https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: August 2025

Sunday, August 31, 2025

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ලබා දුන් උපහාර‍‍ය (ඡායාරූප)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය.

එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය.

පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි.

එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගත්තේය.

The post කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ලබා දුන් උපහාර‍‍ය (ඡායාරූප) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rTaHOiJ

Labels:

ඉන්දුනීසියාවෙන් ගෙනා අපරාධකරුවන් ගැන ගත් තීරණය! තුන්පොළක රඳවයි!

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

උඩුගම්පල කෙහෙල්බද්දර පදිංචි කේ.ජි. මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ (37) හා පානදුර පින්වල සූසාන භූමිය පාර පදිංචි , පි නිලංග සම්පත් සිල්වා (36) යන සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (3) හී රඳවාගෙන ,පි. ශලින්ත මධුශාන් පෙරේරා නොහොත් කොමන්ඩෝ ශලින්ත (38) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) හි රඳවාගෙනත් , මිද්දෙනිය කුඩගල්ආර පදිංචි ලහිරු මධුසංක නොහොත් තැඹිලි ලහිරු (36) නැමැත්තා හා මිද්දෙනිය උලහිටිය පදංගල ගෙදර පදිංචි එන්. එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත (35) යන දෙදෙනාම බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මේ වන විට කොළඹ වරාය පොලිසියේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියකු කියාසිටියා.

The post ඉන්දුනීසියාවෙන් ගෙනා අපරාධකරුවන් ගැන ගත් තීරණය! තුන්පොළක රඳවයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hxoNrGe

Labels:

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (31) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yk1T7DW

Labels:

Saturday, August 30, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ් බව සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.

තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SicHxTL

Labels:

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා රජය පළමු පියවර තබයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (29) රැස් විය.

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා පත් කර ඇති කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ කමිටු සභාපති මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා මෙහි දී කරුණු ඉදිරිපත් කළා.

එමෙන් ම යෝජිත අධ්‍යාපන කවුන්සිලයේ විෂය පථය, බලතල, සාමාජිකයන් පත් කිරීම ආදි කරුණු සම්බන්ධව සවිස්තර වාර්තාවක් කඩිනමින් අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන බවද මෙහිදී සඳහන් විය.

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන කවුන්සිලයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන් ද සහභාගි වූ අතර අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී පැන නැගිය හැකි ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

The post අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා රජය පළමු පියවර තබයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MLFlb4J

Labels:

Friday, August 29, 2025

හිටපු ජනපති රනිල් යළි පාර්ලිමේන්තුවට ?

නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් (සිලින්ඩරය) පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු දෙදෙනාගෙන් අයකු ඉල්ලා අස් වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට යෑමට ඉදිරියේදී අවස්ථාව ලබාදෙනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත ඊයේ (අගෝ. 27) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවි කරුණානායක හෝ ෆයිසර් මුස්තාපාගෙන් ඉල්ලා අස්වන මන්ත්‍රිවරයා කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළුව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධානීන් එක්ව තීරණයක් ගනු ඇතැයිද ඔහු කීවේය.

ඒ සම්බන්ධව ප්‍රේමනාත් සී. දොළවත්ත මෙසේ ද කීවේය.

“සිලින්ඩරයට ඡන්ද ලක්ෂ 20ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදුන් ඡන්ද තමයි. මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු 2ක් ලැබුණෙත් සිලින්ඩරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය ලබාදුන් නිසයි. ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක්. මේක ඔහුට සුදුසුම වෙලාව පාර්ලිමේන්තුවට එන්න. දැන් පාර්ලිමේන්තුව ඉබාගාතේ යන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍යයි.”

The post හිටපු ජනපති රනිල් යළි පාර්ලිමේන්තුවට ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kuAtGx0

Labels:

ලංවිම ඉංජිනේරු සංගමය රජයෙන් කළ දැඩි ඉල්ලීම

විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස ඔවුන්ව විසින් හඳුන්වාගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මිස තනි පුද්ගලයෙකුගේ හෝ අනලොස්සක් වූ කිහිප දෙනෙකුගේ පුද්ගලික ඉලක්ක සපුරාලීමට නොවන බවය. 

එම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය සහ ක්‍රියාවලිය නැවත සලකා බලන ලෙසය.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

The post ලංවිම ඉංජිනේරු සංගමය රජයෙන් කළ දැඩි ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FTNyw4m

Labels:

Thursday, August 28, 2025

පානදුරේ වෙඩි තැබීමක්! පුද්ගලයෙකු මරුට!

