https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වෙනුවෙන් සජිත් පෙරට එයි

Monday, January 26, 2026

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වෙනුවෙන් සජිත් පෙරට එයි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ‘X’ (ට්විටර්) ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම තීරණය අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හඬ අවදි කරන බවටද අවධාරණය කරයි.

ඕනෑම පුද්ගලයෙකුට දණ්ඩනයක් ලබා දීමට පෙර තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙහිදී උල්ලංඝනය වී ඇති බව ඔහු පවසයි.

නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව මෙලෙස සේවය අත්හිටුවීම බරපතළ ගැටලුවක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.විධිමත් පරීක්ෂණයකින් තොරව මෙවැනි තීරණ ගැනීම හරහා මෙය පෞද්ගලික පලිගැනීමක් මත පදනම් වූවක් ද යන සාධාරණ සැකය මතු වන බව ඔහු සඳහන් කරයි.

මෙවැනි පූර්වාදර්ශයන් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අතිශය භයානක තත්ත්වයක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

The post පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වෙනුවෙන් සජිත් පෙරට එයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ys0SeoU

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home