https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි

Saturday, September 19, 2026

රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් සහ මෝටර් රථ දෙකක් ගැටීමෙන් ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ  මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතා බව අද දෙරණ වාර්තාකරු පැවමසීය.

පොලීසිය සඳහන් කළේ, දඹුල්ල දෙස සිට හබරණ දෙසට සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි විදුහල්පතිවරයාගේ මෝටර් රථයේ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවය.

වේගය පාලනය කරගත නොහැකිව බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැමිණ ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අනතුරින් පසුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී ඇති අතර, බස් රථය තවදුරටත් ඉදිරියට ගොස් සංචාරක හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටී අවන්හලක් වෙත කඩා වැදී තිබේ.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් පසු මෝටර් රථය තුළ සිරවී සිටි විදුහල්පතිවරයා ඉන් ඉවත් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විනාඩි 45කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක නිරත වී ඇකති බව වාර්තා වෙයි.

බරපතළ තත්ත්වයේ සිටි විදුහල්පතිවරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මහතා සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Q6tMAUB

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home