https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අහස පොළොව නුහුලන අපරාධයක්! 7 හැවිරිදි පුංචි මල් කැකුළක් 35 හැවිරිදි කාමතුරයෙක්ට බිලි වෙයි!

Saturday, January 17, 2026

අහස පොළොව නුහුලන අපරාධයක්! 7 හැවිරිදි පුංචි මල් කැකුළක් 35 හැවිරිදි කාමතුරයෙක්ට බිලි වෙයි!

7 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු නාවලපිටිය පොලීසිය මගින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ නාවලපිටිය, වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසෙනි. සැකකරු සහ වින්දිත දැරිය එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

පසුගිය 15 වනදා පස්වරුවේ දැරිය නිවසේ නොමැති වීම හේතුවෙන් ඥාතීන් විසින් සිදුකළ සෝදිසියකදී ඇයව සොයාගෙන ඇත.

නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් වැටී සිටියදී පැය 4කට පමණ පසු දැරිය සොයා ගැනීමට හැකි වී තිබේ.

මූලික පරීක්ෂණවලට අනුව, බීමත්ව සිටි සැකකරු දැරියව නිවසින් මීටර් 500ක් පමණ ඈතට රැගෙන ගොස් අපයෝජනය කර එම ස්ථානයේම දමා ගොස් ඇත.

අපයෝජනයට ලක්වූ දැරිය විසින් සැකකරු හඳුනාගෙන ඇති අතර, ඇය ප්‍රකාශ කළ නම මත පදනම්ව ඥාතීන් නාවලපිටිය පොලීසියට පැමිණිලි කර ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය ප්‍රථමයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර ඇත.

ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

The post අහස පොළොව නුහුලන අපරාධයක්! 7 හැවිරිදි පුංචි මල් කැකුළක් 35 හැවිරිදි කාමතුරයෙක්ට බිලි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qeK6oVs

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home