අද කාලගුණ නිවේදනය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ් බව සඳහන් කරයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.
තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/SicHxTL
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home