බොරුල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයෙක් මරුට
බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්‍රියේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.
තුවාල ලැබූ අනෙක් සිව්දෙනා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුවාල ලැබූ සියලු දෙනා අවුරුදු 21,22,සහ 23 යන වයස්වල පදිංචිකරුවන්.
The post බොරුල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයෙක් මරුට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/TPEerXi
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home