https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS

Saturday, December 20, 2025

ඔන්ඩෙන්සෙට්‍රෝන් ගැන හොයන්න කමිටුවක්

මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙන්සෙට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ අදාල කමිටුව විසින් ඔන්ඩෙස්ට්‍රෝන් භාවිතයෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම එම ඖෂධයේ සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති බවයි.

ඔන්ඩෙන්සෙට්‍රෝන්නැමැති ඖෂධය මෙරට තුල දෙලක්ෂයකට ආසන්න පිරිසක් භාවිත කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

The post ඔන්ඩෙන්සෙට්‍රෝන් ගැන හොයන්න කමිටුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0njAfsT

Labels:

ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පුද කරයි

දිවයිනට බලපෑ දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) සමඟ ඊයේ (19) පැවැත්වූ දුරකථන සංවාදයකදීයි.

ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, පවතින අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ධෛර්යය ප්‍රාර්ථනා කර තිබෙනවා.

ආපදාවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සහ ඉදිරියේදී ලබාදිය හැකි සහයෝගීතාව පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇති බව සඳහන්.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ ෂෙයික් මොහොමඩ් බින් සයීඩ්, ස්වභාවික විපත් හමුවේ ශ්‍රී ලංකාවට සහය වීමට තම රට සැමවිටම කැපවී සිටින බව‍යි අවධාරණය කර සිටියේ.

ආපදා තත්ත්වය ඇති වූ වහාම ‘එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්’ (Emirates Red Crescent) සහ අනෙකුත් සහන සේවා හරහා එමීර් රාජ්‍යය සිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

The post ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පුද කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CLomEdj

Labels:

රටම බලා සිටි IMF තීරණය ලැබෙයි

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

The post රටම බලා සිටි IMF තීරණය ලැබෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XYEOBu4

Labels:

Friday, December 19, 2025

119 අවභාවිත කළොත් වැඩ වරදී

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

‘119’ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද මෙම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලබා දෙමින් එය අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන අතර මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරිම තුලින් මෙම අංකය ඔස්සේ පොලිසියේ සහය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශ්‍ය හදිසි පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබී යන බව පොලිසීය පවසනවා.

එසේම, මෙම 119 ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, රජයේ සේවකයෙකු වෙත දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඒ අනුව පොලිසියේ සහය සෘජුවම අවශ්‍ය නොවන වෙනත් ආයතන හා සම්බන්ධ වීමට පහත සඳහන් කෙටි දුරකථන අංක භාවිතා කර මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නා ලෙසත් මෙම හදිසි ඇමතුම් අංකය අවභාවිතා නොකරන ලෙසත් පොලීසියෙන් දැනුම්දීමක් කරනවා.

01. Police Emergency Service – 119
02. Ministry Of Child Development and Women’s Affairs (Women Help Line) – 1938
03. Ministry Of Child Development and Women’s Affairs (Child Help Line) – 1929
04. Fire and Rescue Service – 110
05. National Transport Commission – 1955
06. Drug Organized Crime Issues Emergency Notification unit – 1997
07. The Bureau for the Prevention and Investigation of Abuse of Children and women – 109
08. Emergency Call Center (Tamil Medium) – 107
09. Commission to Investigate Allegations of Bribery or Corruption – 1954
10. Expressway Emergency – 1969
11. Department of Immigration and Emigration – 1962
12. National Dangerous Drug Control Board – 1984
13. Sri Lanka Bureau Of foreign Employment – 1989
14. National Help Desk (Ministry of Defance) – 118
15. Disaster Management Call Center – 117
16. Sri Lanka Tourism – 1912
17. Government Information Center – 1919

The post 119 අවභාවිත කළොත් වැඩ වරදී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UTd6krE

Labels:

Thursday, December 18, 2025

දිස්ත්‍රික්ක 2කට නාය යෑම් පිළිබඳ රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර සහ මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩහින්න, හඟුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව, හෙට (19) අලුයම 2.30 දක්වා 3 මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

The post දිස්ත්‍රික්ක 2කට නාය යෑම් පිළිබඳ රතු නිවේදන appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cJ5e6oC

Labels:

Wednesday, December 17, 2025

අද තද වැස්සක්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි.

නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද තද වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9wbRrBC

Labels:

Tuesday, December 16, 2025

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මියගිය බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය පිළිබඳ පැතිර යන කටකතා අසත්‍ය බව සංගීතවේදී මහින්ද බණ්ඩාර ‘හිරු tv’ වෙත පවසා තිබෙනවා.

ඇය මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලක පටන් වයස්ගත වීම හේතුවෙන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

The post හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මියගිය බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1oMRHbf

Labels: