https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

Monday, January 5, 2026

මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙම නඩු විභාගය මෙහෙයවනු ලබන බවද සඳහන් වේ.

කෙසේවෙතත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ, මධුරෝ සහ අනෙකුත් වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ, කොකේන් එක්සත් ජනපදයට ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවටය. 

නිකොලස් මධුරෝට එරෙහිව 2020දී ද චෝදනා එල්ල වූ අතර, ඔහු එවකට එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

The post මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NsPSCGh

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home