https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක්

Monday, January 19, 2026

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක්

තෛපොංගල් උත්සවය වෙනුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල් වෛද්‍ය වර්ජනය අද (19) පෙරවරු 8.00 සිට යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, පරීක්ෂණ නිමවන තෙක් ඔහුව එම ධුරයෙන් ඉවත් කරන ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා සිටියි.

පසුගිය අඟහරුවාදා ආරම්භ වූ මෙම වර්ජනය, උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව නතර කර තිබුණද, බලධාරීන්ගෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව සංගමය පවසයි.

අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේම රජයේ රෝහල් මීට සම්බන්ධ වේ.බාහිර රෝගී අංශයේ (OPD) කටයුතු සහ සායනික කටයුතු අඩාල විය හැකි අතර, හදිසි ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිසි පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය ක්ෂේත්‍රයේ විනය සහ පාලනය තහවුරු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් අවධාරණය කර සිටියි.

The post නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CdwApu3

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home