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

ඝාතනයට හේතුව හා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

The post පානදුරේ වෙඩි තැබීමක්! පුද්ගලයෙකු මරුට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nCjWzBK

Labels:

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළංද ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6NHd2Um

Labels:

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට

මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය. 

The post කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QIFHPle

Labels:

Wednesday, August 27, 2025

අද පස්වරු 2න් පසු තද වැස්සක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post අද පස්වරු 2න් පසු තද වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vwtSDU9

Labels:

Tuesday, August 26, 2025

අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CoTI9D2

Labels:

රනිල් ගැන අනාවැකි කියූ යූ ටියුබ් සුදාට දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

You Tube ක්‍රියාකාරිකයකු වන සුදත්ත තිලකසිරි මහතාට ලබා දී තිබූ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ බුද්ධි අංශ වාර්තාවක් මත පදනම්ව බවයි වාර්තා වන්නේ.

එම වාර්තාවට අනුව, තිලකසිරි මහතාට මේ වන විට කිසිදු තර්ජනයක් නොමැති බව තහවුරු වී ඇත.

තිලකසිරි මහතා තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන ඇති බව පවසමින් කලින් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව සපයා දී තිබුණි.

The post රනිල් ගැන අනාවැකි කියූ යූ ටියුබ් සුදාට දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7gzWwU2

Labels:

කොළඹ ආරක්ෂාව තර කරයි! අද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්!

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා හෙට (26) දිනයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියා.

පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කළා.

මීට සමගාමීව, ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

The post කොළඹ ආරක්ෂාව තර කරයි! අද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gzN6Uhe

Labels:

Monday, August 25, 2025

ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය ඇරඹෙයි

කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී ආරම්භ වූ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවනය ලබන සතියේ සිට බැස්ටියන් මාවතෙන් ආරම්භ වනවා.

මේ හරහා බස් රථ ධාවනයේදී පවතින තරගය අහෝසි වී යනු ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙලෙස කොළඹ සිට ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්රථ ධාවනය වන්නේ පළමු වතාවටයි.

The post ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HCSXla6

Labels:

වැල්ලම්පිටියේ හෝටලයක වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක් තුළදී පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර ඊයේ (24) රාත්‍රී වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් පවසනවා.

එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බවයි සඳහන් වෙන්නේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඔවුන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.

The post වැල්ලම්පිටියේ හෝටලයක වෙඩි තැබීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qA7WlRO

Labels:

Sunday, August 24, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Sj3h18F

Labels:

මර්දනයට ලෑස්ති වෙන්න එපා! නාමල් ආණ්ඩුවට අනතුරු අඟවයි!

ආණ්ඩුව තවදුරටත් මර්දනයට සූදානම් නොවන ලෙසත් තමන්ටද ඉවසීමේ සීමාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) අලුත්ගමදී පැවති ගමින් ගමට වැඩසටහනට එක්වෙමින්.

ආණ්ඩුවට මේ මොහොතේ එල්ලවන චෝදනා වසා ගැනීමට දේශපාලන අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළා.

රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් ජවිපෙ නායකයින්ට රකින්න පරපුරක් හෝ රකින්න රටක් නොමැති බවත් තම කඳවුරට රකින්නට පරපුරක් ඇති බවත් රකින්න රටක් ඇති බවත් නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

The post මර්දනයට ලෑස්ති වෙන්න එපා! නාමල් ආණ්ඩුවට අනතුරු අඟවයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TyojbAH

Labels:

Saturday, August 23, 2025

හිටපු ජනපති රනිල්ට හා බිරිඳට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය මෙන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ වන විට නිකුත් කර තිබේ.

එම පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කර නොමැති බවය.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

The post හිටපු ජනපති රනිල්ට හා බිරිඳට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rWRCAJb

Labels:

අද පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ

උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති  විය හැක ිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tu2Ayw8

Labels:

හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයාව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

The post හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bLaudvg

Labels:

Friday, August 22, 2025

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවා ගැනිම් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් තොරා ගැනිමේ විභාගය සැප්තැම්බර් මස 28 වනදා දිවයින පුරා පැවැත්විමට කටයුතු සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

එමෙන්ම දුම්රිය නියාමක තනතුර සඳහා මේ වන විට තෝරා ගැනිමේ විභාග අවසන්වි ඇති බැවින් ප්‍රතිපල නිකුත් කර සැප්තැම්බර් 15වන විට අවශ්‍ය පත්විම් ලබා දිමට කටයුතු සැලසුම් කර තිබෙන බව අමත්‍යවරයා පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”දුම්රිය නියාමක තනතුර කමිටු අනු අනුමැතිය අනුව විභාගය පවත්වා අවසන් තනතුරු සංඛ්‍යාව 136ක් බවත්, දුම්රිය එන්ජින් රියදුරු 192යි. අධීක්ෂණ කළමනාකරු 169යි. දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර යාන්ත්‍රික සහ විදුලි 310යි. මූලික තාක්ෂණ ශිල්පී 384යි. එකතුව 1191යි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරී කමිටුවේ අනුමැතිය අනුව, අයදුම්පත් කැඳවා විභාගය පැවැත්වීමට නියමිත සංඛ්‍යාව දෙසිය හයයි. ඒ යටතේ, තනතුර, දුම්රිය ස්ථානාධිපති, කමිටු අනුමැතිය ලැබිලා තියෙනවා 106කට. එන්ජින් රියදුරු සහයක අනුමැතිය ලැබිලා තියෙනවා 100කට. 

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරී කමිටුවේ අනුමැතියට යොමුකර ඇති සංඛ්‍යාව 2150යි. ඒ තනතුරු තියෙන්නේ මේ විදියට. කමිටු අනුමැතිය සඳහා යොමු කර ඇති සංඛ් යාව, දුම්රිය නියාමක 59යි. දුම්රිය එන්ජින් රියදුරු 06යි. අධීක්ෂණ කළමනාකරු 71යි. දුම්රිය ස්ථානාධිපති 102යි. දුම්රිය තාක්ෂණික, කළමනාකරණ සහකාර යාන්ත්‍රික විදුලි 756යි. මූලික තාක්ෂණ ශිල්පීන් 952යි, එන්ජින් රියදුරු 124යි, එන්ජින් රියදුරු සහායකය 80යි, එකතුව 2150යි. මීට අමතරව දෙපාර්තමේන්තු ගත්ත තාක්ෂණික තනතුරු වල විශේෂ පන්තිය පුරා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.”

දුම්රිය ස්ථානාධිපති 2026 කමිටුවෙන් 106ක් අනුමත කර තිබෙනවා.විභාගය සදහා දොලොස් දහසකට ආසන්න ඉල්ලුම් සංඛ්‍යාවක් ලැබිලා තියනවා. විභාගය 2025 සැප්තැම්බර් 28 දිවයින පුරා පැවැත් විමට කටයුතු සැලසුම් කරලා තියනවා.දුම්රිය නියාමක 2024 පෙර 63ක් අනුමත කරලා තියනවා.2025 මාර්තු කමිටුවෙන් 73ක් අනුමත කරලා තියනවා.ඔක්කොම 136යි.ඒ සඳහා 2025 ජුනි 15 විභාගය පවත්වා අවසන්ව ඇත.අගෝස්තු 22 විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රථිපල ලබා දිමට නියමිත බැවින් 2025 සැප්තැම්බර් 02-03-04 සම්මුක පරීක්ෂණ පැවැත්විමට සැලසුම් කර ඇත.2025 සැප්තැම්බර් 15 වන විට පත්විම් ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති.

එන්ජින් රියදුරුවරුන් 2024 වසරට පෙර අනුමත කළ ගණන 100යි.2025 මාර්තු මස අනුමත කළ ගණන 92යි.විවෘත විභාගය 2025 ජූලි 15 පවත්වා ඇත පිලිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සිදුකෙරෙමින් පවත්නා අතර සැප්තැම්බර් මුල් සතියවන විට ප්‍රතිපල ලබාදිමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.මේ ආදි විදියට තාක්ෂණ කළමණාකරු ,අධික්ෂණ කළමණාකරු කර්මාන්ත ශාලා,ධාවනාගාර ,ගොඩනැගිලි ,පාලම්,ස්ථිර මාර්ග සියලු දෙනාට අදාලව 2025 ජුනි 21 විභාගය පවත්වා අවසන්ව ඇත.2015 අගෝස්තු 22 ශ්‍රී ලංකා විභාග දෙපාර්ත මේන්තුව විසින් ප්‍රතිපල ලබා දිමට නියමිත බැවින් සැප්තැම්බර් මස 02-03-04 සම්මුක පරික්ෂණ පැවැත්විමට සැලසුම් කර ඇත.සැප්තැම්බර් 15 වන විට පත්විම් ලබා දිමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවති.

