https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජූලි චන්ග් සිය රාජකාරිය නිම කරයි! අමාත්‍ය විජිත හේරත් හමු වී සමුගනී!

Saturday, January 10, 2026

ජූලි චන්ග් සිය රාජකාරිය නිම කරයි! අමාත්‍ය විජිත හේරත් හමු වී සමුගනී!

ශ්‍රී ලංකාවේ සිව් වසරක සේවා කාලය නිමා කරමින් මෙරටින් පිටව යන ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊයේ (09) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වී සමුගැනීමේ නිල සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

2022 වසරේ සිට 2026 දක්වා වූ කාලය තුළ අමෙරිකා – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇය දැක්වූ නොපසුබට උත්සාහය අමාත්‍යවරයා මෙහිදී අගය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇයගේ කැපවීම ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවයි.

මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විපත්තිය හමුවේ, ඇමරිකානු බලධාරීන්ගේ සහාය මෙරටට ලබා දීම සඳහා ඇය දැක්වූ කඩිනම් සම්බන්ධීකරණය වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතියද පළකර තිබෙනවා.

තානාපතිනි ජූලි චන්ග් 2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිය රාජකාරි ආරම්භ කළ අතර, වසර හතරකට ආසන්න සේවා කාලයකින් පසු ලබන ජනවාරි 16 වනදා ඇය මෙරටින් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

The post ජූලි චන්ග් සිය රාජකාරිය නිම කරයි! අමාත්‍ය විජිත හේරත් හමු වී සමුගනී! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/j8SDEbU

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home