https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි (වීඩියෝ)

Thursday, January 22, 2026

අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි (වීඩියෝ)

කිලිනොච්චිය ප්‍රදේශයෙන් අදහාගත නොහැකි ආකාරයේ පුවතක් වාර්තා වේ. තම වැඩිමහල් සහෝදරයා මරුමුවට පත්කළ ටිපර් රථයටම ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වීමේ පුවතක් මේ වන විට ප්‍රදේශය පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රදේශවාසීන් පවසන්නේ වැලි ජාවාරමක තොරතුරු හෙළි කළ බවට සැක කරමින්, එම ජාවාරමට සම්බන්ධ ටිපර් රථයකින් හිතාමතාම ඔහු යටකර මරා දැමූ බවයි. එම මරණය සම්බන්ධ නඩුව මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

අදාළ අනතුර සම්බන්ධයෙන් පොලිස් භාරයේ තිබූ එම ටිපර් රථය අධිකරණ නියෝග මත නිදහස් කිරීමෙන් පසු, වෙනත් රථයක ආධාරයෙන් මාර්ගයේ ඇදගෙන යමින් (Towing) තිබී ඇත. එහිදී පුදුම සහගත ලෙස මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයාද මෙම ටිපර් රථයේම ගැටී අනතුරට ලක්ව තිබේ.

මෙම දෙවැනි අනතුරෙන් බාල සහෝදරයාට හානියක් සිදු නොවුණද, මෙය අහම්බයක් නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති. පළමු මරණය මෙන්ම, මෙම අනතුරද සිතාමතා කළ බිය වැද්දීමක් බව ඔවුන්ගේ සැකයයි.

කිලිනොච්චිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

The post අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි (වීඩියෝ) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AI9FYR4

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home