https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට හිමි වූ දැවැන්ත ඉලක්කය

Monday, January 12, 2026

ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට හිමි වූ දැවැන්ත ඉලක්කය

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 12 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරගාවලියේ ශූරතාව තහවුරු කරගැනීමට සඳහා පාකිස්තානයට ලකුණු 161ක අසීරු ඉලක්කයක් හිමිවිය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය රාත්‍රී 9.20ට ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 12කට සීමාකර පැවැත්විණි.

මෙහිදී කාසියේ වාසිය උරාගා දිනූ පාකිස්තානය නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

තරගාවලි පරාජයෙන් බේරීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.

The post ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට හිමි වූ දැවැන්ත ඉලක්කය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wHFcuoC

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home