දුම්රිය තාක්ෂණික කළමණාකරන සහකාර 244 සඳහා ජූලි 12 විභාගය පවත්වා තිබෙනවා.සමත් අයදුම් කරුවන් අගොස්තු 30-31 සැප්තැම්බර් 01-02-03 සම්මුඛ පරික්ෂණ පැවැත්විමට සැලසුම් කරලා තියනවා.පත්විම් ලිපි සැප්තැම්ඉර් 10 ලබාදිමට බලාපොරොත්තු වෙනවා.දුම්රිය තාක්ෂණික කළමණාකාර සහකාර NT2 66 බදවා ගන්නවා.ජූලි 12 විභාගය පවත්වා තිබෙනවා.අද ප්‍රතිපල නිකුත් කරනවා.අගොස්තු 30-31 සැප්තැම්බර් 01-02-03 සම්මුඛ පරික්ෂණ පැවැත්විමට සැලසුම් කරලා තියනවා.පත්විම් ලිපි සැප්තැම්බර් 10 දෙනවා.මුලික තාක්ෂණික ශිල්පි NT1 384 බදවා ගන්න.අගෝස්තු 03 විභාගය පවත්වා ප්‍රතිපල නිකුත් කර ඇත.සමත් අයදුම්කරුවන් 116ක්.අගෝස්තු 26-27-28 සම්මුඛ පරික්ෂණ පැවැත්විමට සැලසුම් කරලා තියනවා.පත්විම් ලිපි සැප්තැම්බර් 10 දෙන්න බලාපොරොත්තු වෙනවා.උපදේශක NM3 – 08 දෙනයි.අගෝස්තු 02 විභාගය පවත්වා ප්‍රතිපල නිකුත් කර ඇත.සමත් 16යි.අගෝස්තු 29 සම්මුක පරික්ෂන පවත්වලා සැප්තැම්බර් 10 ලිපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.රියදුරු සහයක100 ක් බදාව ගන්නවා.අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය ජූලි 25.විභාගය ඔක්තෝම්බර් මස පැවැත්විමට නියමිතයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා විසින් ඊයේ (21) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර කැබිනට් මණ්ඩලය හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාව ඉවත් කිරීමට මීට සති කිහිපයකට පෙර තීරණය කළේය. ඒ පරිපාලන හා මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව අකාර්යක්ෂම වන බවට චෝදනා නගමින්.

The post දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවා ගැනිම් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AJ8nTK5

Labels:

රජයෙන් දැඩි තීරණයක්! වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ අගෝස්තු වැටුප අහිමි වෙයි!

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසය.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්දයෙන් දැනුම්වත් කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා සිටියේ, වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,  

“වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැතිවෙයි කියලා. 

ඒ නිසා සේවයට වාර්තා කල අයට විතරක් මුදල් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා” යනුවෙන් පැවසීය.

The post රජයෙන් දැඩි තීරණයක්! වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ අගෝස්තු වැටුප අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QoS2vpN

Labels:

Thursday, August 21, 2025

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු 01.00න් පසුව සුළු වැසි තත්වයක් හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (21) දිනයට අදාළව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද පස්වරු 01.00න් වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බවද ඔවුන් පවසනවා.

තවද ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිතවැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකි පළ කරනවා.

The post ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XqCfPtF

Labels:

හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි

හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා  මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සිදු කළ  වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම ප්‍රහාරය සඳහා සුදු පැහැති මෝටර් රථයෙන් කුලී ඝාතකයා රැගෙන ගිය රියැදුරු පොලිසිය මගින් මින් පෙර   අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පවසා ඇත්තේ   ප්‍රහාරය වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් විසිදහසක් තමන්ට ලැබුණු බවයි.

මුදුන්කොටුව මහතා මීගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ , ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි

The post හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nD5WCBL

Labels:

Wednesday, August 20, 2025

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහව CIDයට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10 දෙනෙකු සංචාරයට සහභාගිවී ඇතැයි සඳහන්.

සිද්ධීය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තේ ය.

The post හිටපු ජනපති රනිල් වික්‍රමසිංහව CIDයට කැඳවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GT1Mago

Labels:

Tuesday, August 19, 2025

කට්ටි පනිමින් සිටි තුසිත හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණය මඟහරිමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් ඊයේ (18) වරෙන්තු නිකුත්කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින්
මෙසේ වරෙන්තු නිකුත්කරනු ලැබුවා.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. 

