https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: දිවයින පුරා රෝහල්වල රජයේ විකිරණ තාක්ෂණවේදීන් වර්ජනයක

Wednesday, January 21, 2026

දිවයින පුරා රෝහල්වල රජයේ විකිරණ තාක්ෂණවේදීන් වර්ජනයක

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (21) දිනයේ දිවයින පුරා රෝහල් පද්ධතිය තුළ වර්ජන ක්‍රියාමාර්ග ද්විත්වයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පියවර නොගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මෙම වර්ජනය නිසා දිවයිනේ සියලුම රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල විය හැක.

මේ අතර, අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ‍වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් සාධාරණ විසඳුමක් ලබා දී නොමැති බවයි.

The post දිවයින පුරා රෝහල්වල රජයේ විකිරණ තාක්ෂණවේදීන් වර්ජනයක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bPCoLO3

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home