https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප මදිලු! රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට ලෝක බැංකුවෙන් වාර්තාවක්!

Thursday, October 9, 2025

රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප මදිලු! රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට ලෝක බැංකුවෙන් වාර්තාවක්!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින නමුත් අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට අඩු වැටුපක් හිමි වන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකරු කෙවෝක් සැක්සියන් ප්‍රමුඛ ලෝක බැංකු කණ්ඩායම, රජයේ මූල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා සහ අනෙකුත් කණ්ඩායම් සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී මෙම ගැටලුව ඉස්මතු කර තිබේ.

රාජ්‍ය අංශයේ අතිරික්ත සේවකයින් පිරිසක් සිටින හෙයින් ‍රාජ්‍ය සේවයේ සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කර ඇත.

එමෙන්ම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉහළ විදුලි පිරිවැයකට මුහුණ දී සිටින බැවින් විදුලිබල ක්ෂේත්‍රයේ හදිසි ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවයද ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

මේ අතර නව්‍ය වැටුප් ගෙවීමේ ක්‍රමවේද සහ සැමට සාධාරණ ගෙවීම් ව්‍යුහයක් සහිතව ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ වැටුප් සඳහා ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙසට ලෝක බැංකුව රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.  

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව 80% කට වඩා රජයේ වියදම් වෙන් කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ ගෙවීම් සහ සුබසාධන වැඩසටහන් ආදිය සඳහා ය.

‘ප්‍රධාන අභියෝග තවමත් පවතින බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අසම්පූර්ණයි’ මැයෙන් ලෝක බැංකුව ඊයේ (ඔක්. 7) මෙම වාර්තාව නිකුත් කළ අතර එහි පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තවමත් අසම්පූර්ණව පවතින බවයි.

ආර්ථිකයේ වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බවත් දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුව පවසනවා.

එම යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, ඉක්මන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම සහ කාර්යක්ෂම වූ සහ මනා ලෙස ඉලක්ක කරගෙන රාජ්‍ය වියදම් කිරීම් සිදු කිරීම අවශ්‍ය බව ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ව්‍යුහය කළමනාකරණය කරන ලෙසත් ඔවුන්ට සාධාරණ ගෙවීමක් කරන නව ව්‍යුහයක් වහාම සකස් කරන ලෙසත් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා.

The post රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප මදිලු! රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට ලෝක බැංකුවෙන් වාර්තාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Oc6Qv8u

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home