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

The post කට්ටි පනිමින් සිටි තුසිත හල්ලොලුව අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FKn8l4z

Labels:

ලොවම බලා සිටි ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්ලොද්මියර් සෙලෙන්ස්කි මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රුසියාව සමග යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බවයි.

සාකච්ඡාවෙන් පසුව සෙලෙන්ස්කිට ට්‍රම්ප් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවිය.

එම සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ වෙළඳ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත කිරිල් ඩිමිත්‍රීව් පවසා ඇත්තේ ධවල මන්දිරයේ පැවති රැස්වීම් ‘රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අතිශය වැදගත් දිනයක්’ ලෙසයි.

The post ලොවම බලා සිටි ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/r2Ybdhu

Labels:

Monday, August 18, 2025

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ මාරක රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටි පිරිසකුයි.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

The post A9 මාර්ගයේ මාරක රිය අනතුරක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6P9Iz7o

Labels:

උතුරු – නැගෙනහිර අද හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් අයෙකු මරණයට පත්වීම මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.

මෙම හර්තාල් ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහය පළ කරන බව පසුගියදා සදහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.

කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙසය.

එමෙන්ම මෙම සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවී කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

The post උතුරු – නැගෙනහිර අද හර්තාල් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i6lGhkZ

Labels:

Sunday, August 17, 2025

මහා පරිමාණ සහල් මෝල් හිමියන් මට්ටු වෙන ලකුණු! ඇමති සැර වෙයි!

පසුගිය කාල සීමාව පුරාවටම වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය.ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් අධික මුදලකට අලෙවි වූ අතර සහල් මාෆියාව රටේ සෑම තැනකම ක්‍රියාත්මක විය.

ඒ අනුව තවදුරටත් මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කීරි සම්බා සහල් හිඟයක් කෘතිමව නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට ප්‍රතිචාර වශයෙන් ලබන දෙසැම්බර් මාසය වන විට සහල් මෙට්‍රික් ටොන් 40000 ක් ආනයනය කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“සහල් වෙළෙඳපොළේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීරි සම්බාවල අඩුවක් විතරයි තියෙන්නේ. ඒ අනුව ගේනවානම් ගේන්න තීරණය කරලා තියෙන්නේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් විතරයි. නමුත් අපි තවම අවසන් තීරණය අරන් නෑ. මොකද මේ යල කන්නය කැපෙන නිසා.

හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න හදනවානම් කීරි සම්බා ආදේශන ‘GR11’ කියන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ගේන්න තීරණය අරන් තියෙනවා. එය ක්‍රියාත්මක කර නෑ. අපි හිතනවා පොළොන්නරුවේ ගබඩාවල විතරක් මෙට්‍රික් ටොන් 85,000ක් තියෙනවා කිරී සම්බා විතරක්. ඒ ටික කොටලා මාර්කට් එකට දැම්මොත් මේක විසඳෙයි.

නැතිවුනොත් අපිට කීරි සම්බා ගේන්න වෙයි. අනෙක් සහල් ගේන්න අවශ්‍යතාවක් දැනට නෑ. මේ යල කන්නයේ වී අස්වැන්න ගිය කන්නයට වඩා වැඩිවෙලා තියෙන්නේ. වගාකළ ප්‍රමාණයත් හෙක්ටයාර 80,000කින් වැඩිවෙලා තියෙන්නේ. ඒ නිසා සහල් මිල රුපියල් 230ට අඩුවෙන් දෙන්න සැලසුම තියෙන්නේ”

The post මහා පරිමාණ සහල් මෝල් හිමියන් මට්ටු වෙන ලකුණු! ඇමති සැර වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LytO408

Labels:

Saturday, August 16, 2025

මහත් ආන්දෝලනයක් ඇති කළ අදානි සමාගමේ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ මන්නාරමේ ඉඩම් ගැන රජය ගත් තීරණය

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ඊයේ (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ආචාර්ය කුමාර ජයකොඩි මහතා,

