https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට තවත් ලොකු ලෙඩක් වැටෙයි

Thursday, October 16, 2025

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට තවත් ලොකු ලෙඩක් වැටෙයි

කෙටි කාලයකදී කෝටි ගණනක දේපළක් උපයා දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන බවට චෝදනා එල්ල වූ නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලීගේ “ලෝලියා ස්කින් සමාගම” මගින් රට පුරා බෙදා හරින ක්‍රීම් වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවත් කෞශල්‍ය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර තිබුණේ, පියුමි හංසමාලි සිය පාරිභෝගිකයින්ට ලබාදෙන ක්‍රීම් වර්ග අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

පියුමි හංසමාලි අයථා වත්කම් උපයා ඇති බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයට අදාළව විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

සම සුදු කිරීම සඳහා ගල්වන ක්‍රීම් මිනිස් ශරීරයට හිතකරද නැද්ද යන්න පිළිබඳව වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුම් හංසමාලි බැංකු ගිණුම් 18ක් පවත්වාගෙන යෑම, හිටපු ජනාධිපතිවරයක් භාවිතා කර විකුණා ගැනීමට නොහැකි වී තිබූ රුපියල් ලක්ෂ අටසීයකට (කෝටි 8ක) රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, ඇතුළු කරුණු සම්බන්ධයන් මෙම විමර්ශනය සිදු කරනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

(source – news19)

The post ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට තවත් ලොකු ලෙඩක් වැටෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dThbP2G

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home