https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: වාහන ආනයන ලිහිල් කිරීමට මෙවර අයවැයෙනුත් පියවර

Monday, October 20, 2025

වාහන ආනයන ලිහිල් කිරීමට මෙවර අයවැයෙනුත් පියවර

ලබන වසරේදී, රජය වාහන ආනයනය හරහා ආදායම වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවත් ආනයන ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත්, වසර පහක් දක්වා පැරණි වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම් ලබන වසරේ අයවැයෙන් සළකා බලනු නැති බව ද දැනගන්නට තිබේ.

ලබන වසරේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 550ක් පමණ වනු ඇතැයි රජය අපේක්ෂා කරන නමුත්, මේ වසරේ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන 650ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පෙබරවාරි මාසයේදී ආනයන තහනම ලිහිල් කිරීමෙන් පසු මේ දක්වා වාහන ආනයනයෙන් ලැබුණු බද්ද රුපියල් බිලියන 450 ඉක්මවා ඇත.

ලබන වසරේ අයවැය සකස් කිරීම අවසන් අදියරට ළඟා වෙමින් තිබූ බැවින්, පවතින බදු සංශෝධනය කරනු ඇතැයි සිතිය නොහැකි බව නිලධාරීහු පැවසූහ.

The post වාහන ආනයන ලිහිල් කිරීමට මෙවර අයවැයෙනුත් පියවර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4SGZ0XW

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home