“මන්නරාම් දූපතේ කොටස් දෙකක් තිබුණා එකක් මෙගාවෝට් 250ක් සහ පුනරීන්වල මෙගාවෝට් 234ක් විදිහට. ඒකෙන් එගොල්ලෝ ඉවත් වුණා. අපි කල්පනා කරන්නේ නැවත අවශ්‍යතාවය මත ටෙන්ඩර්වලට ගිහිල්ලා ටෙන්ඩර් හරහා ඒ අයට ප්‍රධානය කරන්න. එතැනදි අදානි සමාගමට හෝ ඕනෑම සමාගමකට ඉදිරිපත් වෙන්න පුළුවන්. සාර්ථකත්වය සහ අඩුම මිල ගණනකට තමා අපි දෙන්නේ…”

The post මහත් ආන්දෝලනයක් ඇති කළ අදානි සමාගමේ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ මන්නාරමේ ඉඩම් ගැන රජය ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/h7VaOM5

Labels:

Friday, August 15, 2025

තවත් ආයතනයක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ජයන්ත තිලකරත්න මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

The post තවත් ආයතනයක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wS2NUKe

Labels:

Thursday, August 14, 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NuMFHS8

Labels:

Wednesday, August 13, 2025

හරිනිගේ අගමැති තනතුර ගැන මහින්දගෙන් සහතිකයක්

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව ඇතුළේ එවැනි අර්බුදයක් නැතැයිද ඔහු සඳහන් කළේය.

අගමැති ධූරය ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන බවට උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව පැවසූ මහින්ද ජයසිංහ මහතා ගම්මන්පිල ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක වුණේ කවදාදැයි තමා නොදන්නා බවද ප්‍රකාශ කළේය.

The post හරිනිගේ අගමැති තනතුර ගැන මහින්දගෙන් සහතිකයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4Ff9EHu

Labels:

Tuesday, August 12, 2025

අද පස්වරු 2න් පසු කාලගුණයේ වෙනසක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

The post අද පස්වරු 2න් පසු කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4bqJ8ml

Labels:

Monday, August 11, 2025

මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ආරංචියක්! ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් බෝතල්වලට වතුර කලවම් කරලා!

ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබුණා.

මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එවැනි මත්පැන් බෝතල් 33ක් ද සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස්ජනරාල්තුමාගේ උපදෙස් පරිදි එම මත්පැන්හලට මුද්‍රා තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ආරංචියක්! ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් බෝතල්වලට වතුර කලවම් කරලා! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/23YUojy

Labels:

උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී

වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ.

ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් ඊයේ(10) දහවල් සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකරයෙකි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 56 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

The post උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OmUbIMW

Labels:

Sunday, August 10, 2025

සිලෝන් ටී සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 4ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ පළමු වරට Ceylon Tea Liquor නමින් තේ සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 04ක් ළඟදීම වෙළඳපොල වෙත නිකුත් කිරීමට සැරසේ.

මෙම නව නිෂ්පාදන පෙළ ACTION AVF (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අදාළ නිෂ්පාදන බලපත්‍රය ශ්‍රී ලංකා සුරාබදු නියෝග අනුකූලව නීත්‍යානුකූලව ලබාගෙන ඇති බව පැවසේ.

මෙම නවෝත්පාදන පෙළට,
01.Ceylon Tea Whisky 

02. Ceylon Tea Gin

03. Ceylon Tea Vodka

04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.

Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.

අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.

(source – srilankamirror)

The post සිලෝන් ටී සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 4ක් වෙළඳපොලට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uekwVHv

Labels:

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

The post ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6dtvwBb

Labels:

Saturday, August 9, 2025

පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ සැකකරුවෙක්ට කඩුවෙලදී වෙඩි

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී ඊයේ (08) පස්වරුවේ පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇත.

පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තැබූ බවයි.

තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

The post පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ සැකකරුවෙක්ට කඩුවෙලදී වෙඩි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BQIUSgw

Labels:

Friday, August 8, 2025

බොරුල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයෙක් මරුට

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රියේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූ අනෙක් සිව්දෙනා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

තුවාල ලැබූ සියලු දෙනා අවුරුදු 21,22,සහ 23 යන වයස්වල පදිංචිකරුවන්.

The post බොරුල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TPEerXi

Labels:

අදට යෙදී ඇති නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (8) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් වී පෝය දිනයකි.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරනවා.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සළකනු ලබනවා.

ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආදී වැදගත් සිදු වීම් රැසක් ශාසන ඉතිහාසයෙන් වාර්තා වෙනවා.

එමෙන්ම අද දින ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ ද විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කරනවා.

