https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ දිවි ගමනට සමුදෙයි

Tuesday, January 20, 2026

සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ දිවි ගමනට සමුදෙයි

ලාසිතා ලෝකයේ පෙරළිකාර අනන්‍යතාවයක් සනිටුහන් කළ සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 93 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

20 වන සියවසේ විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන වැලන්ටිනෝ, ස්පාඤ්ඤ සංචාරයකින් ලැබූ ආභාෂය මත සිය නිර්මාණ සඳහා රතු වර්ණය භාවිත කිරීමට හුරු විය.

  • ඔහුගේ සුප්‍රසිද්ධ ‘ෆියෙස්ටා’ (Fiesta) ඇඳුම එළිදැක්වීමත් සමඟ වැලන්ටිනෝ සන්නාමය ගෝලීය කීර්තියට පත්විය.
  • 2008 වසරේ පැවැති ඔහුගේ අවසන් විලාසිතා එකතුව ප්‍රදර්ශනය කිරීමේදී ද සියලුම නිරූපිකාවන් රතු පැහැති ඇඳුම් ඇඳ සිටීම විශේෂත්වයකි.

ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ සමීපතම නිර්මාණකරුවෙකු වූ වැලන්ටිනෝගේ සේවාදායකයින් අතර:

  • එලිසබෙත් ටේලර්, නැන්සි රේගන්, ෂැරන් ස්ටෝන්, ජූලියා රොබට්ස් සහ ග්විනේත් පැල්ට්‍රෝ වැනි ප්‍රකට තරු සිටියහ.
  • 2013 වසරේදී ස්වීඩනයේ මැඩලීන් කුමරියගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවූයේ ද ඔහුටය.

වැලන්ටිනෝගේ නිර්මාණ දිවිය පුරා දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබීය. විශේෂයෙන්ම 2023 වසරේ දෙසැම්බර් මස ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ පැවති බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේදී ඔහු විශිෂ්ට ජයග්‍රහණ සම්මානයෙන් (Outstanding Achievement Award) පිදුම් ලැබීය.

The post සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ දිවි ගමනට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0G3sFlQ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home