https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: නව වසර සඳහා පාසල් පාවහන් බෙදාදීමේ සැලැස්මක්

Friday, January 2, 2026

නව වසර සඳහා පාසල් පාවහන් බෙදාදීමේ සැලැස්මක්

බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් සිසුන්ට පාවහන් බෙදාදීම සඳහා සකස් කර ඇති නියමු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ සාකච්ඡාවකට අද (01) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එක්විය. 

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ සාමූහිකත්වයෙන් සැලසුම් කර ඇති අතර එහිදී පැමිණ සිටි දේශීය පාසල් පාවහන් නිෂ්පාදකයින් සමඟ නිල වශයෙන් ගිවිසුම් අත්සන් කිරීමක් සිදුවුණි. 

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ කිසිදු ළමයෙකු මඟනොහැරෙන සේ අධ්‍යාපනය තහවුරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සතු වගකීමක් බවත්, එහිදී දරුවන්ගේ සුබසාධන කටයුතු මඟනොහැරිය හැකි කොටසක් බවත්, මෙය පාසල් ළමයෙකුට දෙන සපත්තු දෙකක් පමණක් නොව සෑම ළමයෙකුටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් හිමිකර දීම සඳහා වූ රාජ්‍ය සැලැස්මේ කොටසක් වන බවත් ය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය රජයේ සංවර්ධන සංකල්පයක් වන රාජ්‍ය, පෞද්ගලික අංශය සහ ජනතාව යන පාර්ශ්වයන්ගේ සහභාගිත්වය තුළින් සියලු දෙනාගේම ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් සකස් කර ඇති බවත්, නව වසරේ පළමු රාජකාරිය ලෙස මෙවන් සමාජ සත්කාරයක් කිරීමට හැකිවීම ආශීර්වාදයක් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

The post නව වසර සඳහා පාසල් පාවහන් බෙදාදීමේ සැලැස්මක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EIqePYU

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home