https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ලොවම බලා සිටි ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

Tuesday, August 19, 2025

ලොවම බලා සිටි ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්ලොද්මියර් සෙලෙන්ස්කි මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රුසියාව සමග යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බවයි.

සාකච්ඡාවෙන් පසුව සෙලෙන්ස්කිට ට්‍රම්ප් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවිය.

එම සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ වෙළඳ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත කිරිල් ඩිමිත්‍රීව් පවසා ඇත්තේ ධවල මන්දිරයේ පැවති රැස්වීම් ‘රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අතිශය වැදගත් දිනයක්’ ලෙසයි.

The post ලොවම බලා සිටි ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/r2Ybdhu

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home