සෑම පාසල් සිසුන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට පවතින රෝගයක් පිළිබඳව හෙළිදරව්වක්
මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.
ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත.
සිදුකළ පර්යේෂණ හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.
“මෙම මනෝ වෛද්‍ය පරීක්ෂණයෙන් හොයා ගත්තේ, අධ්‍යාපන පිළිබඳ තිබෙන දැඩි පීඩනය, නිවසේ දෙමව්පියන් සමග තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ඇතිවෙන ශාරීරික පීඩා මෙම මානසික පීඩනයට හේතුවූ බවයි.”
“ලංකාවේ ජනගහනයෙන් 19%ක් වැනි ප්‍රතිශතයකට විශාදයේ ලක්ෂණ තිබෙන බව මින් පෙනෙනවා.”
ඊයේ දිනට (10) යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අදහස් පළ කරමින් මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා මේ බව කියා සිටියේය.
The post සෑම පාසල් සිසුන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට පවතින රෝගයක් පිළිබඳව හෙළිදරව්වක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PGmKpCg
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home