https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අනිද්දා සිට කාලගුණයේ වෙනසක්

Wednesday, January 21, 2026

අනිද්දා සිට කාලගුණයේ වෙනසක්

දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ලබන ජනවාරි 23 වනදා සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වියළි ස්වභාවය තවදුරටත් දක්නට ලැබෙන අතර, උදෑසන කාලයේ පවතින අධික සීතල සහ මීදුම් සහිත තත්ත්වය පිළිබඳව දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ඉදිරි දිනවලදී පහත තත්ත්වයන් අපේක්ෂා කළ හැක.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

අලුයම් කාලයේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත් වල සහ ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්ක කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

පවතින මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

The post අනිද්දා සිට කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/85LCP0W

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home