https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි සලකා බැලෙයි

Wednesday, January 28, 2026

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි සලකා බැලෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

තමා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත මෙම නඩුව පවරා ඇත. මෙම සිද්ධියට අදාළ විමර්ශන අද දින වන විට අවසන් කර වාර්තා කරන ලෙස පසුගිය නඩු වාරයේදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් 2025 අගෝස්තු මස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපතිවරයා, පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මීට පෙර නියෝග කළාය.

එම දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී, විමර්ශන 2026 ජනවාරි 28 වනදා වනවිට අවසන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

The post රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි සලකා බැලෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jApyIav

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home