සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට CIDයෙන් කැඳවීමක්
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරයාට හෙට (12) පෙරවරු 10.00 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.
තමන්ව CID කැඳවීම පිළිබඳව අදහස් දක්වමින් සිරිවර්ධන මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ජනතාව තෝරා පත්කර ගත් රජයේ වත්මන් ස්වභාවය මෙයින් පැහැදිලි වන බවත් මෙය ”බෝනික්කන්ගේ ආණ්ඩුවක්” බවයි.
The post සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට CIDයෙන් කැඳවීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/04Je8cQ
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home