The post අදට යෙදී ඇති නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IWB326T

Labels:

Thursday, August 7, 2025

නීතීඥවරයෙකුගේ නීතීඥ කබාය ගැලවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත්කිරීම තුළින් නීතීඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්. ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී විසින් අදාළ නීතිඥවරයාට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව  අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවට මෙම වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාළිගාකන්ද මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වනදා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.

ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කළ අතර, ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවති අතර එහිදී වගඋත්තරකාර නීතිඥවරයාද සාක්ෂි ලබා දී ඇත. 

ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගනු ලබන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් බව මතක තබා ගත යුතු යැයි සඳහන් කළේය.

මෙම වතාවරණය මත වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියා කලාපය සමස්තයක් ලෙස මේ රටේ නීති වෘත්තියේ කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති ආකාරය පෙන්වීමට තවදුරටත් හේතු දැක්වීම අවශ්‍ය යැයි තමා නොසිතන බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව  වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥ භාවයෙන්  ඉවත් කිරීමට නියෝග කරන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සිය තීන්දුවේ දී සඳහන් කළේය.

ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ටර්වරයාට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විය.

The post නීතීඥවරයෙකුගේ නීතීඥ කබාය ගැලවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kH2Jxat

Labels:

Wednesday, August 6, 2025

වරප්‍රසාද කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය

ජනතාවගෙන් ලැබෙන වරප්‍රසාදය පවතින තාක්කල් වත්මන් රජයට තමන්ගේ ඕනෑම වරප්‍රසාදයක් ඉවත් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,

” ප්‍රශ්නයක් නැහැ අපිට. අපිට තියෙන වරප්‍රසාද ජනතාව දීපු වරප්‍රසාදනෙ.ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තියෙන තාක් කල් ඕන වරප්‍රසාදයක් අයින් කළාට කමක් නැහැ. මැද මුලන  විජේරාමට වඩා වැඩිය හොඳයිනෙ.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව පළිගැනීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.

The post වරප්‍රසාද කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/o8jUBFX

Labels:

8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට

වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදී ඊයේ (05) ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ කුඩා දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

ඒ නාගස්තැන්න සයිබන් එක අසලදීයි.

මියගිය දරුවා වයස අවුරුදු 08ක් වූ අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වැලිකන්ද පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ එළුවන් බැලීමට ගිය දරුවෙකු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇත.

වැලිකන්ද පොලීසිය සඳහන් කළේ, එම දරුවා ඊයේ සවස එළුවන් බැලීමට යන බව සිය මවට පවසා මෙලෙස ගොස් තිබූ බවත් ය.

The post 8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xJqV8a3

Labels:

Tuesday, August 5, 2025

ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

The post ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qXYSE6l

Labels:

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක්

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ.

ඒ සිය Truth Social හී සටහනක් තබමින්.

ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන් චෝදනා එල්ල කර තිබේ.

“මෙම හේතුව නිසා, මම ඉන්දියාව විසින් ඇමරිකාවට ගෙවන තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ දමනවා” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පනවන බවට ඔහු කළ නිවේදනයෙන් දින කිහිපයකට පසුවය.

The post ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9ktZYND

Labels:

Monday, August 4, 2025

විශ්‍රාම වැටුප වෙනුවට හිටපු මන්ත්‍රීවරුන්ට දීමට සැරසෙන දීමනාව

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක මහතා පෙරේදා (02) සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක සටහනක් තබා තිබුණි.

එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ බවයි.

මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බව ඔහු පවසා තිබුණා.

එම නිසා එවැනි යෝජනාවක් සම්මත කරගත හොත්, එය සම්මත කරන පිරිස්වලට විපාක විඳීමට සිදුවනු ඇති බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කර තිබුණි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා,

“ජනාධිපතිවරණයට කලිනුත් කිව්වා, මහ මැතිවරණයට කලිනුත් කිව්වා. ජීවත්වෙන්න දේශපාලනය කරන්න නෙමෙයි රටක් තියෙන්න ඕනේ. ලෝකේ කොහෙවත් මෙහෙම පහසුකම් නෑ. ජනාධිපතිවරු විශ්‍රාම ගියාම ඒ ජනාධිපතිවරු නඩත්තු කරන්න ඇයි තවදුරටත් ජනතාවට භාර දෙන්නේ. ජනතාවට බරක් වෙන්න. රටේ ජනතාවට තියා ගන්න බැරුව උතුරලා ගිහිල්ලා නෑ. තවමත් අපේ රටේ මිනිස්සු අන්ත දුක්විදින ප්‍රදේශ තියෙනවා. ඒ නිසා මේ ජනතා මුදලින් නඩත්තුකරන ඒක අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ඒ වෙනුවෙන් හදාගත්ත නීති වෙනස් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අපි අහෝසි කරලා දානවා. ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බෙයි. නැතුව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නෑ. අපි ඒක ඡන්දෙට කලිනුත් කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවා.

