට මගේ තාත්තව අඳුන ගන්න පුළුවන්. තාත්තගේ සහෝදර සහෝදරියන්ට තාත්තව අඳුන ගන්න පුළුවන්.  මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න කියලා විතරයි. මගේ අම්මව අත්අඩංගුවට අරගෙන මේ සම්පත් රාමනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන දෙදෙනාගෙන්ම විමර්ශනයක් කරන්න. 2012 දී නැතිවෙච්ච එකට ඇයි මෙච්චර කාලයකට රජයකට බැරි වුණේ ඒක. මගේ අහිසංක තාත්තා මැරුණට පස්සේ එයගේ පිටට ඔක්කෝම වැරදි දාලා මෙහෙම කරන එක හරිද?

ඕගොල්ලෝ හොඳට හොයලා බලලා කියන්න මගේ තාත්තා මේකට සම්බන්ධ නම් මම වැරැද්ද පිළිගන්නවා. මට සීයට දාහක් විශ්වාසයි මගේ තාත්තා කිසිම වෙලාවක ඒ වැරැද්ද කරන්නේ නැහැ. මගේ තාත්තා කිසිම විටෙක කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා නැහැ .  කිසිම මත්ද්‍රව්‍යයක් වෙල‍ෙදාම් කරලා නැති පුද්ගලයෙක්. ඔය සමන්ලට වගේම දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හරින්නන්ට බෙදා හරින්න දුන්නේ නැහැ. තාත්තා පොලිසියට ඔත්තු දෙනවා. පොලිසියට අල්ලගෙන ගිහිල්ලා භාරදෙනවා. මගේ තාත්තා ඇඹිලිපිටිය පොලීසියට කුඩු කිලෝ 100ක් අල්ලලා දුන්නා. ඒ ප්‍රශ්නෙට තාත්තාට එක වරක් වෙඩි තිබ්බා.”

The post කජ්ජාගේ පුත්‍රයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CZ35c1v

Labels:

Wednesday, October 1, 2025

ජනපතිගෙන් සුබ පැතුමක්

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවය.

රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින ළමා පරපුරේ අව්‍යාජ ලෝකයේ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පවසයි.

යුතුකම් සහ වගකීම් නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස සෑමවිටම ළමා අයිතිවාසිකම් සුර‍ක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටින බවඳ එම පණිවුඩයේ සඳහන්ය.

සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටින බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ. 

පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව රජය තරයේ විශ්වාස කරන අතර, එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව තම විශ්වාසය බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙන අතර, ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තිය බව ද ජනාධිපතිවරයා පවසයි.

එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමන අතර, ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක්විය යුතු බව ද ලෝක ළමා සහ වැඩිහිටි දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

The post ජනපතිගෙන් සුබ පැතුමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ixZAHoC

Labels: