https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: වාහන ආනයනය සීමා ගැන මහ බැංකු අධිපති කළ අලුත්ම ප්‍රකාශය

Thursday, January 29, 2026

වාහන ආනයනය සීමා ගැන මහ බැංකු අධිපති කළ අලුත්ම ප්‍රකාශය

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පවතින තත්ත්වයන් මත පදනම්ව මෙම වසරේදී එම වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා අඩු විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති විවරණයන් ඉදිරිපත් කරමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉකුත් 2025 වසරේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ එක්වරම ඉහළ ගිය අධික ඉල්ලුම මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි. සීමා ඉවත් කළ මුල් අවධියේ පැවති තීව්‍ර ඉල්ලුම සමනය වීම මෙලෙස ආනයන වියදම අඩුවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ආනයන සීමා ලිහිල් වීමෙන් පසු වෙළෙඳපොළ තුළ ඇති වූ සැපයුම් අවශ්‍යතාව මේ වන විට බොහෝ දුරට සපුරා ඇති බැවින්, ඉදිරි මාස කිහිපය තුළ විදේශ විනිමය වැයවීම් වඩාත් පාලනය වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

The post වාහන ආනයනය සීමා ගැන මහ බැංකු අධිපති කළ අලුත්ම ප්‍රකාශය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qlfRUFA

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home