දේශපාලනය තමන්ගේ ජීවත්වෙන මාර්ගය කරගන්වා නම්, ඒ දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරපු ව්‍යාපාරයක්. ඒ නිසා කාටහරි මරාගෙන මැරෙන්න දෙයක් නෑ. එක නැතුව ජීවත් වෙන විදියක් නැතිනම් අපි අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදාගත්ත හැකියි.”

The post විශ්‍රාම වැටුප වෙනුවට හිටපු මන්ත්‍රීවරුන්ට දීමට සැරසෙන දීමනාව appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dnW52rI

Labels:

Sunday, August 3, 2025

ජනප්‍රිය නිළියක් හා සැමියා අත්අඩංගුවට?

ප‍්‍රසිද්ද රංගන ශිල්පිනියක් හා ඇගේ සැමියා රුපියල් ලක්ෂ 35කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් වීමට නියමිත බව වාර්තා වේ.

පානදුර ප්‍රදේශයේ ප්‍රකට පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයෙකු විසින් මේ සම්බන්ධයෙන් පානදුර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇත. අදාළ අධ්‍යක්ෂවරයා සහ නිළි යුවළ අතර හඳුනාගැනීමක් එම රෝහලේම වෛද්‍යවරයකු විසින් සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම යුවළ ඉවතලන කුඩා වීදුරු බෝතල් අපනයනය කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පවසා ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 3,611,248ක් ලබාගෙන ඇත. මෙම මුදල 2023 අගෝස්තු 08 සිට සැප්තැම්බර් 05 දක්වා කාලය තුළ වරින් වර ලබාගෙන ඇත. මුදල් ලබාගෙන ආපසු නොගෙවීම හේතුවෙන් අධ්‍යක්ෂවරයා විසින් මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම නිළිය මීට පෙරද වරක් පුද්ගලයන් විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක් වී ඇත. එම අවස්ථාවේදී නිවසින් පලා ගොස් සිට පසුව අධිකරණයට භාර වී ඇප ලබාගෙන ඇති අතර, අදාළ නඩුව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

දේශපාලන වේදිකාවල පවා පෙනී සිටි බව කියන මෙම නිළිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

(source – lankacnews)

The post ජනප්‍රිය නිළියක් හා සැමියා අත්අඩංගුවට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/B4QqFfV

Labels:

Saturday, August 2, 2025

බිත්තර සෝදා ගබඩා කරන්න එපා! ඔබ අනිවාර්යයෙන් දැනුවත් විය යුතුම කාරණාවක්!

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බවය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ පුලින රණසිංහ මහතා,

“බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. 

බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ඒකට ක්ෂුද්‍ර ජීවීන් වැටුණොත්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න බෑ. 

බිත්තර පාවිච් කරන අවස්ථාවේ සේදා ගන්න එක නෙමෙයි මේ කියන්නේ.

මම හිතන්නේ නෑ සෝදපු බිත්තර වෙළෙඳපොළේ ඇසුරුම්කර තිබෙනවා කියලා. බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියේදීම කුණු, දූවිලි, අසූචි තැවරෙන එක සීමා කරලා හොද තත්ත්ව කලමණාකරන ක්‍රමවේද අනුගමනය කරලා නිෂ්පාදනය කරන බිත්තර තිබෙනවා.

ලෝකයේ සාමාන්‍යයෙන් බිත්තර ඇසුම්කරන විට පිරිසිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් පිස දැමීම. එහෙම නැතුව සෝදන එක නෙමෙයි“.

The post බිත්තර සෝදා ගබඩා කරන්න එපා! ඔබ අනිවාර්යයෙන් දැනුවත් විය යුතුම කාරණාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IOP3509

Labels:

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (2) ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එහි දැක්වේ.

ඊට අමතරව බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zEYAiPC

Labels:

Friday, August 1, 2025

ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්! ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද පහත දමයි!

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.

ඒ අනුව දකුණු ආසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්තානයෙන් 19%ක් දක්වා ද අඩුකර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නොමැති අතර, එය 25% සීමාවේ එලෙසින්ම පවතියි.

The post ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්! ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද පහත දමයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9cLh0OA

Labels: