https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඇවන්ගාඩ් සමාගම ගැන දැඩි තීරණයක්

Sunday, September 27, 2026

ඇවන්ගාඩ් සමාගම ගැන දැඩි තීරණයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව කළ මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කිරීමට කෝප් කමිටුව පියවර ගෙන ඇත.

ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම මෙම සේවාවට එක්කර ගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් හමුවේ සභාපතිවරයා මෙන්ම කාරක සභා සාමාජික දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද මෙම ගිවිසුම්ගත වීම් සිදුකළේ කාගේ අවශ්‍යතාව මතදැයි ප්‍රශ්න කර සිටියේය.

අදාළ සමාගම සමඟ ඇති සියලු ගිවිසුම් අහෝසි කිරීමටත්, රජයට වූ පාඩුව අයකර ගැනීමටත්, ඊට සහය දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

The post ඇවන්ගාඩ් සමාගම ගැන දැඩි තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RBseiZo

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home