https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පොලිස් සේවයට එක්වීමට හීන දකින්නන්ට සුබ ආරංචියක්

Wednesday, January 7, 2026

පොලිස් සේවයට එක්වීමට හීන දකින්නන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා පොලීසියේ පවතින නිලධාරී හිඟය ඉදිරි වසර තුනක කාලය තුළ 40,000ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව බඳවා ගැනීම් සිදු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (04) තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් විසිර යාමේ උත්සවයට එක්වෙමිනි.

පවතින දැඩි කාර්යබහුලත්වය හමුවේ සේවය කාර්යක්ෂම කිරීම සඳහා රජය පහත පියවර ගැනීමට තීරණය කර ඇත:

  • මේ වසර තුළ නවක පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීම.
  • සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ගැනීම.

දැනට පොලිස් සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 31,000ක පිරිසක් පමණක් බවත්, පවතින පුරප්පාඩු සේවයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

The post පොලිස් සේවයට එක්වීමට හීන දකින්නන්ට සුබ ආරංචියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zwhVZmd

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home